Pages

Wednesday, July 21, 2010

මහපොලත් හම්බුනා කියහන්කො....



පහුගිය 19 වෙනිදා අපිට මහපොල හම්බුනා. මමත් ඒක හම්බෙන කම් ඇගිලි ගැන ගැන හිටියෙ මටම කියල ඩොන්ගල් එකක් ගන්න.මෙච්චර කල් මම පාවිච්චි කරේ යාළුවෙක් ගෙන් ඉල්ල ගත්ත ඩොන්ගල් එකක්. ඒක නැති උනහම ඉතින් ෆොන් එකෙන් තමා Blog එක පැත්තේ හරි ආවේ...

මහපොල විදිහට අපිට රැ:7500ක චෙක් එකක් හම්බුනා, ලංකා බැංකුවෙන් මාරැකර ගන්න. එදා ඉරිදා නිසා මාරැ කරගන්න උනේ පහුවදා. කොහොම හරි එක මාරැකර ගෙන යුනටි ප්ලාසා ගිහින් තමා භාන්ඩෙ ගත්තේ.

අම්මෝ ඒවයෙ ගනන් ඇහුවහනම් බඩ පපුව දාල යනවා, forlink එකක් ගන්න තමා try කලේ ඒත් ඒවා නමදාස් ගානක් කියහන්කො... ඉතින් කොහොමද අපිවගේ අහිංසකයො ඒවා ගන්නේ..අන්තිමට හැමතැනම ඇවිදලා හුවාවේ එකකට set උනා 6000 හකට. කොහොමද භාන්ඩේ...


බුදු ඉස්පිඩ් එකක් බලාපොරොත්තු උනාට එහෙම එකක් නම් නෑ.ඒත් අවුලක් නැකියල හිතෙනවා ෆොන් එකට වද දෙනවට වැඩිය මේක ගොඩක් හොදයි. කොහොම උනත්,මෙසේ මිලදි ගත් ඩොන්ගලය දිගුකාලයක් යහතින්, හොදින්,දැහැමින් පාවිච්චි කරන්න ලැබේ...වා..! කියල මම ප්‍රර්ථනා කරනවා ඔය ගොල්ලොත් එහෙම හිතාගෙන සාධු! කාරයක් දෙන්න….

17 comments:

SIDATH on July 21, 2010 at 12:14 PM said... [Reply ]

එළ එළ ! දැන් අපිට හැමදාම පෝස්ට් බලන්න පුළුවන් වෙයි.

සාදු ! සාදු ! සා.... ! :D

රත්නේ on July 21, 2010 at 1:34 PM said... [Reply ]

@තර්ඩ් මෑන් (SIDATH)
ස්තුති සහෝ කමනෙට්ටුවට,අනිවා! පුලුවන් හැම වෙලෙම ලියනවා...

Niranjan | නිරන්ජන් on July 21, 2010 at 2:50 PM said... [Reply ]

Malli oyaa ge title bar effect eka ddapu code eka mata email karanna puluwanda?
nirarat@gmail.com
www.niraarts.blogspot.com

රත්නේ on July 21, 2010 at 3:55 PM said... [Reply ]

@Niranjan | නිරන්ජන්
ok අයියා!,සුලු දෙයක්...

පිස්සා පලාමල්ල on July 21, 2010 at 4:22 PM said... [Reply ]

හොඳට වැඩ කරන්න වද නොදෙන්න කියල ප්‍රාර්තනා කරනව :)

Anonymous said... [Reply ]

මල්ලියෝ achcharuwa කියල සිංහලෙන් ලියන්නෙ "අච්චාරුව" විදිහටයි. "අච්චා‍රැව" කියල නෙවෙයි.
ජය!

C0de BlUe on July 21, 2010 at 7:38 PM said... [Reply ]

සාදු සාදු සාදු ..... !!!

Anonymous said... [Reply ]

එල ම කිරි තමා....සාදු! සාදු! සාදු! :D

kumaraya on July 21, 2010 at 8:54 PM said... [Reply ]

බොහොම හොඳයි ... ජයම වේවා.

රත්නේ on July 22, 2010 at 3:44 AM said... [Reply ]

@පලාමල්ල
@හිඟන්නා
@Hasitha
@Kumaraya
ස්තුති මචංලා කොමෙනෙට්ටුවට...

@Anonymous (July 21, 2010 6:04 AM)
ස්තුති අයියේ වැරද්දක් පෙන්නල දුන්නට,මම ඒක හරිගැස්සුවා. නිතරම ඇවිත් අඩුපාඩු තියෙනම් පෙන්නල දෙන්න... නැවතත් ස්තුති. ඔබට ජය!

Hasitha Gunasinghe on July 22, 2010 at 8:11 PM said... [Reply ]

උඹ නම් මාර ඉක්මන් නේ බන්. මට තාම චෙක් එක මාරු කරන්න වුණෙත් නැහැ.

එදාම මම පොඩි competition එකක් set කළා. ඉක්මණටම 7500 වියදම් කරන කෙනායි අඩුම කාලෙකින් වියදම් කරන කෙනායි හොයමුද කියලා. මම නම් තාම competition එකට ආවෙත් නැහැ.

ආරංචිවල හැටියට සඳුදා දවසේ කිරිබත්ගොඩ ඇඳුම් කඩවල පිරෙන්න කැම්පස් එකේ කෙල්ලෝ හිටියලු :)

Sam on July 23, 2010 at 9:59 AM said... [Reply ]

සාදු සාදු..හැබැයි ඇතුලත්මුදලි මහත්තයා මහපොළ ඇතිකළේ ඕව කරන්නනම් නෙවෙයි රජෝ..හිකිස්..

රත්නේ on July 23, 2010 at 2:47 PM said... [Reply ]

@Hasitha
සිරා මචං මම තමයි අපේ උන්ගෙනුත් ඉස්සල්ලම චෙක් එක මාරැ කලේ...හි හි..උඔ වියදම් කරපු හැටිත් දාපන් හරිද..

@ධනංජය
ඇත්ත මචං ඒත්,ඇතුලත්මුදලි මහත්තයාට පිස්සු හැදෙනවා අපේ EM ඒකේ කෙල්ලොටික car වලින් ඇවිත් මහපොල අරන් යනවා දැක්කනම්..

Naදී on July 26, 2010 at 10:37 AM said... [Reply ]

මම නම් අච්චාරුවෙන් ටිකක් රස බැලුවෙ අද. රහ වැටුණ නිසා ආය අච්චාරු රහ බලන්න මාත් එනවා. දැන් මහපොල 7500 කරලද? අනේ අපි ගත්තේ 2000යි. මාස ගානක එරියස් නම් 8000ක් විතර එකම එක පාරක් ලැබුනා. මඟුල් තමයි එදා.අපේ කාලෙත් කාර් වලින් ඇවිත් 2000 ගෙනිච්ච කට්ටිය හිටියා.

Hasitha Gunasinghe on July 26, 2010 at 6:41 PM said... [Reply ]

@Naදී

එකපාර 7500 ක් හම්බුණේ නැහැ අක්කේ. මාස 3 ක වාරික එකපාර හම්බුණා ඒකයි 7500 ක් හම්බුණේ. මේ දවස්වල අන්තරේ උත්සහා කරන්නේ 2500 මහපොළ 5000 දක්වා වැඩිකරගන්න

රත්නේ on July 26, 2010 at 10:09 PM said... [Reply ]

@Naදි

ස්තුති! අක්කේ අනිවාර්යයෙන් ආපහු එන්න..
හසිත කියපු විදිහ තමා උනේ,මාස 3ක වාරික ලැබුණා අපිට...

Naදී on July 28, 2010 at 9:45 PM said... [Reply ]

@Hasitha: ඒකනම් සතුටුදායක ආරංචියක්. ඇත්තටම අවු.2ට කලින් මදිවුණ 2000ට 500ක් එකතුකලා කියලා දැන් ඇති වෙයි ඇයි. උත්සාහය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...