වර්ථමානයේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිම පිලිබද මහත් කථිකාවතක් ඇතිවි ඇත. එයට ආසන්තම හේතුව වි ඇත්තේ S.B දිසානායක ඇමතිවරයා, හොදින් හෝ නරකින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරිමට ගෙන ඇති තිරණයයි. ඔහුට එම හැකියාව ඇතිද නැතිද යන්න ප්‍රශ්ණ කිරිම මේම ලිපියෙ අරමුන නොවෙන නමුත්, එසේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරිම ලංකාවට කෙතෙක් දුරට ගැලපේ දැයි සලකා බැලිම වටි………
නිදහස් අධ්‍යාපනයේ පියාවු C.W.W කන්නන්ගර ශ්‍රිමතානන් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කිරිමෙදි, ''අපට ගහකට නග්ග ගන්න වත් කොල්ලෙක් නැතිවෙනවා මෙකෙන්'' කියු ඇමතිවරු එකල සිටිබව බොහො දෙනෙකුට අමතකව ගොසිනි. එතුමා එය ඉදිරිපත් කලේ '' බල්ලා තොව මරණවා කියද්දිය'' එසේ ඇති කරන ලද නිදහස් අධ්‍යාපනය බැංකුවේ දැම්මාක් වැනිව මෙතෙක් කල් රුකි ඇතැයි යමෙකු සිතන්නෙනම් එය මහත් මුලාවකි. නිදහස් අධ්‍යාපනය මේතාක් හෝ රුකිඇත්තෙ ලාංකිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල වලට පිංසිදුවෙන්නට මිස, මෙතෙක් අප රටේ සිටි අධ්‍යාපන ඇමැතිවරුන් නිසා නොවන බවද අප මතක තබාගත යුතුය.
නිදහස් අධ්‍යාපනයත් සමගම ගමේ සිටි පොඩිමිනිහගේ දරුවන් හට විශ්වවිද්‍යාලයට පය තැබිමට වරම් ලැබිය.මෙ සමගම අපේ රටේ පැවති රදල පවුල් වාදි ප්‍රභුපන්තියේ ආධිපත්‍ය බිදවැටුනු අතර උගත් මධ්‍ය පාන්තික ප්‍රජාවක් අතට රජයේ ඉහල තනතුරැ පත්විම සිදුවන ලදි. මෙම තත්වය දරාගත නොහැකිවු විවිධ පුද්ගලයන් නිදහස් අධ්‍යාපනය විනාශ කිරිමට නොයෙක් අක්මුල් තැබුවද එය යම් ලෙසකින් හෝ රැකිතිබිම ජාතියෙ දු පුතුන්ගේ වාසනාවකි.
පුද්ගලික විශ්වවිද්‍යාල හෝ වෛද්‍ය පිඨ ඇතිවිම තුල බැදි ඇති ගැටලු ගනනාවක් පවති.ඉන් ප්‍රධානතම ගැටලුව වි ඇත්තේ රුකියා අර්බුදයයි.දැනට පවතින විශ්වවිද්‍යාල වලින් පිටවන උපාදිධාරින්ට රුකියා සපයාදිය නොහැකි ආණ්ඩුවක් පවතින කල, පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාධිධාරින්ටද රුකියා ලබාදිම හුදෙක් සිහිනයක් පමනි. පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිමෙන් දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ගේ දරැවන්ට ඇතිවන සෙතක් නැත.ධනවත් දෙමවුපියන් තම දරුවන් අධ්‍යාපනය සදහා විදේශගත කරනු ලබයි. පුද්ගලික සරසවි ඇතිවිම තුලින් සිදුවනුයේ තම දැහේ මුණ තියා සැදු දරුවන් තමන්ගේ දැස් අද්දරම තබා ගැනිමට එම දෙමවුපියන්ට හැකියාව ලැබිම පමණකි.
මිට උදාහරණයක් ලෙස මාලඹෙ ප්‍රදේශයේ ඉදිකරන වෛද්‍යපිඨය ගැන සලකා බලමු.. එහි එක වෛද්‍යවරයකු වෙනුවෙන් ගෙවියයුතු මුදල රුපියල් ලක්ෂ 65 කි. මෙම මුදල අධ්‍යන කටයුතු සදහා පමනක් වන අතර ශිෂ්‍යන් වෙනුවෙන් යන අතිරේක වියදම් ඔවුන් විසින් දරාගත යුතුය.මෙලෙස අවු:5 ට අතිරේක වියදමුත් සමග එක් වෛද්‍ය වරයෙකු සදහා රැපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැයවේ.මෙම මුදල අපේ රටේ දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ට දරාගත හැකිද යන්න සිතාබැලිම වටි.....
අපේ රටේ සහෘද ජනයා, තමා මියගිය පසු තම දේහය පරික්ෂණ කටයුතු සදහා වෛද්‍ය පිඨ ශිෂ්‍යයන්ට සිය අන්තිම කැමති පත්‍රයෙන් බාරදෙති. නමුත් පුද්ගලික සරසවි වලට කිසිවකු හෝ තම දේහය බාර දෙතැයි සිතිය නොහැක.මෙම ගින් සිදුවනුයේ මෘත ශරිරයට උවද මිලක් නියම විමයි. බුදුන් තුන් වරක් වැඩි අපේ රටේද එවිට තැන්තැන් වල මෟත ශරිර විකුණනු දැකගත හැකිවෙන තරම් අපි භාග්‍යවන්තයෝ විය හැක. එපමනක් නොව ඇතැම් පුද්ගලයන් සොහොන් කොත් හාරා මෟත ශරිර පුද්ගලික සරසවි වලට අලෙවි කිරිමේ ව්‍යාපාරයද පටන් ගැනිමට ඉඩ ඇත.මෙවැනි තත්වයක් ඇතිවුව හොත් සරසවි ඇතිකිරිම තුලින් අපි රැකියා අවස්ථාද වැඩිකලායැයි ඇමතිවරයෙකු පැවසුව විට අපි පුදුම නොවිය යුත්තෙමු......
පුද්ගලික සරසවි වලට කත් අදින ඇතැම් පුද්ගලයන් පෙන්වා දෙන්නේ මෙය ලෝකයේ බොහො රටවල් වල පවතින අතර නැත්තෙ ශ්‍රි ලංකාවෙ පමණක් බවයි. ඇත්තෙන්ම මෙම ප්‍රකාශය මෙතෙක් කල් ශ්‍රි ලාංකිය ශිෂ්‍ය විය්‍යාපාරය වෙනුවෙන් දිවිපිදු විරුවන්ට උපහාරයකි.මන්ද යත් මෙරට පුද්ගලික සරසවි බිහිවිම වැලකුයේ ඔවුන් ජිවිත පරිතයාගයෙන් කටයුතු කල නිසාය. S.B දිසානායක ඇමතිවරයා පවසන පරිදි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් විදේශ විනිමය අපේ රටට ලබාගත හැකි වෙයි. එමගින් ආසියාවේ ආශ්චර්යය ශ්‍රි ලංකාව බවට පත්කල හැකි බව ඔහු සිතනවා විය හැක.
විදේශ විනිමය අවශ්‍යනම් සිදුකලයුත්තේ පුද්ගලික සරසවි බිහිකිරිම නොව රජයේ විශ්වවිද්‍යාල වල අවශ්‍ය පහසුකමි වැඩිදියුනු කර විදේශ ශිෂ්‍යයන්ට ලබාදෙන කොටාව වැඩිකිරිමයි. මොන්ටිසොරි ශිෂ්‍යයකුට පවා තේරෙන මෙම සත්‍ය දිසානායක ඇමතිවරයාට නොතේරිම කණගාටුවට කරුණකි.
මෙහි තවත් භයානක ප්‍රතිපල රාශියක් ඇත.රජයේ විශ්වවිද්‍යාල වල උගන්වන ආවාර්යය වරු ඉහල වරප්‍රසාද සදහා පුද්ගලික සරසවි වෙත මාරුවිම මෙහිදි නියතින්ම සිදුවෙ. එවිට රජයේ විශ්වවිද්‍යාල වල උපාධියට හිමි වටිනාකම ගැන අමුතුවෙන් සදහන් කලයුතු නැත.රජයේ විශ්වවිද්‍යාලට සිසුන් බදවා ගැනිම සිදුකරනුයේ පිලිගත් ක්‍රමවේදයකට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහාය.නමුත් පුද්ගලික සරසවි වලට එසේ පිලිගත් ක්‍රමවෙදයක් නොමැතිවිම මෙහිදි මතුවන ප්‍රධාන ගැටලුවකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට පුද්ගලික සරසවි කෙරෙහි කිසිදු බලපැමක් කිරිමට නොහැකි බව එම කොමිසමෙ සභාපති මහාචාර්යය ගාමිණි සමරනායක මහතා වරෙක සදහන් කරන ලදි. එයට හේතුව වශයෙන් දැක් වුයේ එම විශ්වවිද්‍යාල BOI විය්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරිමට කටයුතු කිරිමයි.මෙ අනුව පුද්ගලික විශ්වවිද්‍යාල යනු උපාධි කඩයක් පමණක් වන බව තේරුම් ගැනිමට තවත් අටුවාටිකා අවශ්‍ය නැත.
මෙතුවක් කාලයක් නිදහස් අධය්‍යාපනය රැකගැනිමට පුරෝගාමි වුයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බව පෙරද සදහන් කලෙමු. නමුත් වර්ථමාන බලධාරින් විසින් මෙම ශිෂ්‍යයන් මර්දනය කිරිම සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව කරුණු කාරනා ගෙන හැර බැලිමෙදි පැහැදිලි වෙයි. ශිෂ්‍ය නායකයන් මර්දනය කිරිම ,ඔවුන්ගේ පංති තහනම් කිරිම ආදියෙන් පමණක් නොව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස අහිමි කිරිමද මේ අතරින් ප්‍රධාන වෙයි. 80% ක පැමිණිම ඔවුන්ට අනිවාර්යය කර ඇත.මෙය කුමක් නිසා ගෙනආ නිතියක් දැයි අපි නොදනිමු.මෙම ගින් සිදුවනුයේ විශ්වවිද්‍යාලය තුලින් ලබාගත යුතු පන්නරය ශිෂ්‍යයාට නොලැබියාම පමණකි. ඔහු බාහිර වැඩ කිසිත් නොකල හුදෙක් උපාදිධාරියෙක් පමනක් වනු ඇත.මෙසේ ගියහොත් ටික කලකින්ම විශ්වවිද්‍යාලය සදහා නිළ ඇදුමක්ද නියම කිරිමට ඉඩ ඇත. එපමණක් නොව නිළ ඇදුමකින් සැරසුනු ශිෂ්‍යයකු සුලු වැරුද්දකට පංති කාබරයේ දණ ගසාගෙන සිටිනු අපට දැක ගැනිමට ලැබෙනු ඇත. මෙතැනට අප යායුතුද නැද්ද යන්න මම ඔබෙන් ප්‍රශ්ණ කරමි......
අවසාන වශයෙන් වර්ථමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඇමතිමට අදහස් කරමි. පාට,පක්ෂ,පිඨ භෙද හැරදා ඔබට එකතු විමට කාලය දැන් එලබ තිබේ .මිට පෙර ඔබගේ ජෙෂ්ඨයෝ එම යුතුකම නොපිරිහෙලා ඉටුකර ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් දහඩියෙන් කදුලෙන් නොහැකි නම් ලෙයින් මසින් හෝ පුද්ගලික සරසවි ඇතිවිම අප වලක්වා ගත යුතුය. නොඑසේනම් ජිවිත පරිත්‍යායෙන් කටයුතුකල අතිත ශිෂ්‍යය සහොදරයන් මිනිවලෙන් නැගිට අපට සාපකරනු වලක්වනු බැරිය........
සංවාදයට විවෘතයි........
16 comments:
/*නමුත් පුද්ගලික සරසවි වලට කිසිවකු හෝ තම දේහය බාර දෙතැයි සිතිය නොහැක */
මට මේ පෝස්ට් එක කියවද්දී ඇහුනෙ විවි සිසුවො නගන ලාමක හඬ මිස වෙන එකක් නොවෙයි. ඒකට හොඳම උදාහරණයක් ඉහත දැක්වෙනවා. ඇයි පුද්ගලික වෛද්‍ය විවි. වල ඉගෙනගන්නෙ වෛද්‍යවරු වෙන්න ඉන්න අය නොවෙයිද? ඇයි ඒවට තමන්ගෙ දේහය බාරනොදෙන්න හේතුව.? ඒවයෙ ඉන්න එවුන් මිනීමස් කනවද?
ඒවයෙ ඉගෙන ගන්නෙ ලංකාවේ ලමයි නෙවෙයිද? මෙතන තියෙන්නෙ සාම්ප්‍රදායික විවි. සිසු හඬ නැතුව රටේ පොදු ජනයාගේ හඬ නොවෙයි. සුදුස්සාට රැකියාව ලැබිය යුතුයි නැතුව රජයේ විවි. වලට ගියා කියලා රැකියා ඉල්ලගෙන ඇවිත් වැඩක් නැ. මම නම් කියන්නෙ ඕකෙන් රජයේ විවි. වලට හොඳ තරඟයක් ලැබිලා තත්වය ඉහල යන්න උනත් හේතු වෙනව.
ඕගොල්ල මේකට අකමැති ඇයි?
ඔයාල හැමදාම කලේ ගුටි කෙලගෙන ගෙවල් වල යන එකෙනෙ. දැනුත් ගෙදර ඉඳන් වෙන්නැ මේක ලියන්නෙ. ඉතින් තරඟයට මුහුන දෙන්න බයයි. පුද්. විවි. වල ඔය ගැටලු නෑ උන් ඉගෙන ගන්නවා උන්ගෙ පාඩුවෙ. උඹල ජෙප්පොන්ටයි අරයටයි මෙයාටයි කඩේ යනව.
මේ රටේ රැකියා තියනවා. සුදුස්සො නෑ. ඉතින් මේකට SB ටයි අරයටයි මෙයාටයි බැනලා වැඩක් නෑ. තමන්ගෙ පාඩුවේ වැඩ කරන එකයි තියෙන්නෙ.
අනිත් එක තමයි ගිය අවුරුද්දෙ ඉඳන් මාලඹේ ස්ලිට් එකේ Electronic engineering (B.Eng) පටන් ගත්තා ඒකට මොරටුවේ Electronic engineering කරන කොල්ලො ටික පිකට් කලාද? නැහැ ඇයි? උන්ට පිකට් කර කර ඉන්න උවමනාවක් නෑ. උන් තමන්ගෙ වැඩේ හරියට කරනවා. උන් ජෙප්පොන්ට කඩේ යන්නෙ නෑ. උන්ට රැකියා ගැටලු නෑ. කවුද මේකට කලබල උනේ? පේරෙ උන්ටික තමයි මේකට පිකට් කලේ පේනවානෙ වෙනස? පේරෙ ඉන්න ජෙප්පො ටික තමයි කලබල උනේ. උන් තමයි කිව්වෙ උපාධි කඩෙ වහපල්ලා ප්‍රමිතිය හොඳ නෑ අරකයි මේකයි කියලා.
උඹල කරන්න ඕන තව එකෙක්ට ඉගෙනගන්න තියන අවස්ථාව නැති කරන්න අර අදින එක නෙවෙයි. උබල හොඳට වැඩ කරල එක එකාට ලේබල් නොගහ කවුරුත් එක්ක මේ රටේ සංවර්ධනයට දායක වෙන එකයි කරන්න ඕන.෴
pinata igenaganna kuhaka ewun tamai mewata kamati natte.un government campus gihin melo deyak igenaganne natuwa pikatin karalama eliyata awit ai pikatin karanawa.private campus danmahana awashya kena aniwaryenma yanawa.eka hoda deyak.anika mun kagahanne tamanta nolabena deyak e lamainta labenawata akamati nisa.athmarthakami ewun nisa.
@ Google Bot
මම රජයේ විශ්වවිද්‍යාලයකින් Software Engineering වලට සම්බන්ධ උපාධියක් ලබාගෙන රකියාව කරන කෙනෙකි. ලංකාව වැනි දුප්පත් රටකට පුද්ගලික විශ්වවිද්‍යාල ගැලපෙනේ නැත. රජයේ විශ්වවිද්‍යාලයකට යාමට සාමනයයෙන් B 3 ක් වත් අවශ්යයවෙයි. මෙමගින් ලංකාවේ උසස් අධ්‍යාපනය හොද ප්‍රමිථියක පවතියි. [A/L] වලට S වත් ලබා ගත නොහැකි උපාධිධාරියෙකුත් [A/L] හොදින් pass වෙන උපාධිධාරියෙකුත් අතර වෙනසක් ඇත. මෙම වෙනස මම රැකියාව කරනවිට දකිමි.
/*ඉතින් තරඟයට මුහුන දෙන්න බයයි*/
ඇයි ඔබලා [A/L] තරඟය දිනල උසස් අධ්‍යාපනය ලබන්න බය?.
මේ පාර වැඩේට අත ගහල තියෙන්නේ සල්ලි වලට පුදුම කෑදර මෝඩයෙක් ( S.B දිසානායක ඇමතිවරයා). ප්‍රමිථිය ගැන විශාල ගටළුවක්?
@Ano
මම නම් දන්නෙ නෑ AL pass නැතුව ලංකාවෙ උපාධි ගන්න පුලුවන් කියල.
A/L කරන හැමෝටම කැම්පස් යන්න බෑ නේ මනුස්සයො. අනික AL pass වෙලා campus යන්න පුලුවන් උනත් තමන් කැමති පාඨමාලාව කරන්න බැරි නිසා පෞද්ගලික ආයතන වල උපාධි කරන මගේ යාලුවෝ ඉන්නවා. හැබැයි පුදුමෙ කියන්නෙ උන් 2nd year එකේ ඉඳලම ජොබ් කරල හොඳ පඩියකුත් ගන්නව weekend කරන ගමන්. උන්ට deg. කරල ඉවරවෙනකොට හොඳ පඩියකට යන්න පුලුවන්. මේක තමයි යථාර්ථය.තමුසෙලා AL AL කිය කියා ඉඳල ජොබ් වලට යනකොට උන් සද්ද නැතුව තමන්ගෙ වැඩේ කරගෙන ඉන්නවා.
පිනට ඉගෙන ගන එවුන්ට ඉතින් මේ වගේ ගොන් කතා තමා කියන්න පුළුවන්.
අඩු ගානෙ මේ බ්ලොග් එක ලියන මීහරකා දන්නව උගේ තත්ත්වය. ඒකයිනෙ වෙනත් විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් එනකොට තමන්ගෙ ලෝ කොලිටි ඩිග්‍රියට රස්සාවල් නැති වෙනව කියල දන්නෙ.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්නට දැනට ආචාර්‍ය උපාධිය හදාරන්නෙක්මි. කැම්පස් වල ඉගෙනගන්න බහුතරය කරන්නෙ විභාග වලට දවස් කීපෙකට කලින් කාගෙන් හෝ කුප්පියක් දා ගෙන යම් තමින් පාස් වීමට විභාග ලිවීමය. ඒ උන්ට බැරි කමකට නිසා නොවේ. තියන ඕන කමක් නැති කමය. ලමයින් ගැන ඕනවටත් වඩා හිතන ලෙක්චරර්ස්ලාද අනේ පවි කියා කොහොම හරි ගොඩ දානවනෙ. මේකට මූලික හේතුව දැනට පුද්ගලික විද්‍යාල ඇති වී නැති ක්ෂේත්රවල තරගකාරීත්වයක් නැති කමය. උන් උන්ට ඕනෑ විදියට මොන මොනවාහරි අවුරුදු ගානක් කර අන්තිමට උපාධියක් ගෙන බෝඩ් එල්ලන් කෑ ගසති.මේකට හොදම උදහරණය පරිගණක උපාධිවල දැනට ඇති උසස් මට්ටමයි. අපේ බැච් එකේද මාස කීපයකින් රස්සවක් හොයා ගන්ඩ බැරි උන එකෙක් නැති තරම්ය. එක එකා ගෙ තෙල් කාල අදහස් ප්රකාෂ කරනවාට වඩා මේ වත් හිතිය යුතුය.
පෞදගලික් විශ්ව විද්‍යාල වල අයත් වෛද්‍යවරු උනාවේ රජයේ අයත් වෛද්‍යවරු උනාවේ. උපාධි ගත්තාවේ. දක්ෂ කමක් තියෙනවානම් ඉස්සරහට යයි. නුසුදුස්සන් හැලේවි. ඇයි ඔච්චර ඊරිසියාව?
ඔය විරුද්ධ වෙන හැම කෙනෙක්ම ලෝකයේ හොඳ පෞද්ගලික විශව විද්‍යාල වලට යන්න අවස්ථාව හම්බවුනොත් නොයා ඉන්නවද? අවංකව හිතෙන් අහලා බලන්න?
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට දරුවන් පිටරට යවන්නේ ධනවතුන් පමණක්ය යන් මතය නම් සත්‍යයක් නෙවෙයි. ඕනෑම දෙමව්පියෙක් කැමතියි තමන්ගේ දරුවා උපාඹියක් ගන්නව බලන්න, ඒ නිසා සාමාන්‍ය මැද පන්තියේ පවුල්වල දරුවන් පවා මේ දෙමව්පියන් බොහොම අමාරුවෙන් ණය වෙලා හරි පිටරට අරිනවා. මොකද මම මේක හොදින් අත්දැකලා තියෙනවා මගේම මිත්‍රයන්ගේ පවුල්වලින්. ඒ මිනිස්සු ඊට පස්සේ දරුවට සල්ලි යවන්න දහදුක් විදිනවා.
ලංකාව තුලම පෞද්ගලික විශ්ව විද්‍යෘල ඇති කිරීමෙන් මේ තත්ත්වය අඩු වෙනවා, ඔබ කියන විදිහටම මේ සදහා උදාරනයක් වශයෙන් ලක්ෂ 65 වැය වෙනවා නම් ඒ දරුවා පිටරට ගිහින් උපාධීය ගන්න ලක්ෂ 85/90 විතර යනවා. දෙමව්පියන්ට මේක ඉතිරියක්.
අනිත් එක ලංකාවේ සාමාන්‍යයෙන් උසස් පෙලින් පස්සේ විශ්වවිද්‍යාල පරිසාධන මට්ටමට 120000 ලගා වෙනවා, නමුත් ඉඩකඩ ප්‍රශ්නය නිසා මේ අයගෙන් ඇතුල් කරගන්නේ 20000-25000 විතරයි. එතකොට ලකුණු 4-5 වගේ අඩුවුණ මේ අය එලියේ. දෙමව්පියන්ට ලක්ෂ 90/100 වියදම් පිටරට යවන්නත් බෑ, විශේෂයෙන්ම ගැහැණූ ළමයින් මේ තත්වයට මූන දෙනවා. ඉතින් ඔවුනට ඊට වඩා අඩු මුදලකට ලංකාව තුලම මේ අධ්‍යාපනය ලබාදීමේ වැරැද්ද මොකක්ද?
අනික ඔබ සදහන් කරග තියෙන විදිහට මේ හැමෝටම රස්සා ලබා දෙන්න ආණ්ඩුව බැදිලා නැහැ. උපාධිධරයන් තමන්ගේ හැකියාව තියෙනවනම් ඕනෑම තැනක රැතියාව ලබාගන්න පුල්වන්. මේකට මේ පිස්සු නටලා නටලා යන්තම් කුප්පියක් දාගෙන විභාගේ පාස්වෙන අයට තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද අද උපාධිය විතරක් තිබ්බට සුදුසුකම මදි. හොද සාමාර්ථයක් ගන්න ඕනෙ වගේම ප්‍රයෝගික දැනීම තියෙන්නත් ඕනේ.
උසස් පෙල හොදින් සමත් නොවුනා කියලා ඒ දරුවා උපාධියක් ලබාගන්න නොසුදුස්සෙක් කියන්න බැහැ. සමහර විට මේ දරුවෝ උසස් පෙල සමක් වෙලා විශ්ව විද්‍යාල යන අයට වඩා ප්‍රායොගික සහ බුද්ධිමත් වෙන්න පුලුවන්.
මේ ප්‍රශ්නේ දිහා පටු විදිහට බලන්න හොද නෑ.
අනිත් එක නිදහස් අධ්‍යාපනය රැදිලා තියෙන්නේ ඔය කියන ශිෂ්‍ය සටන් වලින් බව ඇත්ත, ඒත් දැන් තියෙන පෞස්ගලික කෝන්තර හො දේ ශපාලන කෝන්තර පිරිමසාගන්න ශිෂ්‍ය සටන් නෙවෙයි.
ඒ නිසා මම නම් දකින්නේ මේ නිසා ලංකාවේ රැකියා වෙළදපොල දියුණු වෙනවා.
To:Googl Bot
ඔබගේ අදහස් සලකා බැලිමෙදි ඔබට අනුකම්පා කිරිම හැර වෙන යමක් සිදුකල නොහැක.ඔබගේ කමනෙට්ටු කිපයෙන්ම මනාවට පිලිබිඹු වනුයේ ඔබගේ මන්ද බුද්ධික චින්තනයයි.මා ලිපියෙන් ඉදිරිපත් කල ගැටලු ඔබ ප්‍රතික්ෂෙප නොකිරිමෙන් තවදුරටත් තහවුරැ වනුයේ ඔබද ඒවා පිලිගන්නා බව යැයි සිතමි.පුද්ගලික සරසවි වලට තම දේහයන් බාර නොදෙනුයේ ඔවුන් මිනිමස් කන නිසාදැයි ඔබ විමසා සිටි. පුද්ගලික සරසවි වලින් පිටවන වෛද්‍යවරු,නොමිලයේ බෙහෙත් දෙන රජයේ රෝහල්වල සේවය කිරිමක් සිදුනොවේ.ඔවුන් පුද්ගලික රෝහල් වල හෝ පුද්ගලික ඩිස්පැන්සරි වල ගිණිගනන් ගනිමින් ප්‍රතිකාර කරනු ඇත. මෙවැනි වෛද්‍යවරු පිරිසක් බිහිකිරිමට අපේ ජනතාව තම දේහය බාර දෙන්නේ,මොන කෙහෙල්මලකට දැයි ඔබ කල්පනා කල යුතුව තිබුණි.
අප හුදෙක් ගහ මරාගෙන ගෙවල් වල සිටින කොට්ටාසයක් යැයි ඔබ චෝදනාකර ඇත.ඒ අපේ රටේ මාධ්‍ය රටට පෙන්වා ඇති තත්වයයි. අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සිදුකරන සමාජ සත්කාර ගැන සොයාබලන ලෙස මම ඔබට ආරාධනා කරමි.පසුගිය දිනවල ඇතිවු ගංවතුරෙන් කැලණිය තොරණ හන්දිය ප්‍රදේශය සම්පුර්ණයෙන් යට විය. ප්‍රදේශවාසින් ජිවත් වුයේ ප්‍රභාසංස්ලේශනය කරගැනිමෙන් නොව අප දිවා රෑ නොබලා උයා පිහා දුන් ආහාර වලිනි. පසුගිය 17 වැනිදාද අප ලේ දන්දිමෙ විය්‍යාපාරයක් සාර්ථකව පැවාත්වු බව ඔබ නොදන්නවා විය හැක. මෙසේ දැනුවත් භාවයෙන් තොරව කරැණු පැවසිමට වඩා නිහඩව සිටිම වඩා යහපත් බව මතක් කරදෙනු කැමැත්තෙමි.
අවසාන වශයෙන් ඔබ මා ජෙප්පෙකු ලෙස හංවඩුගසා ඇත.නැවත මට සිදුවනුයේ ඔබට අනුකම්පා කිරිම පමණකි. නිදහස් අධ්‍යාපනය රැකගැනිමට ජෙ.වි.පි යට සැබැ උවමනාවක් තිබෙනම් ඔවුන් හා එකතුවිමේ වරදක් මා දකින්නෙ නැත. ඔවුන්ට පෙර ටි.එන්.ඒ එක එම ක්‍රයාදාමයට අවතිරණ වෙනම් ඔවුන්ට වුව මාගේ සහයෝගය ලබාදෙමි.මක්නිසාද යත්,මා සිටිනුයේ පුද්ගලයන් සමග නොව ප්‍රතිපත්ති සමග විමයි. එවිට ඔබ මා කොටියෙකු ලෙස හංවඩු ගසනු ලැබුවහොත් මට පුදුම විමට හේතුවක් නැත.
අවසන් කිරිමට ප්‍රතම,මට මී හරකා යැයි ආමන්ත්‍රණය කල බුරැවාට කිමට ඇත්තේ කොන්ද කෙලින් තබාගෙන ප්‍රසිද්ධියේ කමනෙට්ටු කරන ලෙස පමණි. නිර්ණාමිකව ඉදිරිපත් වන අදහස් වලට පිළිතුරැ දිසට මා බැදි නොමැත......
පුද්ගලික සරසවි වලින් පිටවන වෛද්‍යවරු,නොමිලයේ බෙහෙත් දෙන රජයේ රෝහල්වල සේවය කිරිමක් සිදුනොවේ.ඔවුන් පුද්ගලික රෝහල් වල හෝ පුද්ගලික ඩිස්පැන්සරි වල ගිණිගනන් ගනිමින් ප්‍රතිකාර කරනු ඇත
ඔයා කොහොමද ඒක දන්නේ? ඒක ඔයාගෙ උපකල්පනයක් විතරයි. පිටරට වෛද්‍ය විද්‍යාල වල උගත් අය රජයේ රෝහල් වල වැඩකරන්නෙ නැද්ද? ඉතින් පෞද්ගලික විවි. උපාධිධරයන්ට රජයේ රෝහල් වැසිල කියල ඔයා කියන්නෙ කොහොමද?
මම කියල නෑ උඹල තනිකරම මාරයො රැලක් කියල මම කියපු එක උඹට තේරිලා නෑ යාලුවා. මම කියන්නේ බොරුවට උඹල කෑකොස්සන් නොගහ උඹලගෙ වැඩ හොඳට කරනවා නම් පෞද්ගලික වීව් උඹලට කිසි ගැටලුවක් ඇතිකරන්නෙ නෑ කියල.
ඔයාගෙ මත ප්‍රතික්ෂේප කොරඤ්ඤ දෙයක් නෑ මේ රටේ ජනතාව ඒවා ස්වභාවයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අමුතුවෙන් ඒවට විරුධ්ධව කොමෙන්ට් දාන්න දෙයක් නෑ.
මේ දිනවල වෙන සිදුවීම් බැලුවම පෞද්ගලික විවි. දාන්නම ඕන.
සම සෞඛ්‍ය පීඨයට මොකක්ද මේ රටේ බහුතරයක් වෛද්‍ය වරු කලේ. උන්ගෙ අවු 4 අවු 3 කරලා ප්‍රමිතිය අඩුකලා. මෙතන කුහක කම මිසක් මොකක්ද තියෙන්නෙ. පෞද්ගලික වීව්. වලින් බිහිවුනු වෛද්‍යවරුත් හිටියනම් ඔය විදියට ඒකාධිකාරයක් පනවන්න බෑ. තව කොල්ලෙක් කෙල්ලෙක් අවුරුදු 4ක විශේෂ උපාධියක් කරාම මුන්ට පාන්ද? රටේ සෞඛ්‍ය තත්වය ඉහල යනඑක නරකද? උඹලගේ කටවල් ඒවට වැහිලා.
පෞද්ගලික විවි. දාන්නම ඕන උබලගෙ ඔය අතීසාරය හොඳවෙන්න නම්.
To:KAS
ඔබගේ කමනෙට්ටුව කියවිමේදි ඔබ සිටිනුයේ මිහිරි සිහිනයක් දකිමින් බව හැගි යයි.ඔබ පවසන අන්දමට උසස් පෙළ ලියන සැම ශිෂ්‍යයකුටම උපාධියක් ලබාගැනිමට හැකිවිය යුතුය. එසෙනම් උසස් පෙළ වැනි ජාතික විභාගයක් පැවැත්විමේ තේරැම කුමක් දැයි ඔබෙන් ඇසිමට සිදුවේ.
උසස් පෙළින් පසු රජයේ විශ්වවිද්‍යාල වලට තේරෙනුයේ සිමිත පිරිසක් බව සැබැවකි.නමුත් අප දන්නා පරිදි ඉතිරි ශිෂ්‍යයන් හට උසස් අධ්‍යාපනය ලබාගැනිමෙ ක්‍රමවේදයක් දැනටමත් පවති. විවෘත විශ්වවිද්‍යාල,කාර්මික විද්‍යාල, තරැණසේවා සභාව,යොවුන් සේනාන්කය,චාටඩ්,සිමා, BIT,I chem, ආදි ආයතන හරහා වුවද එයලබා ගත හැකිය. හුදෙක් පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරිමට අවශ්‍යවි ඇත්තේ ධනවත් දෙමවුපියන්ට සහ ධනලෝභි කෑදර දේසපාලුවන්ට පමණී.
අපේ රටේ ග්‍රමීය ජනයාගෙන් 77% දිලින්දන් බව නිල සංඛ්‍යා ලේකන පෙන්වා දෙයි. ඔබ සදහන් කරන අන්දමට ලක්ෂ 65ක් සොයාගත හැකි ග්‍රමීය දිලිදු ජනතාවක් ගැන මට සිතාගැනිමට වත් නොහැක. තවත් පුදුමයට කාරනයක් නම් උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල වලට යන ශිෂ්‍යයින්ට වඩා,අසමත් ශිෂ්‍යයින් බුද්ධියත් වුයේ කෙසෙද යන්නයි. අවසාන වශයෙන් රැකියා පිලිබද යමක් සදහන් කිරිමට කැමැත්තෙමි. වර්ථමාන රැකියා අර්බුදයට හේතුව වි.වි උපාධි ධාරින් නොව,බලධාරින් විසින් රැකියා වෙලදපොලට ගැලපෙන පරිදි උපාධි ලබා නොදිමය. යල් පැනගිය උපාධි පාඨමාලා අදට ගැලපෙන පරිදි වෙනස් වියයුතු උවත්, එසේ නොකිරිම තුල මෙම ගැටලුව නිර්මාණයවී ඇත. එසේනම් විරකියාවේ වගකිමද බාරගත යුත්තේ පවතින ආණ්ඩුව බව මගේ විශ්වාසයයි....
TO:Google Bot
මිත්‍රයා අද නැතත් උඹ කවදාහරි මගේ අදහස පිලිගන්න දවසක් ඒවි.සමහර විට එදාට උඹම උඹෙ BLOG එකෙ ලිපියක් ලියාවි, ''නිදහස් අධ්‍යාපනය නැතිකර ගැනිමේ ප්‍රතිවිපාක'' කියල.මතක තියාගනින් සහෝ එදාට අපි හැමෝම පරක්කු වැඩි කියල........
@Google Bot
Google Bot ගෙ අම්මටයි, තාත්තටයි නම් හොදට සල්ලි ඇති. ඒකාලෙ සුද්දට කඩේ ගිය අයත් අද සල්ලි කාරයො. රටේ සම්පත් විකුනගෙන කන අයත් සල්ලි කාරයො. රටේ සදාචාරය විකුනගෙන කන අයත් සල්ලි කාරයො. පගා කාරයොත් සල්ලි කාරයො. මේ අතර හොදින් සල්ලි හම්බකරපු අයත් සිටිනව. Google Bot අයිති වන්නේ කුමන කොටසටද කියා මම නම් දන්නේ නෑ. මගෙ අම්මනම් නිදහස් අධයාපනයට පිං සිද්ද වෙන්න මට අමාරුවෙන් ඉගැන්නුව. මේ අවස්තාව තව අයකුට නැති වෙනවට මම නම් කැමති නැහැ.
/*[A/L] කරන හැමෝටම කැම්පස් යන්න බෑ නේ මනුස්සයො.*/ ඒකතමා උපාධියට තියන විශේෂත්වය. රට සංවර්ධනය කරන්න උපාධියක් අවශයයමද?. ඔබටත් [A/L] පාස් වෙලා කැම්පස් එන්න පුළුවන් වුනා නම් ඔයා ඔහොම කථා කරන්නෙ නෑ. අම්මගෙ තාත්තගෙ සල්ලි වියදම් නොකර ඉගෙනන ගන්න තිබ්බ. එතකොට නිදහස් අධයාපනයේ අගය දන්නව.
@Anonymous at June 18, 2010 8:22 PM
පිනට ඉගෙන ගන්න උන් කියල අපහාස කරන්නේ සල්ලි ගැන ආඩම්බර හිතිල වෙන්න ඇති. ගණිකාවො හම්ම කරන්නෙත් සල්ලි තමා.
@DReeZone
ඊරිසියාව නෙවෙයි.ලංකාව කියන්නෙ වැඩිපුර දුප්පතුන් සිටින රටක්. නිදහස් අධයාපනය ආරක්ෂා කරන්න ගන්න මහන්සිය. තවත් කෝටි ගානකට එකවිදියට අධයාපනය ලබන්න තියන අවස්ථාව ඉතිරි කරන්න. සල්ලි තියන අයට පිටරට ගිහින් ඉගෙන ගන්න පුළුවන්. කොහෙවත් පිටරට උපාධි ලංකවෙ උපාධි කියල වෙනසක් නෑ. සල්ලි නැති අයට මහන්සි වෙලා [A/L] පාස් වෙලා කැම්පස් යන්න පුළුවන්. සර්වසාධාරණයි. පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කල හොත් රජයේ විශ්වවිද්‍යාල අගතියටම යනව(නැත්නම් යවනව ) . විසදුම රජයේ විශ්වවිද්‍යාල පුළුල් කිරීමයි. ආරම්භය හොදට තියෙයි. කල්ගතවෙනකොට නොයෙක් ප්‍රශ්න, ගැටළු. එතකොට ප්‍රමාද වැඩියි.පුද්ගලික විශ්වවිද්‍යාල වල ප්‍රමිථිය ගැනත් විශාල ගටළුවක්?
Hemotama eka wage,ekama kaleta buddiya moranne nehe.
eka widyanukulawa oppu karapu deyak. e nisa eka lamayek A/L karala pass wenakota thawath kenek fail wenawa. ee fail wena ayata me rate yana ena magak ne.. egollo oya JVP wage pakshawala poster alawanda aran gihin nikan nethima wela yanawa. e lamainta mokada wenne???? e gollonta salli nehe kiyamuko... salli thiyana un me rate nidahas adyapanayen iganagena A/L madi unama pita rata walata koti ganan lankawe salli wiyadam karala rata gihin ehema nawathinawa.(buddi galanaya)...
mewata oya kegahana un gawa wisadum nehe...
laksha 10k wiyadam karanna puluwan eth laksha 50k nethi lamayekuta me ratema,thamange minissuth ekka, iganagena thamange ratatama sewaya karanna lebena eka hoda deyak nemeida.
ada hemoma hithanne thaman apu widiyatama anith ayatath puluwal kiyala. eth ehema be. hemotama ekawage iganaganna be.(wibahaga pass karanna-iganagenimak ada lankawe nehe)e nisa e ayata nidahasa thiyenna one thaman yanna one margaya thoraganna. eth ada A/L pass nethuwa mona kengediyakwath karanna puluwanda????
therum ganna minis jeewithayak kiyanne sampathak.
e sampathen uparima pala prayojana ganna one.. ada thiyana me wibahaga pass karana kramayen mukuth aluth deyak hoyanna lamainge manasa puhunu wenne ne.
aniwarryenma nidahas adyapanaya witharak nemei nidahas saukkyath lankawe thiyenna one..eth oya one tharam paudgalika ispirithala thiyenne. ewagen rajaye ispirithala wetunada nehe>>>..
oka wagema thamai mekath!!!!!!!!!
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...