Pages

Monday, May 24, 2010

......... කැලණි සරසවියේ සිසු අවුල..........



පහුගිය දවස්වල ගෙදර එන්න බැරිව මාර කට්ටටක් තමා කෑවෙ,සීදුව වටෙම යටවෙලා අපේ ගෙවල් වලටත් වතුර දාල තිබුනා.දැන්නමි දෙයියනේ කියල වතුර බැහැල ගිහින් නිසා සාමාන්‍ය විදිහට ඉන්න පුලුවන්....ගෙදර ඇවිත් මම කරපු ඉස්සල්ලම වැඩෙ තමා කැමිපස් ඒකෙ එදා වෙචිච සිද්දිය පිලිබද ලියවිල තිබ්බ BLOG කියවපු ඒක.මම කියවපු ගොඩක් BLOG ලියල තිබ්බෙ පොද්දන් විසින්, අපේ Sciences එක පැත්තෙන් එදා වෙච්ච සිද්දිය පිලිබදව කරැනු පැහැදිලි කරන්න ඔන නිසා ඒගැන ලියන්න මටත් හිතුනා...

කතාවෙ කිසිම දෙයක් දන්නැති අය ඉන්න නිසා මම මුල ඉදලම කතාව කියන්නම්. කැලණි කැම්පස් ඒකේ Art හා commerce අයට කියන්නෙ පොද්දන් කියල(පොදු දේපල විනාශකරන නිසා වෙන්න ඇති) Sciences අයට කියන්නෙ අලයන් කියල(අභියෝග ලබන නිසාලු,සමහරැ ආදරය ලබන නිසා කියලත් කියනවා) එදා උනේ මෙ අලයන් සහ පොද්දන් ගහගත්තු ඒක....

මුලින්ම කියන්න ඔන මෙකට අලයන්ගේ කිසිම සම්බන්දයක් නැතිබව.... ඔවුන් කරේ ගහද්දි ගහපු ඒක විතරයි.මේකට මුලික උනු කාරනය තමා පොද්දන්ගේ පැවැත්වුනු අවුරැදු උත්සවය.මිට සති දෙකකට විතර කලින් පොද්දන් අවුරැදු උත්සවයක් පැවැත් වුවා...ඒ අවුරැදු උත්සවයේ කොට්ට පොර තරගය ජයග්‍රහනය කලේ ලෝමු කියල අලයෙක්,ඒ විතරක් නෙමේ කබ ඇදිමෙ තරගයත් ජයග්‍රහනය කලේ sciences ඒකේ අලයන් විසින්.තමන්ගෙ අවුරැදු උත්සවයේ පිරිමින්ගේ ක්‍රිඩා දෙකම ජයග්‍රහනය කිරිම පොද්දන්ට දරාගන්න බැරි උනා......

ඉතින් පොද්දන් කරේ මොකක්ද අපෙන් ගේම ඉල්ලපු ඒකයි. එදා වෙලාව 6 ට විතර ඇති පොද්දෝ සැහෙන ගානක් හිටියා, ඒත් අවුරැදු උත්සවයෙ අලයෝ හිටියෙ ටික දෙනයි.හිතා ගන්න පුලුවන්නෙ වෙච්ච දෙය ඒදා පොද්දෝ අපේ අයට හොදටම ගහල තිබිබා.අතින් පයින් නම් කමක් නැ පොලු වලින්.පොලුපාරක් ඔලුවට වැදුනු නාමල් අයියා තාම ඉස්පිරිතාලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා....

මේ සිද්දියට පස්සෙත් අලයන්ට ඔන උනේ විශ්වවිද්්යාලයේ සාමකාමි බව රැක ගන්න.හොස්ටල් ඒකේ Batch meeting ඒකක් අරන් කාලි අයියා අපිට කිවිවෙත්,කලබල වෙන්න එපා මල්ලිලා අපි මෙකට විශ්වවිද්්යාල නිතියෙන් ක්‍රියා කරමු කියල.ඒදා පොල්ලෙන් ගහපු පොද්දව හැමෝම දැකල තිබුනා.අපේ අය හැදුවෙ බුවාගේ පන්ති තහනමක් කරගන්න.ඒත් පාලකයෝ ඒකට කැමති උනේනැ. ඒකට හේතුව තමා ඒ පොද්දට දේශපාලන හයියක් තිබිමලු........

මේ වැඩෙන් අපේ අයගෙ හිතත් හොදටම රිදුනා...ගහපු මිනිහව දැනදැනත් විශ්වවිද්්යාල මට්ටමෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ඔහුට විරැද්දව ගන්න බැරිඋනා.මේකෙන් උනෙ අපෙ අලයනුත් දෙකට බෙදිම.ඒක කොට්ඨාසයක් කියා හිටියා කැම්පස් ඒකෙන් මුකුත් නොකරන නිසා පොද්දන්ට ගහමු කියල.අනිත් අය කියා සිටියා ගැටුමකින් මේක විසදගන්න බැරිබව..කවුන්සලය හිටියෙ දෙවැනි මතයත් ඒක්ක ඒක නිසා ගැටුමක් යන ඒක තාවකාලිකව වැලකුණා......

ඊට සතියකට විතර පස්සෙත්,ටික ටික වලියක උණුසුමක් පැවතුනා.පොද්දන් DH ඒකෙ lectures එන එක නැවැත්තුවා. අපි Jim කැන්ටිමට යන එක නැවැත්වුවා..ඒත් Base ඒකේ කෑමට පොලිම නිසා මැරැවත් කමක් නැ කියල අපි නමි පරිපාලන කැන්ටිමට ගිය වෙලාවල් ඔන තරමි තිබිබා....

හදිස්සියෙම නැවත සටන් මානසිකත්වය ඇතිවුනෙ අපේ ජුඩ් අයියට ගහපු වෙලේ... පොද්දෝ ටිකක් අපේ ජුඩ් අයියට ගහල තිබිබා.ඊට පස්සෙ හොස්ටල් එකෙදි අපිව දැනුවත් කරා වලියක් ඇතිවුනොත් ගතයුතු ක්රිමයාමාර්ග ගැන.තමන් පරිස්සම් වෙන හැටි,වලියකදි පොද්දො එන්නෙ කොහෙන්ද,ගහනවනම් ගහන්න ඔනෙ කොයි හරියෙදිද.. මොලෙන් ගෙම් දෙනහැටි ආදි නොයෙක් කරැණු.....

ඊට පස්සෙ අපිටත් තේරිලාතිබුනෙ හෙටනම් මොකක් හරි සිද්ද වෙනවා කියල.අපේ අය එදා හොස්ටල් එකෙන් එලියට බැස්සෙ කථාවෙලා ඒකටමයි.අපි 100 විතර බස් 3නක විතර නැගලා කැම්පස් ඒකට ආවා අපිටනම් කරදරයක් උනේ නැ අපි ඇතුලට ආව.එවෙලේ නා කපන වැස්ස වෙලාව 8ට පහුවෙලා නිසා පලවෙනි lectures එකටත් යන්න බැරිඋනා....

මම කෙලින්ම ගියේ BASE එකට,ගිහින් උදේට කෑම අරගෙන කන්න ඉදගත්ත විතරයි ආරංචියක් ආවා අපේ කිප දෙනෙක් කැම්පස් ඒක ඇතුලට ඒන්න හදද්දි පොද්දන් බයිසිකල් චෙන්වලින් ගහල කියල...අපිට කන්න හම්බුනේනැ අපිත් එලියට දුවගෙන ආවා.පව තමා ඉතින්,අපරාදේ රු 30හේ කෑම එක නේ......

ඔන්න ඔහොම තමයි වලිය පටන් ගත්තෙ.මුළු Sciences Faculty ඒකම කඩි ගුලක් ඇවිස්සුවා වගේ.සමහරැ පිහි හොයාගෙන ඇවිත් ගස්වලින් පොලුකපනවා,තව සමහරැ ලොකු ගල් ගහන්න පුලුවන් තරමෙ පොඩි කැලි වලට කඩනවා.තව අය ඒ ගල් අල බැම්ම ගාවට ගෙනියනවා...දකින දකින හැමෝම මහාප්‍රහාරයකට සුදානම් වෙමින් සිටියෙ..ඔය අතරෙ DH ඒකේ පොද්දියන්ට lectures ඒකක් පැවැත්වෙමින් තිබුනා අපේ අය DH ඒකට කඩා පැන්නෙ අතේ තිබුන පොලුත් අරගෙන පොද්දියො එදා කැගහපු හැටිනම් තාම මතක් වෙනවා...හිනාත් යනවා කෙල්ලොටික හොදටම බය වෙලා..අපේ අය පොලු අරන් ගියේ ගහන්න නම් නෙමෙ,කෙල්ලන්ට පොලුවලින් ගහන තරම් නිවට අලයො Sciences එකෙනෑ............

කොහොමහරි පොද්දියො ඔක්කොම Sciences ඒකෙන් එලෙවුවා..ඔය අතරෙ එහා පැත්තෙන් පොද්දන් ගල් ඒක දෙක අපේ පැත්තට ගහන්න ගත්තා. අපේ අයියල කිව්වෙ මොඩයන් වගේ ගල් ගහල, ගල් නාස්ති කරන්න එපා කියල...අපි S.F ගේම් ඒකක් දෙන්න කථාවුනා.පොද්දො හිටියෙ බුදුපිලිමෙ ලගින් හොස්ටල් ඒකට හැරිල යන්න තියන පාරෙ ඒ පාර ඒචිචර පළල් නෑ අපි එක පාරම කෑගහගෙන අපේ වහල තිබ්බ Sciences ගේට්ටුව ඇරගෙන උන්ගෙ හොස්ටල් පාර ලගට දිව්වා....අපි දුවගෙන එනවා දැකපු සමහර පොද්දො පස්ස නොබල දුවන්න තියාගත්තා.කෙලින්ම පාරලගටම දුවපු අපි අතේ තිබ්බ ගල්වලින් ගැහුවා.. එක පාරටම ආපුගල් වරැසාවෙන් පොද්දො හොල්මන්ද පොල්කොල වෙලා තිබුනෙ... අපෙත් අතේ තිබ්බ ගල්ඉවර උණුනිසා වහාම පහු බසින්න සිද්ද වුනා......

ඔය අතරෙ තමා පොලිසිය තමන්ගෙ රාජකාරිය පටන් ගත්තෙ. පොලිසියත් අපේ Faculty එකට කදුලු ගෑස් ගහන්න පටන් ගත්තා මම නම් ඒ, හා හා පුරා කියල කදුලු ගෑස් පාරක් කෑවමයි. කදුලු ගෑස් ගිළුනත් ඒක්ක ඇස් වලින් කදුළු ඒනවට වඩා ඇස් දන්ඩ ගන්නවා හරිම අමාරැයි. කදුලු ගෑස් ගහද්දි අපේ Faculty ඒකේ කෙල්ලොටික වතුර ගෙනල්ල දිල අපට දුන්න සහයෝගය නම් හරිම ඉහලයි කිවිවහම මොකද අපි ගහපුගල් වලින් වැඩිහරියක් ඒකතුකරල දුන්නෙත් ඒ අය තමා.....

ඊලගට අපිකලේ තවත් S.F වැඩක්,ඒ තමයි අපි ගල් ඒකක් දෙකක් ගහල පොද්දන්ව අවුස්සපු එක.අපි ගහපු ගල් එක දෙකට,ගල් 100 විතර ජිමි එක පැත්තෙන් ආවා. පොලිසිය කලේ වැඩියෙන් ගල් ගහපු පැත්තට කදුලු ගෑස් ගහපු ඒකයි පොද්දන්ට වැඩෙ තෙරැනේ නෑ... පොද්දන් පොලිසියෙන් හොදට කදුලු ගෑස් කෑවා...අපේ උපක්‍රමය නොතේරිචිච මෝඩ පොද්දෙක්,තමන්ගෙ BLOG ඒකෙ දාල තිබුනා පොලිසිය ඒක පාර්ශිකව කටයුතුකලා කියලා.මම නම් ඒ අදහස තරයේම ප්‍රතික්ශේප කරනවා.....

කොහොම හරි 2 ට විතර ආරංචියක් ආවා කැම්පස් ඒක දින නියමයක් නැතුව වහන්න යනවා කියලා.ඒක අහල සමහර අයට සතුටුයි සමහර අයට දුකයි..ඔවා ඔහොම තමයි ඉතින් නේ.........

අපි පොලිස් ආරක්ෂාව යටතේ පිට්ටනිය හරහා එලියට ආවා,අපේ දන්න කිසිකෙනෙකුට කරදරයක් වෙලා තිබිබෙ නැ.Campus ඒක වහපු එකෙන් මට තමයි කෙලඋනේ අපේ පැත්තට ගංවතුර නිසා යාගන්න විදිහක් නෑ.සුකා මට කථාකලා එහෙ යන්න මමත් ඒහෙ ගියා,පස්සෙ සංකයා කථාකරල කිවිවා එහෙත් එන්න කියල.මම එහෙත් ගිහින් දවසක් හිටියා.කොබා,කිරියා,ලොටා,වියා ඒහෙම මං ගැන හොයල බැලුවා ඒ හැමෝටම බොහොම ස්තුතියි!!!!!

ඔහොම තමා ඒ සිද්දිය වුනේ Campus 2 වෙනිදා පටන් ගන්නවා කියල කථාවක් තියනවලු, ඒත් එක හරියටම ෂුවර්නෑ..මෙ ගැටුමේ VIDEOS බලන්න ඔනෙනම් ටික දවසක් ඉන්න link හොයල දාන්නමි....මට කලින් කවුරැහරි හොයා ගත්තෝත් comment ඒකක් විදිහට දාන්න...

20 comments:

Hasitha Gunasinghe on May 25, 2010 at 12:22 AM said... [Reply ]

මේ ගැටුමට අදාලා කරුණු බලද්දී මුල්ම වැරැද්ද විදිහට මම නම් දකින්නේ එකම විශ්වවිද්‍යාලේ අවුරුදු උත්සව 2 ක් කරපු එක.

මම නම් දන්නේ නැහැ ඒක වුණේ ඇයි කියලා. අලයන්ගේ අවුරුදු උත්සවේට පොද්දන්ට එන්න පුලුවන් නම් පොද්දන්ගේ අවුරුදු උත්සවේට අලයන්ට එන්න පුලුවන් නම් මොකටද අවුරුදු උත්සව 2 ක් ?

කොහොම වුණත් එක එක කණ්ඩායම්වලට කඩේයාම් නවත්තලා හැමෝම එකමුතු වෙලා හිටියොත් තමා හොඳ.

ඒ වගේම මේක ගැන තව අය ලියලා තිබ්බා කිව්වා නේද ? ඒවායේ links ටික දාන්න පුළුවන්ද ඒ ටිකත් කියවලා බලන්න ඕනේ

Kanishka Dilshan on May 25, 2010 at 1:29 AM said... [Reply ]

රටේ ඉදිරි ගමනට අලයොයි, පොද්දොයි දෙගොල්ලොම ඕන. දෙගොල්ල අත‍ර හොඳ හිත වර්ධනය දේවල් ටිකක් කලා නම් හ‍රි.

මයියා on May 25, 2010 at 3:51 AM said... [Reply ]

මල්ලියේ..ලOකාවේ විශ්ව විද්යාල වල බුද්දි බ්Oකොලොත් බාවය ඔයාගේ ලිපියෙන් හොද්ට පැහැදිලි වෙනවා..

දැනුමෙන්, බුද්දියෙන් හැප්පෙන්න ඕන තැනක ඔගොල්ලො හැප්පෙන්නේ අතින් පයින්..

එකට..විශ්ව විද්යලයේ දැක්මක් නැති ශිෂය නායකයින් වගේ ම පරිපාලනයත් වග කියන්න ඔනා

ලOකාවේ සිටින බුදිදිමත් කියන ඔගොල්ලො..ඔහොම අතින් පයින් ඇරගෙන ජිවිතේ අවුරුද්දක් දෙකක් පස්සට දා ගන්න කොට..පිට රට වල කට්ටිය ඔගොල්ලනිව පසු කර හමාරයි..
ල්Oකාවේ පමනක් නොවෙයි..International..ජොබ් මර්කට් එකේදි ඔගොල්ල්න්ට හැප්පෙන්න වෙන්නේ එ ගොල්ලො සමගටයි...
නොට් එක පමනක් වමාරන්න පුලුවන් ල්Oකීය බාහුතර සිසු ප්‍රජාවට වඩා පිට රටවල සිසුන් විවෙච්නාත්මක චින්තනය අතින් ඉදිරියෙන් ඉන්නවා..
ගහ ගන්නේ නැතුව විශ්ව විද්යල දැනුලමත්, චින්තනයත් එක්ක හරඹ කරන තැනක් කර ගන්න සිසු නයකයන්ට මොලේ පහල වේවායි කියල මම ප්‍රර්තනනා කරනව,,,,

රත්නේ on May 25, 2010 at 8:45 AM said... [Reply ]

To: Yasela
අයියේ ඔයාගෙ කථාවනම් සහතික ඇත්ත.කැලණි කැමිපස් ඒකේ පොදු-අල ගැටුම තියෙන්නෙ දැනට අවුරැදු ගනනාවකට කලින් ඉදලයි.ඒකට ප්‍රධාන හේතුව faculty දෙකේ තිබෙන මතවාදි අර්බුද...

පොද්දන් ජනතා විමුක්ති පෙරමුණට නැත්තම් අන්තරේට ඔන විදිහට කටයුතුකරන අය.අලයන් ස්වාදිනව කටයුතුකරන අය.ඔවුන්ට තමන් කැමති දේශපාලන මතයක් දරතහැකි ඒත් කිසිම මතයක් කැම්පස් ඒකට ගෙන්න බෑ, ඔවුන්ගේ අමානුෂික නවකවදය නැ,අත්‍යාවශ කාරනයක් නෙමෙනම් උද්ඝෝෂන පිකටින් කරන්නෑ, දේශපාලන පක්ෂවලට කැට හොල්ලලා සල්ලි හොයන් නෑ. මම දන්නෑ මෙවා 100% හරිද කියල,සමහරැ තර්ක කරන්න පුලුවන් විශ්වවිද්‍යාලයේ දේශපාලන්යකුත් තියෙන්න ඔන,දැනට ඉන්න නායකයෝත් ගොඩක් බිහිවෙලා තියෙන්නෙ විශ්වවිද්‍යාලයේන් කියල...... කොහොම වුනත් කථාව ඔක තමා....

පොද්දන් කියල පොදුවෙ ඇමතුවාට, එහෙත් අපේ හොදම යාළුවෝ ගොඩක් ඉන්නවා...උඩම comment ඒක දාලතියන හසිතත් art කරන කෙනෙක්..අපේ කිසි පුද්ගලික තරහක් නෑ.ඒ අයත් එහෙම හිතනවා ඇති කියල මම විශ්වාස කරනවා......

To: hasitha
මචං මමත් හොයාගත්තෙ සිංඩියෙන් උබත් හොයල බලපන්...(ගැහුවා-වැහුවා කියල ඒකක් තිබිබා මතකයි,තව ලිපි 2ක 3නක් විතර තිබිබා)

Hasitha Gunasinghe on May 25, 2010 at 8:59 AM said... [Reply ]

අච්‍චා ට
හරි මචන් මම හොයලා බලන්නම්. ලාංකීය සිතුවිලිද සිංහල බ්ලොග් කියවනයෙන්ද බලන්න ඕනේ. ?

"පොද්දන් කියල පොදුවෙ ඇමතුවාට, එහෙත් අපේ හොදම යාළුවෝ ගොඩක් ඉන්නවා...උඩම comment ඒක දාලතියන හසිතත් art කරන කෙනෙක්..අපේ කිසි පුද්ගලික තරහක් නෑ.ඒ අයත් එහෙම හිතනවා ඇති කියල මම විශ්වාස කරනවා......"

ඒක ඇත්ත. මේ අවුරුද්දේ 1st years ල [ඒ කියන්නේ අපිට] මාසයක් කරපු Orientation programme එකේදී කැම්පස් එකේ medical faculty ඇරෙන්න හැම faculty එකකම කට්ටිය එකට දාලයි groups හදලා තිබ්බේ.

ඉතින් ඒකෙන් හැම faculty එකකම 1st years ල අතරේ මාරම fit එකක් ඇතිවුණා. පුද්ගලිකව තාමත් මම බේදයක් නැතිව හැම faculty එකකම කට්ටිය එක්ක කතා බහ කරලා ඉන්නවා. මම හිතනව අනිත් 1st years ලත් එහෙම වෙන්න ඇති කියලා.

අපේ කට්ටිය කැම්පස් එකේ 3rd year වගේ එද්දී මම හිතනව මේ ප්‍රශ්න නැති පසුබිමක් හදන්න පුලුවන් වෙයි කියලා

පහන් බුද්ධික on May 25, 2010 at 9:09 AM said... [Reply ]

හුදෙක් අන්ත‍රේ ජවිපෙ කියනවටනම් මම එකග නෑ. එහෙම කියන අය පොඩ්ඩක් අන්තරේ ගැන හොය බැලුව නම් ඒක තේරයි. ඇරත් නිදහස් අධ්‍යාපනය මෙහෙම හරි බේරිලා තියෙන්නෙ ඒ නිසා..

රත්නේ on May 25, 2010 at 10:03 AM said... [Reply ]

to Hasitha
ඒක තමා මචං බලන්න ඔනා..

මමත් හිතනවා අපි 3rd years විතර වෙද්දි මෙක යරියයි..කොහොමත් දැන් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නනෙ හදන්නෙ,ඒකට අල-පොදු භෙදයක් නැතුව හැමෝම විරැද්ද නිසා අපිට ලගදිම ඒකතු වෙන්න පුලුවන් වෙයි......

Unknown on May 25, 2010 at 12:04 PM said... [Reply ]

to accha - mata nam one hemoma ekathu wela api apu degree1 aragena ewagema me campus ekata wedak karala deela yanna.... ara kiwwa wage orientation eken athi una yalukam nisa anik faculty walal apeth yaluwo innawa...danatath eyala apith ekka kata karanawane.... katawath kata baha karanna puluwan wena, ekata weda karanna puluwan samakamee parisarayak athi wewa kiyala mamath wishwasa karanawa.....

Hasitha Gunasinghe on May 25, 2010 at 12:34 PM said... [Reply ]

පහන් බුද්ධික කියන " හුදෙක් අන්ත‍රේ ජවිපෙ කියනවටනම් මම එකග නෑ. එහෙම කියන අය පොඩ්ඩක් අන්තරේ ගැන හොය බැලුව නම් ඒක තේරයි. ඇරත් නිදහස් අධ්‍යාපනය මෙහෙම හරි බේරිලා තියෙන්නෙ ඒ නිසා.. "
මම එකඟයි.

මම අන්තරේ මනුස්සයෙක් නෙමෙයි ඒත් rag season එකේදී අපිට කියදෙන විදිහට අන්තරේ ප්‍රධාන අරමුණු 3 ක් තියෙනවා.

1. ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කිරීම
2. ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් කැපවීම
4. රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම.

ඉතින් මම හිතන්නේ නැහැ මේවා වැරදියි කියලා . රටේ උගත් තරුණ පිරිස අතින් මේ වගේ දෙයක් වෙන්න ඕනේ නේද ?

මයියා on May 25, 2010 at 7:21 PM said... [Reply ]

මල්ලියේ...ඔයා මතවද වෙනසක් කිව්වම මට හිනාත් ගියා..අඩු ගන්නෙ එහෙම එකක් වත් තියෙනවනම්..එහෙම මතවාද වෙනසක් තියෙනවනම් හැප්පෙන්න ඔනේ තර්ක වලින්..මට පේන විදිහට තම තමන්ගේ මතවාද (එහෙම එකක් තියෙනවනම්) ත්මන්ටම ඔප්පු කර ගන්න බැරි තැනක තමයි අතෙ පයෙ හයිය එන්නේ...
තම තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න බලාහත්කාරය නවකයන් මත පටවන්න නැතුව..සාකාච්චා විවාද හරහා තම්න්ගෙ මතවාද ඉදිරිපත් කරන්න බැරි මොකද(without one way communication..encouraging two way communication with freshers)..ඒකේන් ම පේන්නේ මතවාද වල තියෙන බ්Oකොලොත්බවයයි...
අන්තරේ JVP නෙමෙයි කියපු එක්කෙනාට කියන්න තියෙන්නේ ඔකේ පරන හිටපු decision makers ලගෙ ව‍්රතමාන දේශපලනය බලන්න කියලා තමයි...නිල වශයෙන් කොහෙවත් ස්ම්බන්ද්යක් නැති උනාට ...වැඩේ වෙන විදිහ ප්‍රසිද්ද රහසක්...

කැම්පසි එකක දේශපලන හා විවිද මතිමතන්තර තිබ්බ ම හොදයි..එත් එක නිසා ගහ ග්න්නවානම්..කැම්පස් වහ ගන්නවනම්...එක්න් වෙන්නේ ඔගොල්ලන්ගේ පුදිගලික ජීවීත අවුරුදු ගානක් පස්සට යන එක පමනක් නොවේ..රටේ අඟතයද පස්සට යාමකි...ඕඅක ඔගොල්ලන්ට තෙරෙන්න ඕඅගොල්ලන්ගේ ඔය කැම්පස් එක නැමැති ලිදෙන් එලියට එන්න ඔනැ

රත්නේ on May 26, 2010 at 6:34 AM said... [Reply ]

මමනන් කියන්නෙ අයියෙ මේ ගැටුම් වලට පාලකයෝ සෘජුවම වගකියන්න ඔනෙ කියල.දැන් මතවාදිව ගැටෙන්න ශිෂ්‍යයන්ට වෙලාවක්නෑ.උදේ 8.00 lectures ගිහාම එලියට එන්න වෙන්නෙ හැන්දැවෙ 5ට ඒ අස්සෙ පැමිණිම 80% අනිවාර්යය කරල නැත්තම් ඇණ කරනවා,ඒහෙම ඇණ වෙච්ච අය මෙදා පාරත් හිටියා....ඉතින් ශිෂ්‍යයන් තමන්ගෙ faculty එකට විතරක් කොටු වෙලා,හිරකාරයො ගානට පත්වි අවසන්.අපිට උගන්වන ගුරැවරැ ශිෂ්‍යයො වෙලා ඉද්දි ගතකරපු විශ්වවිද්යාල ජිවිතය ඔවුන්ම දැන් අපට අහිමි කරල.......

ශිෂ්‍යයො ඉන්නෙ සැහෙන මානසික ආතතියකින්, ඒහෙම ආතතියකින් පෙලෙන ශිෂ්‍යය ප්‍රජාවකගෙන් මතවාදි ගැටුමක් තුලින් තමන්ගෙ ප්‍රශ්න සාකච්චා කරගැනිමක් බලාපොරොත්තු වෙන්න අමාරැයි නේද? ඔයත් කැම්පස් ගිහින් තියන කෙනෙක් නිසා මේගැන අපිට වඩා හොදින් තේරැමියාවි කියල හිතනවා.......

මයියා on May 26, 2010 at 6:53 AM said... [Reply ]

හි හි..කෙල ගෙන..ඉස්පිරිතාල ගානෙ ඉන්න නම් හොදට වෙලා තියෙනවා නේද?...

රත්නේ on May 26, 2010 at 8:10 AM said... [Reply ]

අසනිපයක්,තුවාලයක්,අනතුරක් උනොත් ඔබාමට උනත් ඉස්පිරිතාලෙ ඉන්නවෙනවනේ..මොකද මට වැඩ කියල මිනිහ ගෙදර ඉන්නවැ. හි හි.....

මයියා on May 26, 2010 at 9:29 AM said... [Reply ]

ඔව් මල්ලියේ..එහෙනම් ඔන්න ඔහේ කෙල ගනින්..

රත්නේ on May 26, 2010 at 10:57 AM said... [Reply ]

හි.හි....

freedom on May 31, 2010 at 7:00 PM said... [Reply ]

මල්ලියේ ගහ ගත්ත හැටි උජාරුවෙන් කියල තියෙන එක නම් මට වාවන්නෙ නෑ. ටිකක් ඉවසීමෙන් කටයුතු කරල ප්‍රශ්න විසඳගන්න බැරි ඇයි? කැම්පස් එන්නෙ ඉන්න හොඳම මොළ කාරයො. (cream of cream)
ඇයි අතින් පයින් වැඩ ගල් යුගයේ වගේ? ඕකෙන් වෙන්නෙ ඔයාල එළියට යද්දි නාකි වීමයි රටේ සහ ඔයාලගෙ දියුණුව පස්සට යාමයි.
යසේල අයියට යමක් එකතු කරන්නයි මේ, අන්තර්ජාතික විතරක් නෙමෙයි අපේ රටේ උනත් job market එකෙදි මෙයාලට තරඟ කරන්න වෙන සම වයසෙ කැම්පස් නොගිය අය ඔය වෙනකොට හුඟක් ඉදිරියට ගිහින්. ඔයාල තේරුම් ගන්න කොට ජීවිතේ හොඳම කාලෙ ගෙවිල ඉවරයි මල්ලිලා. ඉදිරි පරම්පරාවට හොඳ ආදශයක් වෙන්න මීට වඩා බුද්ධිමත්ව වැඩ කරන්න මල්ලි. ඔයාලට විතරක් නෙවෙයි මුළු වි. වි. ප්‍රජාවටමයි කියන්නෙ.

Hasitha Gunasinghe on May 31, 2010 at 8:38 PM said... [Reply ]

ඔන්න ලෙඩේ දැන් කැලණියෙන් මොරටුවටත් බෝ වෙලා කියන්නේ

රත්නේ on June 7, 2010 at 6:08 PM said... [Reply ]

fredom:අක්කා වෙත,අක්කේ ගහගත්ත එක මම උජාරුවෙන් කියුවෙ නෑ..මම නිකන් එදා වෙචිච සිද්දිය වාර්ථාකලා විතරයි.අනික ගහගන්න එක නොගන්න එක අපිට තිරණය කරන්න බෑ අපි 1st year ලා.ඔයා කියන job market එකේ කථාව ඇත්ත තමා එත් ඒක අපිට වඩා තේරැම් ගන්න ඔන පාලකයෝ නේද? එයාල තමා වර්තමාන job market එකට ගැලපෙන විදිහට අපිට දෙන degree එක වෙනස් කරන්න ඔන... එතකොට කවදාවත් උපාධිය හැල්ලු වෙන ඒකක් නෑ කියල මට හිතෙනවා........

to hasitha:වෙසක් කුඩුවකට නෙද මචං ගහගෙන තියෙන්නෙ,,,පොසොන් ඒකට මොන campus ඒක වහයිද දන්නෑ නේ?? හි..හි..

සමනලයා on October 9, 2010 at 2:31 PM said... [Reply ]

කැලණිෙය් ඔය ගැටුම හැමදාම තිෙයන 1 ෙන්.ඒත් ෙප්රාෙදණිෙය ඒෙහම නෑ.පීඨ8 සහෙයා්ගෙයන් ඉන්නවා.කවදාවත් ගහගන්ෙන නෑ.අනික අන්තෙර් ජවිෙප කියන1 පිළිගන්න බැ.

Reshan Chathuranga on April 17, 2011 at 8:06 PM said... [Reply ]

අපේ අක්කිත් පොද්දියො ගොඩේ

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...