ජෙනරාල් පොන්සේකා හට බරපතල වැඩ සහිතව වසර දෙකහ මාරක සිරදඩුවමක් නියම විය. මේසමගම ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක ඉදිරි වසර දෙකහ මාර ගතකිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවති. යුධ අධිකරනය විසින් ලබාදි ඇති මෙම තිරණය සංවේදි නායකතුමා ද අනුමත කර ඇති බැවින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහොසි වියාමේ අවධානම් සහිත තත්වයක් උදාවී ඇතිබව නිතිමය ආරංචි මාර්ග පවසයි.
පොන්සේකාට මෙම දඩුවම අත්විමට හේතුව නම්, ප්‍රධාන චොදනා හතරක් යටතේ ඔහු වැරදි කරුබව යුධ අධිකරනය විසින් තිරණය කිරිමයි. අධිකරණයක් විසින් ලබාද්‍දුන් තිරණයක් අභියෝගයට ලක්කිරිම හො වැරදි යයි හුවා දැක්විම මෙම ලිපියේ අරමුණක් නොවන අතර සැබැවින්ම ඔහුට මෙම චොදනාවලට මුහුණ පැමට සිදුවුයේ කවර හේතු නිසාදැයි සලකා බැලිම වටී.
යුධ ජයග්‍රහනයෙන් පසු සිටි විශිෂ්ඨ නායකයා, එකල රජයේ ඇමතිවරුන් පැවසු ආකාරයට ඇමරිකන් යුධ හමුදාවට උවත් නායකත්වය දියහැකි විශිෂ්ඨ නායකයා එකවරම පුස්සෙකු,වැඩ බැරි දාසයකු හා හොරෙකු වුයේ අන්කවර නිසාවත් නොව ඔහුගේ දෙශපාලන ආගමනය නිසා බව සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සිටියානම් තවමත් ලක්ෂ පහ හය පඩි ලබමින්,වාහන 30- 40 තබාගෙන රජයේ සියලු වරප්‍රසාද බුක්ති විදින ජාතික වීරයේක් බව අප මතකතබා ගත යුතුය. මේ සියලු වරප්‍රසාද හා නම්බුනාම අහිමිව යාමට ඔහුකරන ලද පව නම්, ජනාධිපති වරයාගේ ප්‍රතිවාදියා වීමෙන් රාජ උදහසට ලක්වීමයි.
ජෙනරාල් පොන්සේකා දෙශපාලනයට පැමිණිමට කිසිදු බලාපොරොත්තුව කින් නොසිටි පුද්ගලයකු බව ඔහු ගේම ප්‍රකාශ වලින් තහවුරැවී තිබුණි. වරෙක ඔහු පැවසුවේ තමා දෙශපාලනයට අකමැති බවයි. එලෙසම හමුදාවෙන් විශ්‍රම යාමෙන් පසු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තනතුරක් ජනාධිපති තුමා විසින් පවරන්නේ නම් සතුටින් බාරගන්නා බවද ප්‍රකාශකර තිබුණි. නමුත් හදිසියේම පොන්සේකාගේ තිරණය වෙනස් වීමට බලපෑවේද ජනාධිපති වරයාගේ ක්‍රියාකලාපය බවද බොහොදෙනා දන්නා කරැණකි..
රාජපක්ෂ ජනාධිපති වරයා දක්ෂයකි, දේශපාලන සට කපට කම්වලින් අග්‍රස්තය. ඔහුගේ දක්ෂකම් කොතෙක්ද යත් ඔහු දෙකඩ නොකෙරු පක්ෂයක් නැති තරම්ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ J.V.P හා ජා.නි.පෙ ලෙස දෙකට කඩන ලදි. ඉන්පසු නැවත ජා.නි.පෙ දෙකඩ කර පියසිරි විජයනායක, නන්දන ගුණතිලක ඇතුලු පිරිසක් නිදහස් පක්ෂයට ගන්නා ලදි. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමෙන් නොනැවතුනු ඔහු එය නැවත කොටස් කර, හතරට පලන ලදි. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දැන් ආණ්ඩුවේය. පක්ෂය තුලද විවිධ කල්ලි ස්වාධින කන්ඩායම් බිහිවි ඇත. T.N.A එක හා මුස්ලිම් කොන්රසයටද සිදුවුයේ මෙම තත්වයමය. ඔවුන්ගේද පිරිස් දැන් ආණ්ඩුවට පැමිණ දෙශප්‍රේමීන් වි ඇත. ඔහුගේ එකල සිටම පවතින පුරැද්ද නම් වැඩකරන පුද්ගලයන් පලවා හැරිමයි 2005 ජනාධිපති වරණයේදි ජනාධිපති තුමා දිනවීමට දරදිය ඇද වෙහෙසවු මංගල සමරවීරගේ පුකට පයින් ගසා එලවා දැමීය.අනුර බණ්ඩාරනායක එලවිය. මෙම තත්වය ජෙනරාල්ටද පොදු වීම අරැමයක් නොවේ..ජෙනරාල්ට වහාම හමුදාපති දුරයෙන් විශ්‍රාමයාමට සිදුවිය. එලසම ඔහුට ක්‍රිඩා හා පොදුවිනෝද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දුරයක් පිරිනමා රටම හිනස්වන ලදි....
නමුත් මෙහිදි ජෙනරාල්ට වැරදුනු තැන වුයේ ඔහු ජනාධිපති වරයාට අභියෝගකිරිමට යාමය. විධායක ජනාධිපති වරයකුට අභියෝගකිරිමට යාම එසේ මෙසේ වැරද්දක් නොවන බව ඔහුට නොතේරෙන්නට ඇත. ඒ සමගම ආණ්ඩුවේ පච වාහිනි ඔස්සේ දිගින් දිගටම ඔහුට අපහාස එල්ලවිය. වීරයා හොරෙකු විය, හොරා සල්ලාලයකු විය සල්ලාලයා දේශද්‍රෝහියකු විය දේශද්‍රෝහියා පොන්සේකා විය. ජනාධිපතිවරණ සමයේ පචවාහිනි වල ගිය චිත්‍රපට පවා අපුරැ ඒවා විය. ඉඩි අමීන්ගේ චිත්‍රපට නැවත නැවත විකාශය විය. උදේ ගියඑක දවල් යති, දවල් ගියඑක රෑත් යති එපමනකුදු නොව මේරට සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත් ''කොපි කඩේ'' පවා හිරිකිතයකින් තොරව දේශපාලනීකරණය කරන ලදි. ජනාධිපති වරණ සමය තුල උදය ගම්මන් පිල, චම්පික රණවක, විමල් විරවන්ශ වැනි 'එහෙයියන්' තම බිරින්දෑවරැන් සමග රැයක් ගතනොකල තරම්ය.ඔවුන් සිය සම්පුර්ණ කාලයම රෑප වාහිනි මාධ්‍ය ආයතන තුල, මාධ්‍ය සාකච්චා පවත්වමින් ජනතාවගේ මතය හිරිවැට්ටිමේ කාර්යයෙහි නිරත වනු දක්නට ලැබුණි.
ඔවුන් පවසන අන්දමට යුධ නායකයකු දේශපාලන නායකයකු විම කිසි සේත් සුදුසු නැත. එය බලවත් පාප කර්මයකි. එය අසන විට ලෝකය පුරා සිටි යුධ නායකයන් දේශපාලන නායකයන් වු අයුරැ ලියුම්කරැගේ සිහියට නැගේ.දෙවන ලොක යුද්ධයේ දි මිත්‍රපාක්ෂික හමුදාවට අණ දුන් ජෙනරාල් අයිසන් හවර් ඇමරිකාවේ ජනාධිපති විය. හමුදාවේ සිටි චාල්ස් ඩිගොල් ප්‍රංශය පාලනය කරන ලදි. හියුගො චාර්වේස් මෙන්ම ජනාධිපති තුමාගේ මිත්‍රයකු වන කර්නල් ගඩාබි අපුරැවට ලිබියාව පාලනය කරති..නමුත් පොන්සේකාට රට පාලනය කල නොහැක ඔවුන්ගේ මෙම ප්‍රකාශ වලට හේතුව තාමත් ලියුම් කරැට නොතේරෙන බැවින් එය තේරැම් කරදිම පාඨකයාගේ වගකිම වන්නේය....
මේ සියල්ලෙන් නොනැවතුනු පච වාහිනියක් පොන්සේකාගේ පුද්ගලික ජිවිතය අල්ලා නිෂ්පාදනය කල ''ඇගිලි සලකුණ'' වැඩසටහනක් පවා ප්‍රචාරය කරන ලදි. පසුව මාධ්‍ය මගින් අනාවරනය වුයේ ඒම වැඩසටහන ගණිකාවන් කිපදෙනෙකු යොදාගෙන රෑගත කර ඇති බවයි.මෙමගින් ජනතාවට පොන්සේකා පිලිබද පිලිකුලක් ඇතිවුනු අතර,එමගින් ඔහුට හිමිවිමට තිබු විශාල ඡන්ද ප්‍රමානයක් අහිමි වු බව ලියුම්කරැ හොදාකාරවම දන්නේ,ඔහුගේ ඥාතින් පිරිසක්ද ඒ අතර සිටින බැවිනි..
අවසන් වශයෙන් සංවේදි නායක තුමා අමතමි.අප රටේ 30 වසරක් පැවතුනු යුද්ධය සම්බන්ධව ඔබ ලබාදුන් දේශපාලන නායකත්වයෙහි වටිනාකම ගැන කිසිදු සැකයක් නැත. එය අප ඔනෑම තැනක පිලිගන්නා අතර ඒ පිලිබද මතු පරම්පරාවටත් කියමි, ලියා තබමි.. නමුත් සංවේදි නායක තුමනි! ඔබ තුමාගේ සංවේදි සිත පොන්සේකා වෙතද යොමුකරනු වටිත්වා!. මීට පෙරද ඔබ සංවේදි ලෙස මිනිසුන් දෙස බලා ඇත. එක්තරා ඇමති බිරියක් මිනිමැරැම් දෙකක් කරවීමට වැරදිකරැ වීමේන් ජිවිතාන්තය දක්වා සිරගත වු කල ඔබ තුමා සංවේදි සිතින් බලා ඇය නිදහස් කරන ලදි. ඇමතිවරයේකු කොටි 42 උපයාගත් අන්දම පෙන්වන්නට නොහැකිව ලතවෙද්දි ඔබතුමා සංවේදි බැවින් නිහඩව සිටි. තවත් ඇමති වරයෙකු විදේශරටකදි රජයේ වියදමින් දියණියගේ උපන්දිනය සැමරැවා අපට මතකය. කොප් වර්තාවෙන් එලිවු දුෂණ වලට වැරදි කරැවන් ගැන ආරංචියක්වත් නැත.කරැණා මැතිතුමා මෙන්ම පිල්ලයාන් මැතිතුමාද අද නැගෙනහිරට වි සුවෙන් කල් ගෙවයි. මේ සියල්ලටම හේතුව ඔබගේ සංවේදි කරැණාවන්ත භාවයට පිං සිදුවන්නටය. ඔබ තුමාගේ රාජ්‍යයේ වෙසෙන කුඩා ප්‍රණියෙකු වන මේ ලියුම්කරැ මෙන්ම පසුගිය මැතිවරණයේදි 40 ලක්ෂයකට වඩා වැඩියෙන් ඡන්දය ලබාදුන් මහජන තාවගේද එකම ඉල්ලිම ඔහුට 'ජනාධිපති සමාව' ලබාදි නිදහස් කරන ලෙසයි. එය ඔබ සිදු කරන්නේ නම් ඔබගේ කිර්ති නාමය වැඩිවිමට මෙන්ම ඉහත සදහන් කල ජනතාවගේ නොමද ප්‍රශංසාවට ඔබ බදුන්වනු ඇත...
21 comments:
"ජෙනරාල්ට වහාම හමුදාපති දුරයෙන් විශ්‍රාමයාමට සිදුවිය"
අපි නම් දන්නෙ එයා මාණ්ඩලික ප්‍රධානී වෙන්න ඕන නිසා අයින් උනා කියල. නැත්තං හිටපු නාවික හමුදාපති එතනට පත් වෙයි කියලා. මොකද හිටපු නාවික හමුදාපති යුද්දෙදි කරපු දෙයක් නෑනෙ. මාළු අල්ලපු එක නෙ කරන්න ඇත්තෙ...
"ජෙනරාල්ට වහාම හමුදාපති දුරයෙන් විශ්‍රාමයාමට සිදුවිය"
අපි නම් දන්නෙ එයා මාණ්ඩලික ප්‍රධානී වෙන්න ඕන නිසා අයින් උනා කියල. නැත්තං හිටපු නාවික හමුදාපති එතනට පත් වෙයි කියලා. මොකද හිටපු නාවික හමුදාපති යුද්දෙදි කරපු දෙයක් නෑනෙ. මාළු අල්ලපු එක නෙ කරන්න ඇත්තෙ...
හුදි ජනයිනි පහන් සන්වේගය උපදවාගෙන අදොමුකයේ ඈගිල්ල ගසාගෙන බලා සිටිත්වා
@Anonymous
ඒ ඔබතුමා දන්න තරම තමා,විශ්‍රාම ගියේ මාණ්ඩලික ප්‍රධානි පුටුවට බව ඇත්ත තමා නමුත්,මාණ්ඩලික ප්‍රධානි කියන්නේ නිකම්ම පුටුවක් පමනක් බව පස්සේ එතුමා මාධ්‍යට කියල තිබ්බා.ඒ පුටුවේ සියලු බලතල ආරක්ෂකලේකම් යටතේ තබාගෙන තමා ඔහුට ඉදගන්න පුටුව පමණක් දිල තිබෙන්නේ...
ඒ නිසා තමා ඒ ධුරයේ තමාට කිරිමට එතරම් රාජකාරියක් නොමැති බැවින්, හැකිනම් වෙනත් රාජකාරියක්ද පවරන ලෙස එතුමා ජනාධිපති වරයගෙන් ඉල්ලා තිබුනේ.ඊට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපති තුමා ඔහුව පොදුවිනොද කටයුතු අමාත්‍යංශයට දැම්මා..
පොන්සේකට හමුදාපති ධුරයෙන් විශ්‍රම යන්න උනේ හුදෙක් ජනාධිපති වරයාගෙ උවමනාවට මිස ඔහුගේ කැමැත්තෙන් නොවන බව හොදටම පැහැදිලි වෙනවා ''අඩුම තරමේ නිදහස් උත්සවය වෙනකම් වත් මට ඒ ධුරයේ ඉන්න ලැබුනනම්'' කියල ඔහු කරපු ප්‍රකාශයෙන්
දේශපාලනයට පිවිසීමෙන් මෙච්චර හිරිහැරයක් විඳින්න වෙයි කියල පොන්සේක හීනෙන්වත් හිතන්න නැතුව ඇති.මොන වැරදි තිබුනත් තිස් වසරක යුද්ධය දිනවන්න නායකත්වය දීපු මේ වාගෙ වීරයෙකුට දීපු දඬුවමනම් බොහොම දරුණුයි.
follow this link. act like a man
http://www.sinhalaya.com/news/sin-unicode/news.php?go=fullnews&newsid=103
@Anonymous
Thanx for mention that
Grate blog. But i dont think that the fault is only on MR and government. SF haven't had any idea about coming to politics. JVP idiots are the once hus made this fight among MR nd SF otherwise there party has no future. So they brainwash SF and made him against his president. Totally falt is on JVP motherfuckers hus doesnt have any respect to country or nation.
See now also JVP doesnt want to let MR to release SF. Becoze it it happens they will nt have any fact to bark against government.
-Rometh
Fonseka ge kanu katata mata renna asai. oya oka illan kapu ekak.; Mathakane election dawas wala samaharu bogambara arainawa kiwwa.. Thawa ayata katu denwa kiwwa lewakanna!den ithin lewakapan umbema eta deka ponseka.ANOMA TA SURE EKATA JVP EWUN GAHANAWA Langadima bala poroththuwenna duwala dennata chooty Jvp Malliyek....
සුදු කොඩියක් ගැන ලියන්න අමතකම වෙන්න ඇති මයෙ හිතේ.
Im agree vit Rometh.....
මල්තියා පිදිය යුත්තෙකුට මෙවන් දෙයක් උරුම වුනේ කාලකණ්නි JVP කාරයෝ නිසාය.ඔවුන් ඔහුගේ ප්‍රසිද්ධය බලය අනිසි ලෙස යොදාගෙන ඔවුන්ගේ ඕනෑ එපාකම් සදහා යටින් ක්‍රියා කලේය.වෛරය ක්‍රෝධය එතුමාගේ සිතට ඇතුළු කල කාලකණ්නි JVP කාරයෝ ඔහු මගින් කවදාවත් ලබාගත නොහැකි රටේ පාලනය ලබාගැනීමට උත්සුක වීය.එදා උන් බලයට ආවානම් අපේ රට මේ වන විට උන්ගේ අනසකට යටත්වු කාලකණ්නි රටක් වනු නොවනුමානය.
කෙදිනකවත් එකතුවිය නොහැකි ප්‍රතිපත්ති සහිත පරස්පර විරෝධි ප්‍රතිපත්ති සහිත UNP ය සමග කාලකණ්නි JVP කාරයෝ එකතුවුනේ මොකටද? ජනතාවට ආදරේටද? නෑ බලය කෙසේ හෝ ලබාගැනීමට.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දැන් කාලකණ්නි JVP කාරයෝ තමන්ට කල දේ ගැන දුක්වෙනවා පසුතැවෙනවා ඇත.
මහින්දගේ වැරදි ඇත.නෑ කියන්නේ නැත.මෙතුමාට සමාව දීමට මහින්දගේ යුතුකමකි.
(Anyone can change using Brain Wash....It's so powerful...)
RaJiThA
රංගොජා ගෙන් සමාවක් ගන්නෙ මොන වරදක් කරාටද අපි රංගොජා ගෙන් ඉල්ලන්න ඔනෙ සියලු චෝදනා ඉවත් කරගෙන තමන් කරපු වැරැද්දට ජෙනරල් ෆොන්සේක ගෙන් සමාව ගන්න කියල :l
@Anonymous
Reply for 10 Anonymous comment මුහුමාලේ ඇතිවුගැටුම් වලින් හමුදා සෙබලුන් සිය ගානක් මියගිය අවස්ථාවේ ඉංග්‍රිසි පුවත්පත් හා වෙබ් අඩවි මගින් ඔහුට දිගින් දිගටම පහරගැසු අයුරැ මතක ඇති.. එවිට ජෙනරාල් පවසා සිටියේ එහි වැරැද්දක් සිදුවි ඇති බව තමා පිලිගන්නා බවත්,ඒහි වගකිම තමා බාරගන්නා බවය..ඔහු ඒහි වගකිම අරක්ෂක ලේකම්ටවත්,අණදෙන නිලධාරියාටවත් පැටව්වේ නැත.මිට අමතරව යුධ අපරාද චෝදනා එල්ලවු අවස්ථාවේ තම හමුදාව වෙනුවෙන් තමා ඒම චෝදනාවලට තනිව මුහුණ දෙනබවත් පවසා තිබුනි. ඒහෙව් ඉතිහාසයක් පවතින නායකයෙකු ඔවැනි ප්‍රකාශයක් කරතැයි සිතිය හැක්කේ ඔබවැනි පචවාහිනි රසිකයකුට මිස වෙන කවරෙකුටද?
මේ කොමෙන්ට් කියවද්දි තේරෙන්නෙ... තාමත් සරමට කඩේ යන ගොන් බානවල් ඕනෑ තරම් සිටින බවයි...පොන්සේකා වැනි උත්තමයෙක් ගැන දැන්ම කතා කර තේරුමක් නැත. තවත් අවුරුද්දක් දෙකක් යන විට එකී ගොන් බානට සරමේ තරම වැටහුනු විට, මෙවන් මාත්රුකාවක් කතා කිරීමට ගත්තානන් තවත් අගනේය. ...
කරුණා අම්මන්ලා, පිල්ලෙයාර්ලා වැනි දේෂ ප්‍රේමීන් ඉන්නා ලංකාවට දෙයියන්ගේම පිහිටයි... .. . .
e wagema therenawa kalisamata kade yana ponnayo thamai vadipura inne kiyala.adu gane kalisama hodalawath thiyenawanan kamak na.
කරුණාකර මින් ඉදිරියට Anonymous Comment දැමීමෙන් වලකින්න. මේහි ඔබ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන ඔනෑම අදහසක් පලවේ...
Dear reader your comment worth for me. but don't add Anonymous Comment.i'm not publish it any further....
පව් ඉතින් දැන්....සුදුකොඩි කතාවත් මාට්ටු වේගන නේ යන්නෙ...සුබ අනාගතයක් තමා...දෙන දේ කාලා රීලා ඉන්න තමා තියෙන්න
විකාර.....මෙතන කමෙන්ට් කරන අපි හමෝම කියන්නෙ අපි කාගෙන් කාගෙන් හරි අහගත්තුවා මිසක් අපි ඇසින් දැක කනින් ඇසූ දේවල් නොවෙයි. මේ කියන ඇහෙන කතා වල ඇත්ත නැත්ත දන්නේ මහින්දත් සරතුත් පමණි. ඔබේ වටිනා කාලය ප්‍රයෝජනවත් දේකට යොමුකරන්න.
me wage lipiyak liuwa ekama athi habai parissamin. fonsekata unade heta obata wiya haka.me rajandu yugayaki palanaya raju atheya. ama nisa warada karu kirima ho nokirima ohu atheya.
gon pakku.JVP 1 baninda epa
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...