Pages

Saturday, July 24, 2010

කාරුත් wash කලා කියහන්කෝ....



අද අපේ පොඩි function එකක් තිබ්බා.ඒ තමයි car wash එකක් පැවැත් විම.. Batch meeting එකේ කියපු විදිහට අපේ අය ගොඩක් දෙනෙක් වැඩේට Faculty t-shirt එක ඇදගෙන ඇවිත් තිබුනා. මගේ t-shirt ඒකේ බුල් මතු වෙලා ඒක ඇන්දම නිකන් බුල් බල්ලා වගේ...ඔන්න ඔහේ කියල මම නම් ගියෙ සාමාන්‍ය shirt එකක් ඇදගෙන. අද සෙනසුරාදා උනත් අපිට උදේ lectures එකක් තියනවා. ඒක ඉවර උනේ 10ට. 10ට ඉවර වෙලා අපි කැම්පස් එක ඉස්සරහට එද්දිත් අපේ අනිත් උන් වැඩේ පටන් අරන්..Car නවත්තලා දමාගෙන හොදනවා, කෙල්ලො ටික එහෙම බැහැල වැඩ...






අපිට නම් ඔය හේදිලි පුරැදු නැති නිසා කොඩියක් අරන් මමත් පාරට බැස්සා,වාහන නවත් වන්න.එත කොටම වෙව්වා කොහෙද ඉදන් දුවගෙන ඇවිත් ස්ටිකර් වගයක් දුන්නා විකුණහන් කියලා.ස්රටිකර් එකක ගාන රැ:50යිලු. රැ:50 කට තියා ඒක රැ:10කට වත් විකුණගන්න බැරි ස්ටිකර් එකක්..කිසිම පෙනුමක් නෑ. ඉතින් කොහොමද කියහන්කො මේවා විකුණන්නේ....

ඒ අස්සෙ සුකා කැගහන සද්දයක් ඇහිල බැලුවා.මු කට කන්දෙක ගාවට අරන් හිනාවෙනවා..හරියට හතර මහ නිධානේ පහල වෙලා වගේ,මම
"මොකද යකෝ" කියල ඇහුවා..
"මචං මාර වැඩක් උනානේ ,මම කාර් කාරයෙක්ට ස්ටිකර් එකක් දුන්නා, ඌ ස්ටිකර් එක ගත්තෙත් නැ රැ.100 දුන්නා"

මුට ඉතින් හෙන සොමිය ඇයි මෙවා යන්නේ සාක්කුවට නේ...

ඔය අස්සෙ සිරාම වැඩක් උනා, පාරේ ගිය වෑන් එකක් නතර කරගත්තා අපි හොදන්න කියලා.වෑන් එකේ හිටපු අංකල් නම් වාහනේ හොදන්න කැමති උනේම නෑ.ඒත් අපි "අංකල් මේ කැම්පස් එකේ වැඩක්,පොඩි හෙල්ප් එකකටත් ඒක්ක ඇවිත් වාහනේ හොදගන්න..." කියල පානිය දාපු නිසා අංකලුත් වාහනේ හොදන තැනට ගත්තා. වාහනේ ගන්න කොටම කොන්ක්‍රිට් එක කැඩිලා මතුවෙලා තිබ්බ කම්බියක වැදිල,ඉස්සරහ රෝදෙ patch එකක් ගියා කියහන්කො...



දැන් අපිට උනේ වාහනේ හොදන එක නෙමේ,රෝදෙ මාරැ කරන්න වෙච්ච එක.වෑන් එකේ Jack එකක් වත් නෑ අපේ උන් දෙන්නෙක් ගියා Jack එකක් හොයාගෙන එන්න.ටික වෙලාවකින් Jack හොයන්න ගිය උන් දෙන්නත් නෑ..අපේ අනිත් අයත් වෙන වාහනයක් නතර කරගෙන හොදනවා වගේ වගක් නැතුව..අංකලයටත් ටිකක් තද වෙලා..
"පුතා මේ රෝදෙ ගැන පොඩ්ඩක් බලනවද? "
"හරි හරි අංකල් Jack එකක් ගෙන්න ගියා ටිකක් ඉන්න.."

කොහොම හරි ටිකක් පරක්කු වෙලා උනත්, අපි රෝදෙත් මාරැ කරල, වාහනෙත් හොදල දිල අංකල්ව ශේප් කරල යැව්වා..

අපි නවත්තපු කාර් එකක හිටපු අයිති කාරයෙක් මගෙන් ඇහුවා "මල්ලි කාර් එක හොදන්න කියක් ගන්නවද" කියල
මමත් කිව්වා "රැ100 විතර දෙන්න අයියෙ" කියල. පොරත් පටගාල කාර් එක දාල හොද ගත්තා..
සල්ලි දෙන්න යද්දි ගාන කියද කියල ඇහුවහම අපේ අය රැ300 කියලා. එත කොට කාර් කාරයා කියාපි
"ඇයි මම කලින් අහද්දි ඔයාලෑ කෙනෙක් කිව්වෙ රැ100 කියලා..."
පොර නිකන් වට පිට බලනවා මාව හොයනවා වගේ..මම පට ගාල මාරැ උනා. පව් අහිංසකයා 300 ගෙවල ගිහින්..

ඔය අස්සෙ setup වලින් සිංදු දාගෙන යකා අයියල එහෙම පිස්සුම තමා නැටුවෙ..


කොහොම උනත් අද දවසනම් මරැ.... ඒක නිසා Post එකක් දාන්න හිතුනා.

5 comments:

Hasitha Gunasinghe on July 25, 2010 at 2:01 PM said... [Reply ]

එල එල කොල්ලා. විද්‍යාර්ථීන් වුණාම ඕවාත් දැනගෙන ඉන්න ඕනේ :)

Anonymous said... [Reply ]

එල එල...කා වොශ් එකක් කියන්නෙ පට්ට ආතල් ගන්න පුලුවන් වැඩක්

රත්නේ on July 27, 2010 at 9:07 AM said... [Reply ]

@හසිතල දෙන්නටම:තැන්කු මචං කොමේනෙට් වලට...

C0de BlUe on July 27, 2010 at 3:13 PM said... [Reply ]

මොනා උනත් ෆන් වැඩේ ඕක .....

රත්නේ on July 27, 2010 at 4:12 PM said... [Reply ]

@හිඟන්නා
සිරා මචං සිරා....

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...