Pages

Saturday, July 3, 2010

කෙල්ලෝ නිසා වෙච්ච වැඩ.....




මේක අපේ හොදම මිත්‍රයෙකුට වෙච්ච සිද්දියක්. කැම්පස් එකේදි අපි බුවාට කථාකරන්නේ සුකා කියලා... දැන්නම් ඉතින් සමහර අය දන්නවත් ඇති කවුරැ ගැනද මේ කියන්නෙ කියල. සුකට නම හැදුනු හැටි පිටිපස්සෙත් ලොකු කථාවක් තියනවා ඒකනම් කියන්න බෑ, කිවුවොත් ඌ මගෙ ඔලුව කයි. සුකා ගැන ලියනව නම් පොතක් ලියන්න උනත් කරැණු තියනවා ඒතරමට ආතල් සීන් තියනවා ඌට වෙච්ච......

සුකා A/L කරන කාලේ දවසක් teacher’s ලට meeting එකක් තිබ්බලු. ගොඩාක් ගුරැවරැ ඒකට ගිය නිසා, ඉස්කෝලේ විදුහල්පති තුමා කල්පනා කලාලු ඉහල පංතිවල ලමයි දම්මල පහල පංතිවලට උගන්වන්න.. A/L ලමයිට ප්‍රන්සිබල් ඇවිල්ල කිව්වලු ලමයි කැමති පංතියක් තෝරගෙන උගන්වන්න කියල...

ඒ දවස්වල 8 පංතියේ හිටියලු ටිකක් ඇහැට කණට පේන,අපේ සුකාගේ මිටරේට වැටිච්ච කෙල්ලෙක්.ඒක මතක් වෙලා පොරත් පැනපු ගමන් බාරගත්තලු 8 වසරට විද්‍යාව උගන්වන්න. සුකා ඉතින් ඩයල් එක වගේ පංතියට ගිහින්, උගන්වන්න කලින් ළමයි දිහා එහෙම හොදට බලලා ඇහුවලු "කොතනද teacher අන්තිමට නවත්වලා තියෙන්නෙ" කියලා.

අලුතෙන් පටන් ගන්න තිබිල තියෙන්නෙ චලිතය පාඩම.ඉතින් සුකත් චලිතය පටන් ගත්තලු. දැන් පොර ප්‍රශ්ණ අහනවලු ලමයි ගෙන්..

"ආ ඔයාල කියන්න බලන්න වාහනයක් කෙලින් ගමන් කරනවා මොකක්ද චලිතය"

ළමයි : "සරල රේඛිය චලිතයක්..."

"එතකොට නුලකින් ගලක් ගැටගහල කරකවනවා මොකක්ද චලිතය"

"වෘර්ත චලිතයක්..."

"විදුලි පංකාවක් කැරැකැවෙනවා මොකක්ද චලිතය"

"භ්‍රමණ චලිතයක්..."

ඔහොම ප්‍රශ්ණ අහන ගමන් සුකා අර කලින් කියපු කෙල්ල දිහාමලු බලාගෙන ඉන්නේ.ඉතින් පොරගෙත් පොඩ්ඩක් වයර් මාරැ උනාලු කෙල්ලව දැකලා.. ඊට පස්සෙ මේ යකා ඒ කෙල්ල දිහා බලාගෙන ඇහුවලු...

"පොල් ගෙඩියකින් පොල් ගහක් වැටෙනවා මොකක්ද චලිතය...." කියලා

මුලු පංතියටම බකස් ගාලා හිනා ගියාලු, ඊට පස්සෙයි පොරට තේරිල තියෙන්නේ ප්‍රශ්නේ ඇහුවෙ අනිත් පැත්තට නේ කියලා. කොල්ලට පොලොව පලාගෙන යන්න හිතිලා වෙච්ච චාටර් වැඩෙට...

ආතල් සීන් එක කියන්නේ ලගදි දවසක සුකා කෑල්ලත් එක්ක බස් ඒකේ යද්දි අර කෙල්ලව හම්බුනාලු. දැන් කෙල්ල A/L ක්ලාස් එකේලු ඉන්නේ.. සුකාව දැක්ක ගමන් ඒ කෙල්ල කිව්වලු "පොල් ගෙඩියකින් පොල් ගහක් වට්ටපු අයියා කැම්පස් ගියානම් අපි යන තැන හිතාගන්නවත් බෑ නේද?" කියලා. මුට ආයේත් වහ කන්න හිතිලා ඇයි කෑල්ලත් ඉස්සරහනේ කෙල්ල මේ කථාව කියල තියෙන්නේ...අනේ ඉතින් අහිංසකයා මුකුත් කියන් නැතුව පාඩුවෙ ඇවිල්ලා...

නිකන් ඉන්න වෙලෙට අපි එහෙම අහනවා "සුකා අර නංගිව ඒහෙම හම්බුන් නැද්ද ආයේ" කියලා. ඒහෙම වෙලේට නම් කොල්ලා හොද පද ටිකක් කියල, නංගිගෙ අම්මා තාත්තව එහම මතක් කරන්නව අපුරැවට...

හි හි...

12 comments:

BLOG ගඩොල් on July 3, 2010 at 7:37 AM said... [Reply ]

හික් හික්!! සිරා කතාව මචෝ!

සුද්දා on July 3, 2010 at 9:29 AM said... [Reply ]

හික්!! හික්!!

nirosha on July 3, 2010 at 10:01 AM said... [Reply ]

නියම කථාවක්නෙ යාළුවා.

සෝරෝ on July 3, 2010 at 1:51 PM said... [Reply ]

පට්ට සීන් එක...

Hasitha Gunasinghe on July 3, 2010 at 2:48 PM said... [Reply ]

පට්ට කතාව බොස්. සුකා දැන් කැම්පස් කෑල්ලක්ද කරන්නේ ?

පිස්සා පලාමල්ල on July 3, 2010 at 3:32 PM said... [Reply ]

හික් හික්. සුකා ට කෙල්ල සෙට් උනෙම නැද්ද ඉතින්.

Chinthana Jayaweera on July 3, 2010 at 4:06 PM said... [Reply ]

aathal machan!

රත්නේ on July 3, 2010 at 6:02 PM said... [Reply ]

@hasitha
@පිස්සා පලාමල්ල

කැල්ලක් ඉන්නවා මචංලා,සුකා බාල අපරාධයක් කරගත්තා... කෙල්ල තාම 12 වසරේ.කොයි වෙලේත් මු ගෙදර දුවන්න හදන්නෙ ඔක හින්දා තමා.

Anonymous said... [Reply ]

හෙහ්හේ,,, පව් වැඩේ....

C0de BlUe on July 5, 2010 at 10:06 AM said... [Reply ]

හි හි මරු වැඩේ !!

රත්නේ on July 6, 2010 at 3:55 PM said... [Reply ]

කමෙනෙට්ටු දාපු හැමෝටම බොහොම ස්තුතියි!!!!

Anonymous said... [Reply ]

පට්ට ස්ටෝරියනෙ

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...