Pages

Monday, June 28, 2010

නිදහස......

2 comments

අපේ ජිවිතය හරිම කලබල කාරියි. කාර්යය බහුලයි. වගකිම් වැඩියි ඒ වගේම නිරසයි.

අනේ මටත් කුරැලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඇත්නම්..........

ලෝකයයි මමයි අතර තියන හැම සම්බන්දතා වක්ම නැතිකර ගන්න ඇත්නම්.........

හැමොටම මාව අමතක වෙලා යනවනම්........

මට ඇතිවෙනකම් හිනාවෙන්න, ඔන උනහම කෑගහල අඩන්න පුලුවන් උනානම්.........

කාඹරේ උන් පාඩම් කරද්දි, පැත්තකට වෙලා ඉදගෙන සිංදුවක් අහන්න ඇත්නම්.......

ඒ විතරක් නෙමෙ.......

හැමෝම lectures practical යද්දි ඒගොල්ලො දිහා බලල හිනාවෙලා, මගේ නිදහස ගැන පාරම් බාන්න තිබුනනම්...........

බඩගිනි වුනහම මෝලට ගිහින්, ඇතිවෙනකම් ආප්පයි ලුණුමිරිසුයි කාලා සල්ලි නොදි එන්න තිබුනනම්..........

හැන්දැවට මුහුදු වෙරලට ගිහින් ඉරබහිනවා බලන් ඉන්න, කම්මැලි හිතුනම ජෝන් ද සිල්වා ඒකට ගිහින් නාට්ටියක් බලන්න තව ලංකාවෙ කවුරැත් නොගිය තැන්වල යන්න, ලෝකයේ නොදැකපු දෙවල් දකින්න,

හිතුනහම කඩල ගොට්ටක් කන ගමන් පැත්තකට වෙලා පාරේ යන අය දිහා බලන් ඉන්න.........හ්ම්...

සල්ලි, රස්සාවල්, සම්බන්දකම් ,යුතුකම්, වගකිම්...අනේ! මේ වචන මගේ ශබ්ද කෝෂයෙන් මකල දාගන්න පුලුවන් නම්....තියන දෙයක් කාල වතුර උගුරක් බිලා දවස ගැන හිතල සතුටු වෙන්න තිබුනනම් කොච්චර හොදද....

අනේ!!! මට ඒ ජිවිතය දෙන්න............

කාගෙන්ද මං ඒක ඉල්ල ගන්න ඔනා.........



Read full story

Friday, June 18, 2010

බල්ල ගෙන් බුරුවට ගිය උසස් අධ්‍යාපනය....

16 comments






වර්ථමානයේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිම පිලිබද මහත් කථිකාවතක් ඇතිවි ඇත. එයට ආසන්තම හේතුව වි ඇත්තේ S.B දිසානායක ඇමතිවරයා, හොදින් හෝ නරකින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරිමට ගෙන ඇති තිරණයයි. ඔහුට එම හැකියාව ඇතිද නැතිද යන්න ප්‍රශ්ණ කිරිම මේම ලිපියෙ අරමුන නොවෙන නමුත්, එසේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරිම ලංකාවට කෙතෙක් දුරට ගැලපේ දැයි සලකා බැලිම වටි………


නිදහස් අධ්‍යාපනයේ පියාවු C.W.W කන්නන්ගර ශ්‍රිමතානන් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කිරිමෙදි, ''අපට ගහකට නග්ග ගන්න වත් කොල්ලෙක් නැතිවෙනවා මෙකෙන්'' කියු ඇමතිවරු එකල සිටිබව බොහො දෙනෙකුට අමතකව ගොසිනි. එතුමා එය ඉදිරිපත් කලේ '' බල්ලා තොව මරණවා කියද්දිය'' එසේ ඇති කරන ලද නිදහස් අධ්‍යාපනය බැංකුවේ දැම්මාක් වැනිව මෙතෙක් කල් රුකි ඇතැයි යමෙකු සිතන්නෙනම් එය මහත් මුලාවකි. නිදහස් අධ්‍යාපනය මේතාක් හෝ රුකිඇත්තෙ ලාංකිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල වලට පිංසිදුවෙන්නට මිස, මෙතෙක් අප රටේ සිටි අධ්‍යාපන ඇමැතිවරුන් නිසා නොවන බවද අප මතක තබාගත යුතුය.


නිදහස් අධ්‍යාපනයත් සමගම ගමේ සිටි පොඩිමිනිහගේ දරුවන් හට විශ්වවිද්‍යාලයට පය තැබිමට වරම් ලැබිය.මෙ සමගම අපේ රටේ පැවති රදල පවුල් වාදි ප්‍රභුපන්තියේ ආධිපත්‍ය බිදවැටුනු අතර උගත් මධ්‍ය පාන්තික ප්‍රජාවක් අතට රජයේ ඉහල තනතුරැ පත්විම සිදුවන ලදි. මෙම තත්වය දරාගත නොහැකිවු විවිධ පුද්ගලයන් නිදහස් අධ්‍යාපනය විනාශ කිරිමට නොයෙක් අක්මුල් තැබුවද එය යම් ලෙසකින් හෝ රැකිතිබිම ජාතියෙ දු පුතුන්ගේ වාසනාවකි.


පුද්ගලික විශ්වවිද්‍යාල හෝ වෛද්‍ය පිඨ ඇතිවිම තුල බැදි ඇති ගැටලු ගනනාවක් පවති.ඉන් ප්‍රධානතම ගැටලුව වි ඇත්තේ රුකියා අර්බුදයයි.දැනට පවතින විශ්වවිද්‍යාල වලින් පිටවන උපාදිධාරින්ට රුකියා සපයාදිය නොහැකි ආණ්ඩුවක් පවතින කල, පුද්ගලික විශ්වවිද්‍යාල වල උපාධිධාරින්ටද රුකියා ලබාදිම හුදෙක් සිහිනයක් පමනි. පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිමෙන් දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ගේ දරැවන්ට ඇතිවන සෙතක් නැත.ධනවත් දෙමවුපියන් තම දරුවන් අධ්‍යාපනය සදහා විදේශගත කරනු ලබයි. පුද්ගලික සරසවි ඇතිවිම තුලින් සිදුවනුයේ තම දැහේ මුණ තියා සැදු දරුවන් තමන්ගේ දැස් අද්දරම තබා ගැනිමට එම දෙමවුපියන්ට හැකියාව ලැබිම පමණකි.


මිට උදාහරණයක් ලෙස මාලඹෙ ප්‍රදේශයේ ඉදිකරන වෛද්‍යපිඨය ගැන සලකා බලමු.. එහි එක වෛද්‍යවරයකු වෙනුවෙන් ගෙවියයුතු මුදල රුපියල් ලක්ෂ 65 කි. මෙම මුදල අධ්‍යන කටයුතු සදහා පමනක් වන අතර ශිෂ්‍යන් වෙනුවෙන් යන අතිරේක වියදම් ඔවුන් විසින් දරාගත යුතුය.මෙලෙස අවු:5 ට අතිරේක වියදමුත් සමග එක් වෛද්‍ය වරයෙකු සදහා රැපියල් ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැයවේ.මෙම මුදල අපේ රටේ දුප්පත් හෝ මධ්‍ය පාන්තික දෙමවුපියන්ට දරාගත හැකිද යන්න සිතාබැලිම වටි.....


අපේ රටේ සහෘද ජනයා, තමා මියගිය පසු තම දේහය පරික්ෂණ කටයුතු සදහා වෛද්‍ය පිඨ ශිෂ්‍යයන්ට සිය අන්තිම කැමති පත්‍රයෙන් බාරදෙති. නමුත් පුද්ගලික සරසවි වලට කිසිවකු හෝ තම දේහය බාර දෙතැයි සිතිය නොහැක.මෙම ගින් සිදුවනුයේ මෘත ශරිරයට උවද මිලක් නියම විමයි. බුදුන් තුන් වරක් වැඩි අපේ රටේද එවිට තැන්තැන් වල මෟත ශරිර විකුණනු දැකගත හැකිවෙන තරම් අපි භාග්‍යවන්තයෝ විය හැක. එපමනක් නොව ඇතැම් පුද්ගලයන් සොහොන් කොත් හාරා මෟත ශරිර පුද්ගලික සරසවි වලට අලෙවි කිරිමේ ව්‍යාපාරයද පටන් ගැනිමට ඉඩ ඇත.මෙවැනි තත්වයක් ඇතිවුව හොත් සරසවි ඇතිකිරිම තුලින් අපි රැකියා අවස්ථාද වැඩිකලායැයි ඇමතිවරයෙකු පැවසුව විට අපි පුදුම නොවිය යුත්තෙමු......


පුද්ගලික සරසවි වලට කත් අදින ඇතැම් පුද්ගලයන් පෙන්වා දෙන්නේ මෙය ලෝකයේ බොහො රටවල් වල පවතින අතර නැත්තෙ ශ්‍රි ලංකාවෙ පමණක් බවයි. ඇත්තෙන්ම මෙම ප්‍රකාශය මෙතෙක් කල් ශ්‍රි ලාංකිය ශිෂ්‍ය විය්‍යාපාරය වෙනුවෙන් දිවිපිදු විරුවන්ට උපහාරයකි.මන්ද යත් මෙරට පුද්ගලික සරසවි බිහිවිම වැලකුයේ ඔවුන් ජිවිත පරිතයාගයෙන් කටයුතු කල නිසාය. S.B දිසානායක ඇමතිවරයා පවසන පරිදි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් විදේශ විනිමය අපේ රටට ලබාගත හැකි වෙයි. එමගින් ආසියාවේ ආශ්චර්යය ශ්‍රි ලංකාව බවට පත්කල හැකි බව ඔහු සිතනවා විය හැක.


විදේශ විනිමය අවශ්‍යනම් සිදුකලයුත්තේ පුද්ගලික සරසවි බිහිකිරිම නොව රජයේ විශ්වවිද්‍යාල වල අවශ්‍ය පහසුකමි වැඩිදියුනු කර විදේශ ශිෂ්‍යයන්ට ලබාදෙන කොටාව වැඩිකිරිමයි. මොන්ටිසොරි ශිෂ්‍යයකුට පවා තේරෙන මෙම සත්‍ය දිසානායක ඇමතිවරයාට නොතේරිම කණගාටුවට කරුණකි.


මෙහි තවත් භයානක ප්‍රතිපල රාශියක් ඇත.රජයේ විශ්වවිද්‍යාල වල උගන්වන ආවාර්යය වරු ඉහල වරප්‍රසාද සදහා පුද්ගලික සරසවි වෙත මාරුවිම මෙහිදි නියතින්ම සිදුවෙ. එවිට රජයේ විශ්වවිද්‍යාල වල උපාධියට හිමි වටිනාකම ගැන අමුතුවෙන් සදහන් කලයුතු නැත.රජයේ විශ්වවිද්‍යාලට සිසුන් බදවා ගැනිම සිදුකරනුයේ පිලිගත් ක්‍රමවේදයකට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහාය.නමුත් පුද්ගලික සරසවි වලට එසේ පිලිගත් ක්‍රමවෙදයක් නොමැතිවිම මෙහිදි මතුවන ප්‍රධාන ගැටලුවකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට පුද්ගලික සරසවි කෙරෙහි කිසිදු බලපැමක් කිරිමට නොහැකි බව එම කොමිසමෙ සභාපති මහාචාර්යය ගාමිණි සමරනායක මහතා වරෙක සදහන් කරන ලදි. එයට හේතුව වශයෙන් දැක් වුයේ එම විශ්වවිද්‍යාල BOI විය්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරිමට කටයුතු කිරිමයි.මෙ අනුව පුද්ගලික විශ්වවිද්‍යාල යනු උපාධි කඩයක් පමණක් වන බව තේරුම් ගැනිමට තවත් අටුවාටිකා අවශ්‍ය නැත. 


මෙතුවක් කාලයක් නිදහස් අධය්‍යාපනය රැකගැනිමට පුරෝගාමි වුයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බව පෙරද සදහන් කලෙමු. නමුත් වර්ථමාන බලධාරින් විසින් මෙම ශිෂ්‍යයන් මර්දනය කිරිම සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව කරුණු කාරනා ගෙන හැර බැලිමෙදි පැහැදිලි වෙයි. ශිෂ්‍ය නායකයන් මර්දනය කිරිම ,ඔවුන්ගේ පංති තහනම් කිරිම ආදියෙන් පමණක් නොව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නිදහස අහිමි කිරිමද මේ අතරින් ප්‍රධාන වෙයි. 80% ක පැමිණිම ඔවුන්ට අනිවාර්යය කර ඇත.මෙය කුමක් නිසා ගෙනආ නිතියක් දැයි අපි නොදනිමු.මෙම ගින් සිදුවනුයේ විශ්වවිද්‍යාලය තුලින් ලබාගත යුතු පන්නරය ශිෂ්‍යයාට නොලැබියාම පමණකි. ඔහු බාහිර වැඩ කිසිත් නොකල හුදෙක් උපාදිධාරියෙක් පමනක් වනු ඇත.මෙසේ ගියහොත් ටික කලකින්ම විශ්වවිද්‍යාලය සදහා නිළ ඇදුමක්ද නියම කිරිමට ඉඩ ඇත. එපමණක් නොව නිළ ඇදුමකින් සැරසුනු ශිෂ්‍යයකු සුලු වැරුද්දකට පංති කාබරයේ දණ ගසාගෙන සිටිනු අපට දැක ගැනිමට ලැබෙනු ඇත. මෙතැනට අප යායුතුද නැද්ද යන්න මම ඔබෙන් ප්‍රශ්ණ කරමි......


අවසාන වශයෙන් වර්ථමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඇමතිමට අදහස් කරමි. පාට,පක්ෂ,පිඨ භෙද හැරදා ඔබට එකතු විමට කාලය දැන් එලබ තිබේ .මිට පෙර ඔබගේ ජෙෂ්ඨයෝ එම යුතුකම නොපිරිහෙලා ඉටුකර ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් දහඩියෙන් කදුලෙන් නොහැකි නම් ලෙයින් මසින් හෝ පුද්ගලික සරසවි ඇතිවිම අප වලක්වා ගත යුතුය. නොඑසේනම් ජිවිත පරිත්‍යායෙන් කටයුතුකල අතිත ශිෂ්‍යය සහොදරයන් මිනිවලෙන් නැගිට අපට සාපකරනු වලක්වනු බැරිය........


සංවාදයට විවෘතයි........



Read full story

Monday, June 7, 2010

නොමිලේ TV බලන්න......

3 comments
ගොඩ දවසකින් අච්චාරැවට post එකක් දාන්නත් බැරිවුනා.එකට හේතුව වුනෙ පහුගිය කාලේ මගේ computeරේ කැඩිල තිබිම.ඒක හදාගන්න විදපු දුක දන්නෙ මම විතරයි.. ආපහු පැමිණි ගමන්ම අච්චාරැවට යන එන අයට තෑග්ගක් දෙන්න හිතුවා.මෙකනම් ඔයාලට වැදගත්ද නැද්ද කියල නම් හරියටම දන්නෙ නෑ,ඒත් මම මෙක නිතරම වගේ පාව්චිචි කරනවා.ලංකාවේ TV Chanel කිපයක් මෙතන තියනවා මෙකෙන් පුලුවන් අදාල Chanel එක කෙලින්ම නරඔන්න. Chanel එකේ web address එකට ගිහින් කාලෙ කන්න ඔන නෑ.ඒ විතරක් නෙමේ ඔයාලගෙ ජංගම දුරකතනයට දාගෙන වුනත් මෙකෙන් TV බලන්න පුලුවන් හැබැයි phone ඒකේ real player එක තියෙන්න ඔනා. Nokia phone වල real player තියන නිසා ගොඩාක් කට්ටියට මෙක අත්හදා බලන්න පුලුවන් වෙවි... Mobitel connection ඒකක් තියන අයට මේකෙන් නොමිලේම TV බලන්න පුලුවන් කියල කථාවකුත් තියනවා,ඒත් ඒක හරියටම හරිද කියලනම් දන්නෙ නෑ....ඒ කථාව ඇත්තද කියල ඔයාලම check කරල බලන්න.. ප්‍රශ්නයක් ගැටළුවක් තියනවනම් පහලින් ලියන්නත් අමතක කරන්න ඒපා.........

TV Chanel ගන්න මෙතන කොටන්න.
real player එක ගන්න මෙතන කොටන්න.
Read full story