
අපේ ජිවිතය හරිම කලබල කාරියි. කාර්යය බහුලයි. වගකිම් වැඩියි ඒ වගේම නිරසයි.
අනේ මටත් කුරැලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඇත්නම්..........
ලෝකයයි මමයි අතර තියන හැම සම්බන්දතා වක්ම නැතිකර ගන්න ඇත්නම්.........
හැමොටම මාව අමතක වෙලා යනවනම්........
මට ඇතිවෙනකම් හිනාවෙන්න, ඔන උනහම කෑගහල අඩන්න පුලුවන් උනානම්.........
කාඹරේ උන් පාඩම් කරද්දි, පැත්තකට වෙලා ඉදගෙන සිංදුවක් අහන්න ඇත්නම්.......
ඒ විතරක් නෙමෙ.......
හැමෝම lectures practical යද්දි ඒගොල්ලො දිහා බලල හිනාවෙලා, මගේ නිදහස ගැන පාරම් බාන්න තිබුනනම්...........
බඩගිනි වුනහම මෝලට ගිහින්, ඇතිවෙනකම් ආප්පයි ලුණුමිරිසුයි කාලා සල්ලි නොදි එන්න තිබුනනම්..........
හැන්දැවට මුහුදු වෙරලට ගිහින් ඉරබහිනවා බලන් ඉන්න, කම්මැලි හිතුනම ජෝන් ද සිල්වා ඒකට ගිහින් නාට්ටියක් බලන්න තව ලංකාවෙ කවුරැත් නොගිය තැන්වල යන්න, ලෝකයේ නොදැකපු දෙවල් දකින්න,
හිතුනහම කඩල ගොට්ටක් කන ගමන් පැත්තකට වෙලා පාරේ යන අය දිහා බලන් ඉන්න.........හ්ම්...
සල්ලි, රස්සාවල්, සම්බන්දකම් ,යුතුකම්, වගකිම්...අනේ! මේ වචන මගේ ශබ්ද කෝෂයෙන් මකල දාගන්න පුලුවන් නම්....තියන දෙයක් කාල වතුර උගුරක් බිලා දවස ගැන හිතල සතුටු වෙන්න තිබුනනම් කොච්චර හොදද....
අනේ!!! මට ඒ ජිවිතය දෙන්න............
කාගෙන්ද මං ඒක ඉල්ල ගන්න ඔනා.........