Pages

Wednesday, August 18, 2010

''ලෝටා''ගේ රහස..




ඇත්තටම අපේ batch එකේ ඉන්න හොදම කොල්ලෙක් තමා ලෝටා කියන්නේ.හිතත් හරිම හොදයි.ගොඩක් අයනම් කියන්නේ උට හිතක් පපුවක් නැති හින්දා වෙන්න ඇති එච්චර හිත හොද වුනේ කියලා...අපි එක්ක කොහේ ගියත් ඉතින් ලෝටා තමා කැපිලම පෙන්නේ ඇයි එසේ මේසේ ඇගක්යැ උට තියෙන්නේ,තවටිකක් මහත් උනානම් ඉතින් අලියත් පරාදයි.....

ඒවිතරක් නෙමේ කන්ඩ බොන්ඩ එහෙමත් හරි හපනා..වැඩියෙන්ම කාලා මාතරේ record එක තියල තියෙන්නේත් අපේ ලෝටා තමා.ලෝටාගේ කැම ගැන ලියනවනම් ඉතින් තවත් මහාවංශයක් ලියතහැකි ඒතරමට කරැණු..එක දවසක් හොස්ටල් meeting එකකදි අයියා කෙනෙක් අපෙන් ඇහුවා, ''උඔලට Base එකේ (කැම්පස් එකේ කැන්ටිම) කෑම ගැන මොකක් හරි ප්‍රශ්ණයක් තියනවද?'' කියලා..මු කෑගහල කියපි: ''අපිට රැ:30 කෑම දෙනවා මදි......'' කියලා. අපරාදෙ කියන්නේ මු රැ:30ට හාල් සෙරැවක් විතර බලාපොරොත්තු වෙනවා පව් අහිංසකයා....

ලෝටාගේ කෑමට පුංචිහරි අභියෝගයක් දෙන්න ඉන්නේ ඉතින් සබියා තමා.සබියා කන කෑම තුනෙන් වැඩිකෙරැවොත් ලෝටා කන කෑමේන් භාගෙකට විතර යන්තම් සමාන වෙයි කියලයි මට හිතෙන්නේ.අනේ අම්මේ! ලෝටාගේ කෑම ගැනනම් මම වැඩිය කියන්න යන්නෑ ඒහෙම උනොත් මට බඩකට පුරාකෑමක් සෙට් වෙනවා ෂුවර්....

ඒක නෙමේ කාරනය,විභාග අස්සේ උනත් මේ post එක ලියන්න ගත්තේ ලෝටාගේ අලුත් වෙනස ගැන කියන්න.. ලගකදි ඉදලා අපේ ලෝටා ආඩම්බර වෙලා..වැඩිය කවුරැත් දිහා බලන්නේත් නෑ,ප්‍රශ්ණයක් ඇහුවත් කෙටියෙන් උත්තර දිල මාරැ වෙනවා අපිටත් හරි ප්‍රශ්නෙ මුට එකපාරටම උනේ මොකද කියලා ... කොච්චර උනත් ඉතින් අපේ එකානේ කියලා අපි ටිකක් හොයල බැලුවා..බැලිනම් මොකද්ද සීන් එක,ලෝටා සල්ලි සල්ලි කියල බලන් නැතුව අලුතෙන් වාහනයක් අරගෙන..අනේ අම්මේ!! උදේට වාහනෙන් කැම්පස් එන උජාරැව,බෑග් එකත් පිටේ එල්ලගෙන, නහයට කෙලින් බලාගෙන කුරැල්ලා වගේ එන්නේ...අනේ අපි දිහානම් ඔන් නෑ අඩුම තරමේ කෙල්ලෙක් දිහාවත් බලපං.. ඒත් නෑ

හරිම අමාරැවෙන් ලෝටා වාහනේ එන poto එකක් ගහගත්තා දන්නම් කට්ටියට ඉවසිල්ලක් නැතුව ඇති ලෝටා වාහනේන් එනවා බලන්න..

හරි එහෙනම් මෙතන කොටන්න..

ආ බැලුවා නේද එහෙනම් මෙතනත් කොටල බලන්නකෝ...

ලෝටා හා හා පුරා කියල ගත්ත වාහනේ නිසා කට්ටිය ලෝටාට සුභපතන්න එහෙම අමතක කරන්න එපා හරිද....

7 comments:

Anonymous said... [Reply ]

Ane pau ban ahinsakaya...

Geeth Nuwan on August 18, 2010 at 7:52 PM said... [Reply ]

හික් හික් හූ........ ලොටා ඇඟ බහින්නද කොහෙද කාර්එක පදින්නේ... හී හී‍‍... මේකත් නිකං ගෝන් එලුවා වගේ තමා... හී හී

ආ ලොටා සැහැල්ලු වාහන ලැයිසොං අරංද ඉන්නෙ. ??

රත්නේ on August 19, 2010 at 4:18 AM said... [Reply ]

@ගීත් | Geeth
ලෝටාට සැහැල්ලු වාහන නතින් මචං,මොකද මේයා රන් කරන්නේත් බර වාහනයක් නේ..කැම්පස් එකෙනම් නෙමේ පිට... හි හි

Hasitha Gunasinghe on August 20, 2010 at 5:30 AM said... [Reply ]

පව් ලොක්කා. හොඳ කොල්ලන්ට මඩ ගහන්න එපා අපායේ යනවා

රත්නේ on August 20, 2010 at 4:16 PM said... [Reply ]

@Hasitha
අනේ විහිලුවට වට බන් ලිව්වෙ මඩ පාරක් නෙමේ. උත් ඒක දන්නවා,අවුලක් නෑ ශේප්.. හි හි..

තීර්ථ යාත්‍රිකයා on September 10, 2010 at 1:33 PM said... [Reply ]

මඩ මඩ

Anonymous said... [Reply ]

:i :i

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...