Pages

Friday, May 28, 2010

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!




අච්චාරැවට ආපු හැම දෙනාටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!!! කියල අච්චා ඉතසිතින්ම ප්‍රර්ථනා කරනවා හැමෝම තම තමන්ගෙ BLOG වල වෙසක් වෙනුවෙන් මොන මොනාහරි දාල තියනවා දැක්කා..මමත් බුදුගුණ ගිත අතරින් මම කැමතිම බුදුගුණ ගිතය දාන්න හිතුවා. ඔයාලත් කැමතිනම් මෙක අහල බලන්න..හැබැයි මෙතනින් අහනවනමි සමහර විට real player ඒක ඔන වෙන්න පුලුවන්.......

නිවන් දුටු හිමි රුවන් පිළිරුව......

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගායනය :වික්ටර් රත්නායක.
පදරචනය :ප්‍රේමකිර්ති ද අල්විස්.

සිංදුව අහන්න:

අවශ්‍යනම් real player ඒක ගන්න

2 comments:

Hasitha Gunasinghe on May 28, 2010 at 3:14 PM said... [Reply ]

සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා මිත්‍රයා !!!

රත්නේ on May 28, 2010 at 5:10 PM said... [Reply ]

බොහොම ස්තුතියි මිත්‍රයා!!! ඔබටත් එසේමැයි...

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...