Pages

Monday, July 5, 2010

අපුරැ තැග්ග



ගොඩ දවසකින් විහිළු කථාවක් දාන්න බැරිවුන හින්දා කථාවක් දාන්න ඔන කියල හිතුනා... මේ කථාවත් ඉතින් ඇම්ඩා ගැන තමයි.. කොහොමද අහද්දිත් පොඩි කික් එකක් එනවා නේද ඇගට.

ඔන්න ඉතින් ඇම්ඩාලෑ නැන්ද කෙනෙක් හිටියලු පිටරට.ඒ නැන්දා ඇම්ඩාලෑ පවුලට එවුවලු අපුරැ තෑග්ගක්. ඒතමයි රොබෝ කෙනෙක්.මේ රොබෝගෙ පොඩි විශේෂත්වයක් තියනවලු. කවුරැ හරි බොරැවක් කිව්වහම,කම්බුලට ගහනවලු තරැ විසිවෙන්න....

රොබෝ ගෙනාවට පස්සෙ දවසෙ ඇම්ඩා ඉස්කොලෙ ඇරිල ආවේ සෑහෙන්න පරක්කු වෙලාලු. ඇම්ඩාගේ තාත්තා ඇහුවලු

"මොකද පුතේ අද මෙච්චර පරක්කු" කියලා...

ඇම්ඩා කිව්වලු "තාත්තෙ, අද අපිට හවස පංතියක් තිබ්බනෙ ඒකයි" කියලා.

එතකොටම කොහෙද හිටපු රොබෝ දුවගෙන ඇවිත් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු හොද පාරක්, ඇඩ්රස් නැති වෙන්න.....

තාත්ත කිව්වලු," පුතේ දැන් බොරැ කියන්න හම්බෙන් නෑ, ඇත්ත කියපන් කොහෙද ගියේ " කියලා...

ඇම්ඩාත් වැඩේ කොටඋඩ කියල තේරිල කිව්වලු,

"තාත්තෙ මම චිත්‍රපටියක් බලන්න ගියා" කියලා

ඒ පාර තාත්තා ඇහුවලු

"ආ..කියපන් බලන්න බලපු චිත්‍රපටිය මොකක්ද කියලා....."

ඇම්ඩා කියනවලු " තාත්තෙ ඒක ලමා චිත්‍රපටියක් කියලා "

ඔක ඇහුනු ගමන් රොබෝ ආයිත් පාරක් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු කලින් එකටත් වඩා හයියෙන්. ඇම්ඩා හොදටම බයවෙලා තාත්තට ඇත්තම කිව්වලු, බැලිනම් මේ යෝධයා බලලා තියෙන්නෙ ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටියක්ලු. ඒක දැනගත්තු ගමන් තාත්තටත් යකා නැගලා....

" ඈ..යකෝ උඔ මේච්චර පොඩිකාලේ ඉස්කෝලෙ යනවා කියලා ඔවද කරන්නේ...අපි ඒ කාලෙනම් කවදාවත් ඔවා කරේ නෑ....."

කියල ඉවර වෙන්නවත් හම්බුනේ නැලු, රොබෝ පැනපු ගමන් තාත්තටත් දුන්නලු හොද කනේ පාරක්..
මේ සීන් එක බලන් හිටපු ඇම්ඩාගේ අම්මා, තාත්තා කණ අල්ලන් ඉන්නවා දැකල කිව්වලු...

" හ්ම්....පුතාගෙම තාත්තනේ ඉතින් ...." කියලා

පැනපු ගමන් රොබෝ අම්මටත් දුන්නලු හොද කනේ පාරක් ........

හි.. හි....

9 comments:

uS on July 6, 2010 at 1:02 AM said... [Reply ]

නියම කතාව.... :D :D :D

දුමී on July 6, 2010 at 6:47 AM said... [Reply ]

නියමයි . . . . ! තව දාන්න . . . !

රත්නේ on July 6, 2010 at 9:53 AM said... [Reply ]

ස්තුතියි මිත්‍රයා !!!

ඉලංදාරියා on July 6, 2010 at 2:03 PM said... [Reply ]

niyamai..........

C0de BlUe on July 7, 2010 at 12:06 PM said... [Reply ]

අඩේ මරුනේ !!

Anonymous said... [Reply ]

samahara aya loku unama unge podikale amathaka wenawa.

Hasitha Gunasinghe on July 17, 2010 at 8:32 AM said... [Reply ]

අවාසනාවට ඇත්ත කතාවක් :)

Anonymous said... [Reply ]

patta ptta ....

Anonymous said... [Reply ]

:t

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...