කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය මගින් පැවැත්වු
කවිමඩුවක් පසුගිය 13න් වෙනි දින නිමා වුයේ, බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර,පැසසුම් හා කිර්තියක්ද
එම අංශය වෙත ඉතිරි කරමිනි...
පැය තුනකට අධික කාලයක් කවි රසයේ ගිල්වමින් කවීන්,හිටිවන කවියෙන්
සහ කවි සංවාද වලින් ප්‍රේක්ෂකයන් හට නැවුමු අද්දැකිමක් සැපයිමට සමත් විය.මෙහිදි මුලසුන
හෙබවුයේ ජී. එම් අජිත් කවියා වන අතර,සෙසු
කවින් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ අචාර්යය වරයකු වන දර්ශන රත්නායක,අතුල හිමියන්,මාකදුරේ
අමරසිංහ ,මාගල්ලේ සුචිත්තර,දෙහිඔවිට නිරෝෂන්,අයරින්,සිරියා,ජයසෝමා අදි කවි කිවිදියන්
විශාල ප්‍රමානයක් සහභාගිවන ලදි..
සවස 2ට පමණ ආරම්භවු මෙම කවි සංවාදයෙහි විශේෂත්වය වුයේ, ආරම්භයේ
පටන්ම සියලු කටයුතු කවියෙන්ම සිදුවීමයි. එහිදි දර්ශන රත්නායක මැතිදුන් කවියෙන් තම ආරාධිතයන්ට පොල්තෙල් පහන දැල්විමට
කර ආරාධනය අපුරුය.. මෙහි දැක්වෙන්නේ එවැනි කවි කිපයකි..
බාහිර විභාගය අධිපති ඇදුරු දුරය
ඔබමය දැල මැතිදුනි කවිනළු මුණි වරය
දක්වමි ඔබට ලෙන්ගතු හර සරය
ඔබ දල්වනු මැනවි අද ඔබ සතු තිරය.
ගරු සරු ඔබට කාගෙත් හිමි වෙච්චි
මහදුරු සද නිමල් මල්ලව ආරච්චි
පහනක් තියෙනවානම් තෙල් බේරෙච්චි
මැතිදුට බුලත්විටකට වත් නෑරිච්චි.
ජන සංනිවේදන අංශය වෙනුවෙන්ද
මාපා රත්තරං මගේ පණ කෙන්ද
ඔබමෙහි නොපැමිණි ඉන්නට පුලුවන්ද
දල්වනු මැනවි පහනක් ඔබේ සුරතින්ද.
දර්ශන මැතිදුගේ ලෙන්ගතු කම ඇදුරු තුමියකට යොමුවුනේ
පහත අයුරිනි...
ශේක්ෂ්පියර්,බර්නාඩ් ෂෝ ඇසුරුකල
වින්ද්‍යා ඇදුරු තුමියනි මගේ සුවද මල
දල්වනු මැනවි මේ පහනෙහි නැගෙන සිල
දැල්වේ පහන් ඉන් මා හද මැදුර තුල.
මේම කවි සංවාදයේ මුලසුන හෙබවු ජි. එම් අජිත් කවියා හා ඔහුගේ බිරිද සිරියා කිවිදිය හට
දර්ශන මැතිදුන් ආරාධනය කලේ මෙලෙසිනි.
ලොව සැනසුව මහදුක් කිවිවර නාමෙන්
ජි. එම් අජිත් යුවලම මෙහි පැමිණිමෙන්
දල්වනු පහන් සිලුවක් සමි ගෙන දුමෙන්
අරයුම් කරමි ඔබ යුවලට ලබ දිමෙන්.
සිංහල සංගමය පෙරටම ගෙන යන්න
ලේඛම් සභාපතිකම් කර කර ඉන්න
යුවලක් සිටි පහනෙහි සිලු දල්වන්න
මැණිකෙත් අනුෂ්ක නිළමෙත් පැමිණෙන්න.
කලකට පසුව කවිමඩු වකට සහභාගි වීමට සිදුවිම පිලිබදව දර්ශණ
මැතිදුන් අදහස් පලකලේ මෙලෙසිනි...
නොහැවි කලක් හිටිවන මහ කවි වැස්සේ
හිටියෙමි උකටලිව ජිවන දඩු මැස්සේ
සිංහල සංගමය කල ඇවිටිලි ඔස්සේ
කලකට පසුව මම මේ වෙලකට බැස්සේ.
සභාවෙන් ලැබුනේ විශාල අත‍්පොලොස්සන් නාදයකි...
ගොවියා කැමති කුබුරෙදි මඩ ගා ගන්න
පුලුවන් පසුව ඒ මඩ සෝදා ගන්න
දුටුවෙම කිවි පිරිස මෙහි පැමිණි ඉන්න
මට සිදුවේද අද ඇදගෙන නා ගන්න.
මා කවි කියනවිට ඉස්සර හිතට අරන් (කවියන් දෙසට අචාර කර)
කවියෝ දුවන්නේ සරමත් අතට අරන්
ටික ටික තුරන් වී ගොස් සරසවිගෙ වරන්
යකෙකුටවත් බයක් නෑ,කවියෙකුට තරන්
ජි. එම් අජිත්ගේ
බිරිද සිරියා කිවිදියයි..දර්ශන මැතිදුන් ඇයට විහිලුවක් ලෙස කියු මෙම කවිටට ප්‍රේක්ෂකා
ගාරයෙන් ලැබුනේ දිර්ග අත්පොලොස්සන් නාදයකි...
කිව්වොත් තවත් කවි මේවිදහට පේවි
කිවිදිය සිරියා මා සමගින් පැන යාවි
ජාතක කථාවක් අලුතෙන් ලිය වේවි
කුස රජෙකුගෙ බිරිද කොටෙකුට හිමි වේවි.
ඉන්පසු පැමිණියේ ජි. එම් අජිත් කවියායි..ඔහු පලමුව දර්ශන මැතිදුන්ට ස්තුති කල අයුරුයි මේ..
හිටගෙන කරලියෙහි ඔබ වෙත සිනහ වෙවි
තප්පරයක පමණ මොහොතක් නතර නොවි
දර්ශන මැතිදු හදවත් තුල සතුට මැවි
මගෙ කවි මොන කවිද ඒවනෙ නියම කවි.
ඉන්පසු ඔහු තම බිරිද ගැන පැවසු කවියට පිලිතුරු ඉදිරි
පත් කිරිමටද අමතක කලේ නෑ....
වරදක් උනොත් ඔනෑමය දෙන්න සමා
මොකටද තව වන්නේ ඔය ඔබ අරගන්න පමා
නෝනව මගෙන් ඉල්ලුවා කොන්ද නමා
ඔනෑ මටත් ඔය ටික කර ගන්න තමා.
ජි. එම් අජිති
කවියා, කවි කියන අතරම සභාවට තම යුතුකම් මතක් කර දිමටද අමතක නොකරන ලදි..
නැතුවත් කිරුල රන් රුවන් ඇල්ලුව
ජි. එම් කවි රජුය මුලු රටම හෙල්ලුව
ඉහලම රසය දෙනවා පිරිස ඉල්ලුව
අත්පුඩි තමයි ඒකට හොදම තල්ලුව.
මේ අතරම කවියාගේ ප්‍රර්තනය මෙලෙස ඉදිරි පත් වු අතර,සභාවෙන්
ලැබුනේ දිර්ඝ අත්පොලොත්සන් නාදයකි..
වසර තුන හතර වේගෙන් යැවේවා!
උපාධියට වැඩිපුර සිත යැවේවා!
තරුණ හඩට පාලකයන් නැවේවා!
කදුළු ගැස් කන්නට වැඩ නොවේවා!
කවිය යනුද භාෂාවකි. වෙනස නම් එම භාෂා හැකි යාව අප සහජයෙන්ම
ගෙන ආයුතු වීමයි. එසේම විවිධ තාලයන්ද මුසු වු පසු හිටිවන කවිය ප්‍රේක්ෂක සිත් වසග කරවනුයේ
පුදුම සහගත අයුරිනි. ජි. එම් අජිත්
කවියා විසින් විරුදු තාලෙන් තම කවි කණ්ඩායම හදුන්වා දිමටද ප්‍රේක්ෂකයන්ගේ නොමද ස්ථානයක්
හිමිවිය..
කලකට පසු මේවාගේ ,පිරිසක් සභයක දුටු වේ
මේ ජි. එම් අජිත් තමයි,මහරජු අද බල කොටුවේ
මන් ඉන්නම් මුල පුටුවේ,ඒකයි සරසවි නැටුවේ
මන් ඉන්නම් මුල පුටුවේ,ඒකයි සරසවි නැටුවේ.
අතුල නන්ද හාමුදුරුවෝ, පිංබර කහ වත දැරුවත්
සටන් බිමත් හොදට හුරුයි, දැන්මෙහි සිල්වත දැරුවත්
මම නොකියෙමි බොරුවක්, ගම ගාල්ල වැඩ බැරුවත්
මම නොකියෙමි බොරුවක්, ගම ගාල්ල වැඩ බැරුවත්.
මාකදුරේ අමරසිංහ, බුහුමන් ලද හතර වටින්
අද සරසවි බිමට ඇවිත්, ඇතුගල් පුර වයඔ රටින්
දත් තිස්දෙක හැලුන කටින්, වැඩ පෙන්නයි සරම පිටින්
දත් තිස්දෙක හැලුන කටින්, වැඩ පෙන්නයි සරම පිටින්.
මාගල්ලේ සුචිත්තරත්, කවි ලොව නව දුරක ගියා
ඇස්ගහලා පලක් නොමැත, ඔහුගේ කල වයස සොයා
ඔබ හිතුවද තරුණ කියා, දැන් දරු දෙදෙනෙකුගෙ පියා
ඔබ හිතුවද තරුණ කියා, දැන් දරු දෙදෙනෙකුගෙ පියා
මාගල්ලේ අජිත් එක්ක, සිංහයා
යන නම සදහන්
කවියෙකි මේ මෙතන සිටින, දෙවියෝ බුදුන් ගැන අදහන්
බැලුවම අරුණගෙ හදහන්, ඔහුට කැපෙන වලු නිදහන්
බැලුවම අරුණගෙ හදහන්, ඔහුට කැපෙන වලු නිදහන්.
හොදටම කවි රසය දෙන්න, දැනටම ඇත ඉව අල්ලා
දෙහිඔවිට නිරෝෂනුත් සරසවියට ඇවිදිල්ලා
තාමත් බැද නැත කොල්ලා, එකියක් අපි
දෙමු අල්ලා
තාමත් බැද නැත කොල්ලා, එකියක් අපි
දෙමු අල්ලා.
හිටිවන කවි එක දිගටම, පැවසිය හැක එක එල්ලට
සටන් බිමට පිවිසෙනවලු ඔබේ අප්පුඩි සැලකිල්ලට
ජයසොමගේ ගම පැලැස්ස,52 පොඩි කෙල්ලට
ජයසොමගේ ගම පැලැස්ස,52 පොඩි කෙල්ලට.
කවි ලෝකේ දුරට ගියේ, පුරමිනි ඇය පාරමිතා
කැලණිය සර සවි බිමටත්, දෙයි හිටිවන තාල ගොතා
පවසනවලු මිහිරිකථා, එයාතමයි ඥානලතා
පවසනවලු මිහිරිකථා, එයාතමයි ඥානලතා.
අමුණන්නේ කරලිය මත, අද හිටිවන පබලු වැලය
අයරින් මෙහි පැමි කිවිදිය, පෙන්නනවලු කුසල බලය
හොලව හොලව උකුලු තලය,හැඩ බැලුවැකි පැමිණි කලය
හොලව හොලව උකුලු තලය,හැඩ බැලුවැකි පැමිණි කලය.
ජි.එම් අජිත් කවියා විසින් තම බිරිදව හදුන්වා දුන් අයුරුයි මේ..
හමුවු මුල් දිනයේ හැරි බැලුවේ තුන් සැරයයි
උදහනැක්කෙ සිරියා අනේ මේකවි හද මන්දිරයයි
සංසාරේ දැන්දුරයයි,ඒක මගේ වයිපරයයි
සංසාරේ දැන්දුරයයි,ඒක මගේ වයිපරයයි.
ඉන්පසු මුලසුනේ ආරාධනයෙන් ඒ ඒ කවි කිවිදියන් පැමිණ කවි කියු
අතර, පැල්පිට කවියාට පසුව මුලසුන විසින් තම බිරිද සිරියා කිවිදිය ගෙන්වුයේ පහත කවියෙනි..
පැල්පිට චන්ඩියා දැක්කම අනේ භයයි
ගෙන්වන්නට වෙන්නේ කැලණියෙ පොලිසියයි
සිරියා මෙන්න හිටිවන කවි හදා කියයි
දර්ශන මැතිදු වැද වැද ඉල්ලුවේ ඇයයි.
වෙදිකාවට පැමිණි කිවිදිය කියු පහත කවියෙන් පසු ඇයට ලැබුනේ
උණුසුම් ප්‍රතිචාරයකි
යව්වන සුවද විහිදෙන ජන රුලියක්
තව මොහොතකින් මෙහි ඇරබේති ගිණි කෙලියක්
දිගටම දෙනවානම් අප්පුඩි සැණකෙලියක්
පැය දෙකතුනක් දෙන්නෙමි උපරිම ජොලියක්.
ඉන්පසු කිවිදිය දර්ශන රත්නායක මැතිදුන් තමන් වෙත එල්ල කල
උපහාසයට , ලද අවස්ථාවෙන් පිලිතුරු දිමට උත්සුක විය.
අමුතුම කථා කිව මහ ඇදුරෝ නම්
ජි. එම් මිස කොටෙකුව නොපතමි මානම්
කලකට පසුව වෙලකට බැස්සම ඔය සේනම්
කොහොමට හිටිවිද දිගටම කෙටුවානම්.
(දර්ශන රත්නායක මැතිදුන් බොහෝ කොට පුද්ගලයකි)
එයට ජි. එම් කවියාද අලගු තැබුවේ මෙලෙසිනි
කරුණක් කිව යුතුය මෙතනදි සිරියගෙ කිම
දුරදිග බලා පැවසිය යුතු හැමදේම
මහදුරු තුමාටත් නැතිවිය ඉවසීම
ඔකට කියන්නේ ඉල්ලාගෙන කෑම.
තමාට ලැබුනු උපහාසයට පිලිතුරු දිමට දර්ශන මැතිදු පැමිණිමෙදි,
සභාව දෙසින්ලැබුනේ දිර්ඝ අත් පොලොත්සම්
නාදයකි...
ගුරු හිමි කදක හිත හැමදම කෙටුම එම
හිතුවෙමි ඔබේ වැඩ දුටු මොහොතෙහිදි මම
දෙපැයක නොයිද විද ගත්තෙමි අනගි තම
තව තව පුරා විදු වැඩබිම් සොයමි මම.
ජි. එම් කවියා
විසින් එයට නැවත උපහාසය මුසු කරන ලදි
දර්ශණ මැතිදු මාටත් හුරු පසු පැමයි
අහගෙන ඉන්න සතුටුත් හිටිවන කිමයි
මේටික කියන්නේ තනිවම හිතුනාමයි
ඔයතරම් කොට උනෙත් බැලුවම කොටලාමයි.
සභාවෙන් ලැබුනු දිර්ඝ අත්පොලොත්සමට පසු මාකදුරේ කිවියා පහත
අදහස ඉදිරි පත් කරන ලදි..
දර්ශන මැතිදු මගෙ හිතවත් සෙනේ කද
දිස්වෙනු පෙනේ අදදින මේ සභය මැද
හද පිරි සෙනේ කරුණක් කියමි අද
හැම කෙටුමටම කොටවුන තරමටය හොද.
මෙවරද සභාවෙන් ලැබුනේ දිර්ඝ අත්පොලොත්සම් නාදයකි.ඉන්පසු සුචිත්තර
කවියා විසින් තමාට ලැබුණු අවස්ථාවේදි,තම දරුවන් ගැන පැවසු අදහසට ජි. එම් අජිත් කවියාට පිලිතුරු ලබා දුන්නේ මෙලෙසිනි..
මගේ මල්ලිගේ දරු දෙදෙනව උකුලෙ තියා
ජි. එම් එද්දි නැලවුයෙමි කවිද කියා
නොසිතනු මැනවි ඒ පිලිබද උවන අයා
මොහුගේ හිතේ ඒ දරුවන් මගේ කියා.
කෙතරම් හිටිවන කවි ඇසුවත්, හිටිවන කවි සංවාද තරම් ප්‍රේක්ෂකයාගේ
මන දොල පුරවන වෙනත් අංගයක් නොමැති තරම්ය.මෙම කවි මඩුවේද කවි සංවාද කිපයක් පැවතුනත්,
වඩා අවදානය දිනාගත් කවි සංවාදයක් වන සිරියා කිවිදිය හා මාකදුරේ කිවියන් අතර ඇතර ඇතිවු
සංවාදය පහතින් ශ්‍රවණය කල හැක...