Pages

Showing posts with label ව්හිලු කථා. Show all posts
Showing posts with label ව්හිලු කථා. Show all posts

Monday, February 20, 2012

බේබද්දා…| The Drunkard

17 comments
මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට  කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු....

''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

''ඔයි සර්, 
තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''


හිහ් හිහ්.......





*********************************************************************************************************************

මේ බ්ලොග් එකේ මන් පල කරන ලිපි, විවිධාකාර පුද්ගලයන් Elakiri forum එකේ එහෙම්මම පල කරනවා කියලා මන් දන්නවා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් හෝ බාධාවක් නෑ.. මං පලකරන ලිපිවලට Comment 1ක් හෝ 2ක් පමණක් වැටුනට මගේම ලිපි Elakiri එකේ පලකරන අයට Comment 45 , 50 වැටිල තියනවා දැක්කහම පුදුමත් හිතෙනවා..  ඒත් මට එ ගැන ප්‍රශ්නෙකුත් නෑ....

නමුත් මේ ගැන නොදන්න සමහර අයට හිතෙන්න පුලුවන්, මන් Elakiri එකේ ලිපි අරන් මගේ බ්ලොග් එකේ පලකරනවා වගේ අදහසක්.. ඒක නිසා මං කරුණාවෙන් ඉල්ලන්නේ, මේ බ්ලොග් එකේ තිබෙන ඔනෑම දෙයක් Copy කිරීමට ඔබට සියට දෙසීයක නිදහසක් තිබෙනවා.. ඒත් ලිපිය ගත්තෙ මෙතනින් කියල දාන්න පුලුවන් නම් ඒක මට කරන ලොකුම උදව්වක් ඒ වගේම ඔබගේ නිහතමානි කම පෙන්නිමටද කදිම අවස්ථාවක්....

ස්තුති!!!! 
ජය වේවා!!!




Read full story

Sunday, April 17, 2011

සුපිරි,තරුපංතියේ කෑම වේලක් රුපියල් 100කට කන්න කැමතිද...

18 comments

කරන්න තියෙන්නෙ නම් බොහොම පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම  තියෙන්නේ..

''මා ගාව සල්ලි නෑ ඔයි…''

කියල කියන්න විතරයි.

ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර් කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට කිව්වයි කියලා කාරියකුත් නෑ ගමේ හොටල්වල වගේ තරුපංතියේ හොටල්වල වලං පිගන් හොදන්න දෙන එකක්යෑ… එයාල කෙලින්ම කථා කරන්නේ පොලිසියට….

මැනේජරුත් පොලිසියට කථාකරයි. පොලිසියට කථා කරාකියල බයවෙන්න ඔනද?? කොහෙත්මනෑ ඔබට කරන්න තියෙන්නේ ඔබව අල්ලන් යන රාලහාමි අතේ අර රුපියල් 100 මිට මොලවන එක විතරයි..

කොහොමද වැඩේ!!!  රුපියල් 100ට තරුපංතියේ කෑම වේලක්..

අවවාදය: විදේශයන් හිදි අත්හදා බැලිමට යාමෙන් වලකින්න…




Read full story

Thursday, December 16, 2010

funny Story's | විහිලු කථා එකක් නෙමේ ගොඩාක්....

12 comments


මනමාලිගෙ  ඇදුම

විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.

''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''
-------------------------------------------------------------------------------------------------------------
ලාම්පුව

මාටින් : ''මුදලාලි, මං   ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...''

මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත්                        දාන්න පුලුවන් කියලා''

-------------------------------------------------------------------------------------------------------------
මුවහත

බාස් උන්නැහේ -  ''මොකද ලමයොමේ උදේ පාන්දරම. ඈ.....මෙගෙනත් තියෙන්නේ ඊයෙමන් තලල දිපු මන්න පිහිය නේද???''

ළමයා - ''ඔව් මේ ඒ පිහිය තමයි තාත්ත කිව්වා මේ පිහිය බාසුන් නැහේට දිල කැපෙන පැත්ත ලකුණු කරගෙන එන්න කියලා...''

-------------------------------------------------------------------------------------------------------------
කාසිය

කුඩා දරුවෙකුට සතයේ කාසියක් ගිලිම නිසා මව උදව් ඉල්ලා කෑගසන්නට විය.අසල සිටි පුද්ගලයන් කිපදෙනෙකු පැමිණි අතර ඒ අතර සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ කුඩා දරැවා දෙපාවලින් අල්ලා හිස පහතට හරවා පිටට තට්ටු කලේය.මද කැස්සක් සමග කාසිය පිටතට පැමිණි නිසා මව මහත්සේ සතුටට පත් වුවාය.

''බොහොම ස්තුති ඩොක්ටර් මේ වෙලාවෙ කරපු උදව්වට දරැවගෙ වාසනාව ඔබතුමා වගේ කෙනෙක් මෙතන සිටිම.''

''ආ..හ් ඔක මොකක්ද ඒත් මන් ඩොක්ටර් කෙනක් නම් නෙමේ. මං ආදායම් බදු නිලධාරියෙක්''

-------------------------------------------------------------------------------------------------------------
නඩුව

මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ    නැද්ද''

විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''

-------------------------------------------------------------------------------------------------------------
ආදරය

බිරිද- ''හා.. නේ මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ.  ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''

සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවසනේ..''

-------------------------------------------------------------------------------------------------------------
එකට එක

බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''

සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''

-------------------------------------------------------------------------------------------------------------
නරක් විම

කුඩා දරැවා- ''ආච්චි අම්මේ අයිස් පෙට්ටිය දිහා බලාගෙන ඔයා මොනවද කල්පනා කරන්නේ''

ආච්චි අම්මා- ''පුතේ ඔය අයිස් පෙට්ටිය ඇතුලෙ දැම්මහම ඔනැම දෙයක් නරක් නොවි තියාගන්න පුලුවන් කියන්නේ ඇත්තද...''

කුඩා දරැවා- ''ඇත්ත තමයි ආච්චි අම්මේ ඇයි ඇහුවේ''

ආච්චි අම්මා- ''උඔලගෙ සීයගෙ හිත නරක් වේගන එනවයි කිව්වා ඒ හින්දා අන්න ඒක ඔන්න ඔය පෙට්ටිය ඇතුලට දාපන් පුතේ...''

-------------------------------------------------------------------------------------------------------------
දැන්විම

ඇස්කණ්නාඩි සදහා ඇස් පරික්ෂාකරන ස්ථානයක දොරටුවෙහි මෙසේ සදහන්කර තිබිණි.

''ඔබට අවශ්‍යදේ දැකිමට නොහැකි වුවත් ඔබ නියම ස්ථානයට පැමිණ ඇත.''

-------------------------------------------------------------------------------------------------------------
පිරිසිදු කම

මහත්තයා-  ''වේටර්... මොකද අයිසේ බිත්තරේ අතින් අරන් එන්නේ ඔක පිරිසියක තියාන් එනවා ඔහොමද වැඩකරන් නේ..''

වේටර් - ''නෑ සර්.. නැත්තම් මේක ආයිමත් බිම වැටෙයි.''

-------------------------------------------------------------------------------------------------------------
බෙහෙත

මැදිවියෙ පසුවන සිල්වා හදිසියේ බලවත් ලෙස රොගාතුර විය බැරිම තැන ඔහු වද්‍යවරයකු වෙත ගියේය. සිල්වා හොදින් පරික්ෂාකල වද්‍යවරයා බෙහෙත් පෙති හතරක් ඔහු අත තබමින් මෙසේ කිය.

''අද රෑ නින්දට පෙර මේ බෙහෙත් පෙති දෙකක් ගිලින්න. උදේ නැගිට්ටොත් අනිත් දෙකත් ගිලින්න. ලෙඩේ නිට්ටාවටම හොදවෙයි.''

-------------------------------------------------------------------------------------------------------------
කෑම

කම්කරුවන්ගෙ කෑම ශාලාවක හැමදාම එක් කම්කරැවෙක් තම බත් පාර්සලය දිගඅරින විට ''තුං..විතරක් අදත් තියෙන්නේ බතුයි සම්බොලයි'' කියා දොස් පවරයි.

මෙය අසා සිටි තවත් කම්කරැවෙක් මෙසේ කිය

''ඇයි බං හැමදාම ඔක කියන්නේ ගෑණිට කියපන්කො වෙන මොනාහරි උයන්න කියලා''

''මොන ගැණීයෙක්ද බං මන්මයි හැමදාම උයන් නේ...''

-------------------------------------------------------------------------------------------------------------
ෆුට් බෝල්

තමන්ගෙ කුඩාකාලය ගැන පියෙක් තම පුතුට විස්තර කරන්නට විය

''මං පොඩිකාලේ ෆුට් බෝල් ගහන කොට, මංනැතුව අනික් කවුරැත් සෙල්ලම් කරන් නෑ. මං නිකන් හරි සෙල්ලම් කරන්න නොගියොත් අනික් අයත් එන් නෑ''

''ආ..හ් තාත්තා එතරම් දක්ෂ ෆුට් බෝල් ක්‍රිඩකයෙක්ද...''

''නෑ බං මට විතරයි ෆුට් බෝලයක් තිබු නේ,ඒක මං අරන් නොගියොත් උන් මොකෙන් සෙල්ලම් කරන්නද...''

-------------------------------------------------------------------------------------------------------------
අලුත් කාරය

තම අලුත මිලදිගත් කාරයෙන් නුවරයාමට පිටත්වු පියසොම ගෙදර පැමිණියෙ දින හතරකට පසුවය.මේ පිලිබද මහත් උරණ වි සිටි ඔහුගේ බිරිද ඔහු නිවසට පැමිණි විගස ඇගට ගොඩවන්නට විය.

''ආ...හරි අපුරැයි මිනිහා ගෙදර එන දවස මෙච්චර දවස් මොන මගුලක් කලාද එහෙට වෙලා''

''මන් කරපු මගුලක් නෑ හාමිනේ,මේ කාර් හදපු සුද්දා ඉස්සරහට යන්න ගියර් හතරක් හැදුවට පස්සට යන්න හදල තියෙන් නේ එක ගියර් එකයිනේ........''

-------------------------------------------------------------------------------------------------------------
හපන්කම

තම කාලෙකින් හමුවු මිතුරා සමග සුනිල් සතුටු සාමිචියේ යෙදෙන්නට විය.
''මේ මාර වැඩක් උනානේ මචං. දවසක් මන් පාරේ යනකොට හෙන ඇගපත තියන පොරක් කෙට්ටු අහිංසක මනුස්සයකුට හොදටම ගහනවා''

''ඉතින් උඔ මොනාද කලේ...'' මිතුරා විමසිය

මන් මිනිහට කෑගහල කිව්වා බං, ''මේ ඔයි ඔයවගේ අහිංසකයකුට තලන් නැතුව තමුන්ගෙ ඇගට හරියන අපි වගේ හාදයෙක් හොයා ගන්නවකො ගහගන්ඩ ඔනේනම්'' කියල

''මයි ගොඩ්..ඉට පස්සෙ මොකද වුනේ''

මචං මට ඉට පස්සෙ උන එක නම් මතකනෑ. වැඩට ගිහාම අපේ ලොක්කා,
''තමුසේ දවස් පහක් තිස්සෙ වැඩට එන්නැතුව මොන මගුලක් කලාද මිනිහො''  කියල ඇහුවනම් මතකයි.


-------------------------------------------------------------------------------------------------------------
පුතාගේ කරැණාව


නිමල් ලගට දුවගෙන ආ ඔහුගෙ පුතා

''තාත්තේ තාත්තේ මට රැ 10 ක් දෙන්න පුලුවන්ද අර පාරෙ ඉන්න අංකල්ට දෙන්න''
එකවරම තම පුතා පිං දහම් කිරිමට පෙලඹිම ගැන සතුටුවු නිමල්,

''හොදයි පුතා මන් දෙන්නම්, ඇයි ඔයාට එකපාරටම හිතුනේ මෙවගේ වැඩක් කරන්න''

''නෑ තාත්තේ මන් ඒ අංකල්ගෙන් අයිස් ක්‍රිම් එකක් ගත්තා.''














  
Read full story

Sunday, August 29, 2010

ප්‍රේක්ෂක ඉල්ලිම....

13 comments



සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:

අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....

එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:

නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....
Read full story

Sunday, August 15, 2010

මාස්ටර්ට ලැබුනු තෑග්ග...

13 comments

අපිට exam මේ 31 ඉදල පටන් ගන්න නිසා ආයි සැහෙන්න දවසකට site එක පැත්තේ එන්න වෙන එකක් නෑ.. කට්ටියට අච්චාරුව අමතක වෙලා යන්න කලින් ඇවිත්,විහිලු කථාවක්වත් ලියල යන්න හිතුනා. මේක නම් ටිකක් කැත විහිලුවක්ද දන්නේත් නෑ..කියවලම බලන්නකෝ….

ඔන්න නුවරඑළි පැත්තේ ටියුෂන් සර් කෙනෙක් හිටියලු උසස් පෙලට විද්‍යාව උගන්වන..දන්නවනේ ඉතින් නුවර එළියෙන් කැම්පස් තේරෙන්නේ පොඩි ගානක්නේ…ඒක නිසා මේ ටියුෂන් සර් හිතා ගත්තලු කොහොම හරි මහන්සි වෙලා උගන්වල,තමන්ගෙ පංතියෙන් එක ලමයෙක් හරි කැම්පස් යවනවා කියලා.....

ඉතින් මේ ටියුෂන් සර් සතියෙ සවස්වලත් අමතර පංති දාලා,ගොඩක් මහන්සි වෙලා ලමයිට ඉගැන්වුවලු. ඉතින් ලමයි A/L ලියල result ත් ආවා කියමුකො.. බැලිනම් එක දෙමළ ගැණු ලමෙක් හොදට පාස් වෙලා කැම්පස් තේරිලාලු..සර්ට ඉතින් හරි සතුටුයිලු,ඇයි තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියනවනේ…

දවසක් ඒ ගැණු ලමයා සර්ව හම්බෙන්න ආවලු සර්ට ස්තුති කරල යන්න.සර්ට තවත් සතුටු හිතුනලු,අනේ කෙලෙහි ගුණ දන්න ලමයෙක්නේ කියලා.සර් විස්තර එහෙම කථාකරලා,විහිලුවට වගේ ඇහුවලු..

''දැන් ලමයා කැම්පසුත් තේරැනානේ... මට මුකුත් තෑග්ගත් එහෙම ගෙනාවෙ නැද්ද?..''කියලා

ගැණු ලමයත් හොදට හිනාවෙලා එහෙම කිව්වලු

''ගෙනාවා සර්…'පුක' ගෙනාවා දෙන්න….''

සරයා හොදටම හොල්මන් වෙලාලු කෙල්ල කියපු කතාවට.. ඇයි තෑග්ගක් විදිහට 'පුක' දෙනවා කිව්වහම හොල්මන් වෙන්නේ නැත්තෙ කවුද?…..

ඔය අස්සෙ කෙල්ල බෑග් එක අවුස්සලා කිරිබත් පාර්සලයක් අරන් සර්ගෙ අතේ තිබ්බලු..

බැලිනම් කෙල්ල 'පුක' කියල තියෙන්නේ කිරිබත් වලටලු…දෙමළෙන් කිරිබත් වලට කියන්නේ 'පුක' කියලලු නේ....

හි හි..

දැන් මේක කියවලා කට්ටිය දෙමල කෙල්ලන් ගෙන් 'පුක' එහෙම ඉල්ලුවොත් ලැබෙන ප්‍රතිචාර වලට මමනම් වගකියන් නෑ ඔන්…


Read full story

Monday, July 5, 2010

අපුරැ තැග්ග

9 comments

ගොඩ දවසකින් විහිළු කථාවක් දාන්න බැරිවුන හින්දා කථාවක් දාන්න ඔන කියල හිතුනා... මේ කථාවත් ඉතින් ඇම්ඩා ගැන තමයි.. කොහොමද අහද්දිත් පොඩි කික් එකක් එනවා නේද ඇගට.

ඔන්න ඉතින් ඇම්ඩාලෑ නැන්ද කෙනෙක් හිටියලු පිටරට.ඒ නැන්දා ඇම්ඩාලෑ පවුලට එවුවලු අපුරැ තෑග්ගක්. ඒතමයි රොබෝ කෙනෙක්.මේ රොබෝගෙ පොඩි විශේෂත්වයක් තියනවලු. කවුරැ හරි බොරැවක් කිව්වහම,කම්බුලට ගහනවලු තරැ විසිවෙන්න....

රොබෝ ගෙනාවට පස්සෙ දවසෙ ඇම්ඩා ඉස්කොලෙ ඇරිල ආවේ සෑහෙන්න පරක්කු වෙලාලු. ඇම්ඩාගේ තාත්තා ඇහුවලු

"මොකද පුතේ අද මෙච්චර පරක්කු" කියලා...

ඇම්ඩා කිව්වලු "තාත්තෙ, අද අපිට හවස පංතියක් තිබ්බනෙ ඒකයි" කියලා.

එතකොටම කොහෙද හිටපු රොබෝ දුවගෙන ඇවිත් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු හොද පාරක්, ඇඩ්රස් නැති වෙන්න.....

තාත්ත කිව්වලු," පුතේ දැන් බොරැ කියන්න හම්බෙන් නෑ, ඇත්ත කියපන් කොහෙද ගියේ " කියලා...

ඇම්ඩාත් වැඩේ කොටඋඩ කියල තේරිල කිව්වලු,

"තාත්තෙ මම චිත්‍රපටියක් බලන්න ගියා" කියලා

ඒ පාර තාත්තා ඇහුවලු

"ආ..කියපන් බලන්න බලපු චිත්‍රපටිය මොකක්ද කියලා....."

ඇම්ඩා කියනවලු " තාත්තෙ ඒක ලමා චිත්‍රපටියක් කියලා "

ඔක ඇහුනු ගමන් රොබෝ ආයිත් පාරක් ඇම්ඩාගේ කම්බුලට දුන්නලු කලින් එකටත් වඩා හයියෙන්. ඇම්ඩා හොදටම බයවෙලා තාත්තට ඇත්තම කිව්වලු, බැලිනම් මේ යෝධයා බලලා තියෙන්නෙ ‘අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටියක්ලු. ඒක දැනගත්තු ගමන් තාත්තටත් යකා නැගලා....

" ඈ..යකෝ උඔ මේච්චර පොඩිකාලේ ඉස්කෝලෙ යනවා කියලා ඔවද කරන්නේ...අපි ඒ කාලෙනම් කවදාවත් ඔවා කරේ නෑ....."

කියල ඉවර වෙන්නවත් හම්බුනේ නැලු, රොබෝ පැනපු ගමන් තාත්තටත් දුන්නලු හොද කනේ පාරක්..
මේ සීන් එක බලන් හිටපු ඇම්ඩාගේ අම්මා, තාත්තා කණ අල්ලන් ඉන්නවා දැකල කිව්වලු...

" හ්ම්....පුතාගෙම තාත්තනේ ඉතින් ...." කියලා

පැනපු ගමන් රොබෝ අම්මටත් දුන්නලු හොද කනේ පාරක් ........

හි.. හි....
Read full story

Sunday, April 11, 2010

පලාතේ ඉන්ඩ බැහැ.........................

0 comments
දිනක් එක් මහලු ස්ත්රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්ර්තිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යයවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.....

-----පුවත් පතකිනි------
Read full story

Call එක...............

1 comments
"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
පුතා - "හා තාත්තී..."
"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
පුතා - "මම කිව්වා"
"ඉතිං"
පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
"ඉතිං.."
පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
"ඊට පස්සේ"
පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "
Read full story

කලබල වෙන්න එපා...ප්ලේන් එකක් දැන්ම නෑ....

5 comments
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
Read full story

හොඳට බලනවා....

0 comments

අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා..
සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා”
කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා................
Read full story

ආයිත් ඇන්නොත් ????

0 comments
පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය
Read full story

බල්ලා..................

1 comments
ගුණපාල : උඹේ බල්ලා හපනවද ඇම්ඩො! ?
ඇම්ඩන් : අපෝ නෑ....
බල්ලාව අතගෑමට සැරසුන ගුණපාලව බල්ලා හපා කයි
ගුණපාල : තමුසේ කිව්වේ බල්ලා හපන්නෑ කියලා.
ඇම්ඩන් : ඔකා මගේ බල්ලා නෙවෙයි
Read full story

ඇම්ඩාගෙ පිළිතුර................

0 comments
ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.
Read full story

රස්සාව...............

0 comments
පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි .- 2 + 2 කීයද ?
ඇම්ඩන් - 4 යි
පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
ඇම්ඩන් - 10
පොලිස් නි - කියනව බලන්න ඒබ්රහම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් - ම්හ්.. මම දන්නේ නැහැ.
පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්රවම් ලින්කන් කියන්නේ....
Read full story

හා එහෙනම් කියන්න !

0 comments
තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විස්රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"
වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."
එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල
පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්..."
තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"
පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "
සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්ර් ලබා ඇත. උත්සාහය ව්ය්‍යර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....
හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා.
Read full story

කෘතිම සංසෙචනය................

0 comments
එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සංසෙචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සංසෙචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.

දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙ‍රීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය.

නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ ....

“උන් ‍ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා”
Read full story

ඇයි දෙයියනේ එහෙම කලේ.....

0 comments
අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.

“යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”

-------පෙතපත අැසුරෙනි-------
Read full story

අම්මගේ තරමටම ... .......

0 comments
සෑමදාම කොට කලිසම ගසාගෙන ටෙනිස් ගහන්න යන ලොකු මහත්තයාගේ දියණිය දකින ආරොන්ට ඉවසා සිටින්නට බැරිම දේ උනේ ඇය උඩ තට්ටුවේ සිට පහතට බහින්නේ අත්වැල උඩින් කකුලක් අනිත් පැත්තට දමා විදුලි වේගයෙන් පහතට රූටා එම දකිද්දීය. අම්මප අත්වැලක් උනානම් ආරොන් සිතූ වාර අනන්තය. රැව්ල කපන බ්ලේඩ් තලයක් ගෙන අත්වැලෙහි මැද ගැසුවේ ඉවසා ඉවසා ඉවසා ඉවසන තැන ගෙවීගිය ආරොන්ය. පසුදා පහන්විය. ඇය සුපුරුදු ක්රීඩාවේය. අප්පච්චියේ ආරොන්ගේ තරහ හරියටම පිරිමැහී ඇත. වහා ඇය පව්ලේ වෛද්‍යවරයා වෙත ගෙන ගියාය.
මැසීමට ඇවැසි සියළු උපකරණ රැගෙන ..

දොස්තර - Oh My God ! බේබි කියන්න කොච්චර ඉතුරු කරන්න ඕනිද කියලා?

ම්හ! පිළිතුරක් නැත. ඇය විලියෙන් ඇඹරෙයි
දොස්තර - කියන්න ළමයෝ කියන්න. ලැඡ්ඡ වෙන්න එපා. ඕගොල්ලුන්ගේ අම්මි බේත්
ගන්නෙත් මගෙන්නේ.

අවසානයේ බැරිම තැන ඇඹරෙමින්
දියණිය - එහෙනම් අම්මගේ තරමටම ඉතුරු කරන්න.
දොස්තර - එහෙනම් බේබි ගිහින් අත්වැලේ තව සැරයක් රූටන්න.........


-----අන්තර් ඡාලයෙනි-----
Read full story

මැරිලා ?????

0 comments
එදින එම්බාම් කිරීමට ගෙනා මිනියේ වූ විශාල පිරිමි ඇඟ (පිප්පි කරන කෑල්ල) දැක විස්මයට පත් හේ එය කපාගෙන තම බිරිඳට පෙන්වීමට සිතා හොර රහසේම එය අයින් කරගත්තේය. නිවසට ගිය ඔහු

ඒයි මෙහෙ එනවකෝ......

මේ බලනවකො. අද එම්බාම් එකට ආපු මිනිහගේ එකේ සයිස් එක කියා එය බිරිඳට පෙන්වීය.
අනේ ඇඩ්ඩින් සිංඥෝ මැරිලා !!! ...............
එය දුටු බිරිඳ ලතෝනි තියන්නට විය.

----අන්තර් ඡාලයෙනි----
Read full story

දොස්තර උපදෙස..............

0 comments
"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
Read full story