Pages

Tuesday, February 11, 2014

Test post

1 comments
testing 1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
111116
11117
111111178

1313
14
14
4
2
4
25
34
534
6
6
54


Read full story

Saturday, March 17, 2012

කැලණිය විශ්වවිද්‍යාල කවිමඩුව...

7 comments

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශය මගින් පැවැත්වු කවිමඩුවක් පසුගිය 13න් වෙනි දින නිමා වුයේ, බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර,පැසසුම් හා කිර්තියක්ද එම අංශය වෙත ඉතිරි කරමිනි...

පැය තුනකට අධික කාලයක් කවි රසයේ ගිල්වමින් කවීන්,හිටිවන කවියෙන් සහ කවි සංවාද වලින් ප්‍රේක්ෂකයන් හට නැවුමු අද්දැකිමක් සැපයිමට සමත් විය.මෙහිදි මුලසුන හෙබවුයේ ජී. එම් අජිත් කවියා වන අතර,සෙසු කවින් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ අචාර්යය වරයකු වන දර්ශන රත්නායක,අතුල හිමියන්,මාකදුරේ අමරසිංහ ,මාගල්ලේ සුචිත්තර,දෙහිඔවිට නිරෝෂන්,අයරින්,සිරියා,ජයසෝමා අදි කවි කිවිදියන් විශාල ප්‍රමානයක් සහභාගිවන ලදි..

සවස 2ට පමණ ආරම්භවු මෙම කවි සංවාදයෙහි විශේෂත්වය වුයේ, ආරම්භයේ පටන්ම සියලු කටයුතු කවියෙන්ම සිදුවීමයි. එහිදි දර්ශන රත්නායක මැතිදුන් කවියෙන් තම ආරාධිතයන්ට පොල්තෙල් පහන දැල්විමට කර ආරාධනය අපුරුය.. මෙහි දැක්වෙන්නේ එවැනි කවි කිපයකි..

බාහිර විභාගය අධිපති ඇදුරු දුරය
ඔබමය දැල මැතිදුනි කවිනළු මුණි වරය
දක්වමි ඔබට ලෙන්ගතු හර සරය
ඔබ දල්වනු මැනවි අද ඔබ සතු තිරය.

ගරු සරු ඔබට කාගෙත් හිමි වෙච්චි
මහදුරු සද නිමල් මල්ලව ආරච්චි
පහනක් තියෙනවානම් තෙල් බේරෙච්චි
මැතිදුට බුලත්විටකට වත් නෑරිච්චි.

ජන සංනිවේදන අංශය වෙනුවෙන්ද
මාපා රත්තරං මගේ පණ කෙන්ද
ඔබමෙහි නොපැමිණි ඉන්නට පුලුවන්ද
දල්වනු මැනවි පහනක් ඔබේ සුරතින්ද.

දර්ශන මැතිදුගේ ලෙන්ගතු කම ඇදුරු තුමියකට යොමුවුනේ පහත අයුරිනි...

ශේක්ෂ්පියර්,බර්නාඩ් ෂෝ ඇසුරුකල
වින්ද්‍යා ඇදුරු තුමියනි මගේ සුවද මල
දල්වනු මැනවි මේ පහනෙහි නැගෙන සිල
දැල්වේ පහන් ඉන් මා හද මැදුර තුල.

මේම කවි සංවාදයේ මුලසුන හෙබවු ජි. එම් අජිත් කවියා හා ඔහුගේ බිරිද සිරියා කිවිදිය හට දර්ශන මැතිදුන් ආරාධනය කලේ මෙලෙසිනි.

ලොව සැනසුව මහදුක් කිවිවර නාමෙන්
ජි. එම් අජිත් යුවලම මෙහි පැමිණිමෙන්
දල්වනු පහන් සිලුවක් සමි ගෙන දුමෙන්
අරයුම් කරමි ඔබ යුවලට ලබ දිමෙන්.


සිංහල සංගමය පෙරටම ගෙන යන්න
ලේඛම් සභාපතිකම් කර කර ඉන්න
යුවලක් සිටි පහනෙහි සිලු දල්වන්න
මැණිකෙත් අනුෂ්ක නිළමෙත් පැමිණෙන්න.

කලකට පසුව කවිමඩු වකට සහභාගි වීමට සිදුවිම පිලිබදව දර්ශණ මැතිදුන් අදහස් පලකලේ මෙලෙසිනි...

නොහැවි කලක්  හිටිවන මහ කවි වැස්සේ
හිටියෙමි උකටලිව ජිවන දඩු මැස්සේ
සිංහල සංගමය කල ඇවිටිලි ඔස්සේ
කලකට පසුව මම මේ වෙලකට බැස්සේ.

සභාවෙන් ලැබුනේ විශාල අත‍්පොලොස්සන් නාදයකි...

ගොවියා කැමති කුබුරෙදි මඩ ගා ගන්න
පුලුවන් පසුව ඒ මඩ සෝදා ගන්න
දුටුවෙම කිවි පිරිස මෙහි පැමිණි ඉන්න
මට සිදුවේද අද ඇදගෙන නා ගන්න.

මා කවි කියනවිට ඉස්සර හිතට අරන්            (කවියන් දෙසට අචාර කර)
කවියෝ දුවන්නේ සරමත් අතට අරන්
ටික ටික තුරන් වී ගොස් සරසවිගෙ වරන්
යකෙකුටවත් බයක් නෑ,කවියෙකුට තරන්

ජි. එම් අජිත්ගේ බිරිද සිරියා කිවිදියයි..දර්ශන මැතිදුන් ඇයට විහිලුවක් ලෙස කියු මෙම කවිටට ප්‍රේක්ෂකා ගාරයෙන් ලැබුනේ දිර්ග අත්පොලොස්සන් නාදයකි...

කිව්වොත් තවත් කවි මේවිදහට  පේවි
කිවිදිය සිරියා මා සමගින් පැන යාවි
ජාතක කථාවක් අලුතෙන් ලිය වේවි
කුස රජෙකුගෙ බිරිද කොටෙකුට හිමි වේවි.

ඉන්පසු පැමිණියේ ජි. එම් අජිත් කවියායි..ඔහු පලමුව දර්ශන මැතිදුන්ට ස්තුති කල අයුරුයි මේ..

හිටගෙන කරලියෙහි ඔබ වෙත සිනහ වෙවි
තප්පරයක පමණ මොහොතක් නතර නොවි
දර්ශන මැතිදු හදවත් තුල සතුට මැවි
මගෙ කවි මොන කවිද ඒවනෙ නියම කවි.

ඉන්පසු ඔහු තම බිරිද ගැන පැවසු කවියට පිලිතුරු ඉදිරි පත් කිරිමටද අමතක කලේ නෑ....

වරදක් උනොත් ඔනෑමය දෙන්න සමා
මොකටද තව වන්නේ ඔය ඔබ අරගන්න පමා
නෝනව මගෙන් ඉල්ලුවා කොන්ද නමා
ඔනෑ මටත් ඔය ටික කර ගන්න තමා.

ජි. එම් අජිති කවියා, කවි කියන අතරම සභාවට තම යුතුකම් මතක් කර දිමටද අමතක නොකරන ලදි..

නැතුවත් කිරුල රන් රුවන් ඇල්ලුව
ජි.
එම් කවි රජුය මුලු රටම හෙල්ලුව
ඉහලම රසය දෙනවා පිරිස ඉල්ලුව
අත්පුඩි තමයි ඒකට හොදම තල්ලුව.

මේ අතරම කවියාගේ ප්‍රර්තනය මෙලෙස ඉදිරි පත් වු අතර,සභාවෙන් ලැබුනේ දිර්ඝ අත්පොලොත්සන් නාදයකි..

වසර තුන හතර වේගෙන් යැවේවා!
උපාධියට වැඩිපුර සිත යැවේවා!
තරුණ හඩට පාලකයන් නැවේවා!
කදුළු ගැස් කන්නට වැඩ නොවේවා!

කවිය යනුද භාෂාවකි. වෙනස නම් එම භාෂා හැකි යාව අප සහජයෙන්ම ගෙන ආයුතු වීමයි. එසේම විවිධ තාලයන්ද මුසු වු පසු හිටිවන කවිය ප්‍රේක්ෂක සිත් වසග කරවනුයේ පුදුම සහගත අයුරිනි. ජි. එම් අජිත් කවියා විසින් විරුදු තාලෙන් තම කවි කණ්ඩායම හදුන්වා දිමටද ප්‍රේක්ෂකයන්ගේ නොමද ස්ථානයක් හිමිවිය..

කලකට පසු මේවාගේ ,පිරිසක් සභයක දුටු වේ
මේ ජි.
එම් අජිත් තමයි,මහරජු අද බල කොටුවේ
මන් ඉන්නම් මුල පුටුවේ,ඒකයි සරසවි නැටුවේ
මන් ඉන්නම් මුල පුටුවේ,ඒකයි සරසවි නැටුවේ.

අතුල නන්ද හාමුදුරුවෝ, පිංබර කහ වත දැරුවත්
සටන් බිමත් හොදට හුරුයි, දැන්මෙහි සිල්වත දැරුවත්
මම නොකියෙමි බොරුවක්, ගම ගාල්ල වැඩ බැරුවත්
මම නොකියෙමි බොරුවක්, ගම ගාල්ල වැඩ බැරුවත්.

මාකදුරේ අමරසිංහ, බුහුමන් ලද හතර වටින්
අද සරසවි බිමට ඇවිත්, ඇතුගල් පුර වයඔ රටින්
දත් තිස්දෙක හැලුන කටින්, වැඩ පෙන්නයි සරම පිටින්
දත් තිස්දෙක හැලුන කටින්, වැඩ පෙන්නයි සරම පිටින්.

මාගල්ලේ සුචිත්තරත්, කවි ලොව නව දුරක ගියා
ඇස්ගහලා පලක් නොමැත, ඔහුගේ කල වයස සොයා
ඔබ හිතුවද තරුණ කියා, දැන් දරු දෙදෙනෙකුගෙ පියා
ඔබ හිතුවද තරුණ කියා, දැන් දරු දෙදෙනෙකුගෙ පියා

මාගල්ලේ අජිත් එක්ක, සිංහයා යන නම සදහන්
කවියෙකි මේ මෙතන සිටින, දෙවියෝ බුදුන් ගැන අදහන්
බැලුවම අරුණගෙ හදහන්, ඔහුට කැපෙන වලු නිදහන්
බැලුවම අරුණගෙ හදහන්, ඔහුට කැපෙන වලු නිදහන්.

හොදටම කවි රසය දෙන්න, දැනටම ඇත ඉව අල්ලා
දෙහිඔවිට නිරෝෂනුත් සරසවියට ඇවිදිල්ලා
තාමත් බැද නැත කොල්ලා,
එකියක් අපි දෙමු අල්ලා
තාමත් බැද නැත කොල්ලා, එකියක් අපි දෙමු අල්ලා.

හිටිවන කවි එක දිගටම, පැවසිය හැක එක එල්ලට
සටන් බිමට පිවිසෙනවලු ඔබේ අප්පුඩි සැලකිල්ලට
ජයසොමගේ ගම පැලැස්ස,52 පොඩි කෙල්ලට
ජයසොමගේ ගම පැලැස්ස,52 පොඩි කෙල්ලට.

කවි ලෝකේ දුරට ගියේ, පුරමිනි ඇය පාරමිතා
කැලණිය සර සවි බිමටත්, දෙයි හිටිවන තාල ගොතා
පවසනවලු මිහිරිකථා, එයාතමයි ඥානලතා
පවසනවලු මිහිරිකථා, එයාතමයි ඥානලතා.

අමුණන්නේ කරලිය මත, අද හිටිවන පබලු වැලය
අයරින් මෙහි පැමි කිවිදිය, පෙන්නනවලු කුසල බලය
හොලව හොලව උකුලු තලය,හැඩ බැලුවැකි පැමිණි කලය
හොලව හොලව උකුලු තලය,හැඩ බැලුවැකි පැමිණි කලය.

ජි.එම් අජිත් කවියා විසින් තම බිරිදව හදුන්වා දුන් අයුරුයි මේ..

හමුවු මුල් දිනයේ හැරි බැලුවේ තුන් සැරයයි
උදහනැක්කෙ සිරියා අනේ මේකවි හද මන්දිරයයි
සංසාරේ දැන්දුරයයි,ඒක මගේ වයිපරයයි
සංසාරේ දැන්දුරයයි,ඒක මගේ වයිපරයයි.

ඉන්පසු මුලසුනේ ආරාධනයෙන් ඒ ඒ කවි කිවිදියන් පැමිණ කවි කියු අතර, පැල්පිට කවියාට පසුව මුලසුන විසින් තම බිරිද සිරියා කිවිදිය ගෙන්වුයේ පහත කවියෙනි..

පැල්පිට චන්ඩියා දැක්කම අනේ භයයි
ගෙන්වන්නට වෙන්නේ කැලණියෙ පොලිසියයි
සිරියා මෙන්න හිටිවන කවි හදා කියයි
දර්ශන මැතිදු වැද වැද ඉල්ලුවේ ඇයයි.

වෙදිකාවට පැමිණි කිවිදිය කියු පහත කවියෙන් පසු ඇයට ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයකි

යව්වන සුවද විහිදෙන ජන රුලියක්
තව මොහොතකින් මෙහි ඇරබේති ගිණි කෙලියක්
දිගටම දෙනවානම් අප්පුඩි සැණකෙලියක්
පැය දෙකතුනක් දෙන්නෙමි උපරිම ජොලියක්.

ඉන්පසු කිවිදිය දර්ශන රත්නායක මැතිදුන් තමන් වෙත එල්ල කල උපහාසයට , ලද අවස්ථාවෙන් පිලිතුරු දිමට උත්සුක විය.

අමුතුම කථා කිව මහ ඇදුරෝ නම්
ජි.
එම් මිස කොටෙකුව නොපතමි මානම්
කලකට පසුව වෙලකට බැස්සම ඔය සේනම්
කොහොමට හිටිවිද දිගටම කෙටුවානම්.

(දර්ශන රත්නායක මැතිදුන්  බොහෝ කොට පුද්ගලයකි)

එයට ජි. එම් කවියාද අලගු තැබුවේ මෙලෙසිනි

කරුණක් කිව යුතුය මෙතනදි සිරියගෙ කිම
දුරදිග බලා පැවසිය යුතු හැමදේම
මහදුරු තුමාටත් නැතිවිය ඉවසීම
ඔකට කියන්නේ ඉල්ලාගෙන කෑම.

තමාට ලැබුනු උපහාසයට පිලිතුරු දිමට දර්ශන මැතිදු පැමිණිමෙදි, සභාව දෙසින්ලැබුනේ දිර්ඝ අත් පොලොත්සම් නාදයකි...

ගුරු හිමි කදක හිත හැමදම කෙටුම එම
හිතුවෙමි ඔබේ වැඩ දුටු මොහොතෙහිදි මම
දෙපැයක නොයිද විද ගත්තෙමි අනගි තම
තව තව පුරා විදු වැඩබිම් සොයමි මම.

ජි. එම් කවියා විසින් එයට නැවත උපහාසය මුසු කරන ලදි

දර්ශණ මැතිදු මාටත් හුරු පසු පැමයි
අහගෙන ඉන්න සතුටුත් හිටිවන කිමයි
මේටික කියන්නේ තනිවම හිතුනාමයි
ඔයතරම් කොට උනෙත් බැලුවම කොටලාමයි.

සභාවෙන් ලැබුනු දිර්ඝ අත්පොලොත්සමට පසු මාකදුරේ කිවියා පහත අදහස ඉදිරි පත් කරන ලදි..

දර්ශන මැතිදු මගෙ හිතවත් සෙනේ කද
දිස්වෙනු පෙනේ අදදින මේ සභය මැද
හද පිරි සෙනේ කරුණක් කියමි අද
හැම කෙටුමටම කොටවුන තරමටය හොද.

මෙවරද සභාවෙන් ලැබුනේ දිර්ඝ අත්පොලොත්සම් නාදයකි.ඉන්පසු සුචිත්තර කවියා විසින් තමාට ලැබුණු අවස්ථාවේදි,තම දරුවන් ගැන පැවසු අදහසට ජි. එම් අජිත් කවියාට පිලිතුරු ලබා දුන්නේ මෙලෙසිනි..

මගේ මල්ලිගේ දරු දෙදෙනව උකුලෙ තියා
ජි.
එම් එද්දි නැලවුයෙමි කවිද කියා
නොසිතනු මැනවි ඒ පිලිබද උවන අයා
මොහුගේ හිතේ ඒ දරුවන් මගේ කියා.

කෙතරම් හිටිවන කවි ඇසුවත්, හිටිවන කවි සංවාද තරම් ප්‍රේක්ෂකයාගේ මන දොල පුරවන වෙනත් අංගයක් නොමැති තරම්ය.මෙම කවි මඩුවේද කවි සංවාද කිපයක් පැවතුනත්, වඩා අවදානය දිනාගත් කවි සංවාදයක් වන සිරියා කිවිදිය හා මාකදුරේ කිවියන් අතර ඇතර ඇතිවු සංවාදය පහතින් ශ්‍රවණය කල හැක...

Read full story

Monday, February 20, 2012

බේබද්දා…| The Drunkard

17 comments
මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට  කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු....

''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

''ඔයි සර්, 
තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''


හිහ් හිහ්.......





*********************************************************************************************************************

මේ බ්ලොග් එකේ මන් පල කරන ලිපි, විවිධාකාර පුද්ගලයන් Elakiri forum එකේ එහෙම්මම පල කරනවා කියලා මන් දන්නවා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් හෝ බාධාවක් නෑ.. මං පලකරන ලිපිවලට Comment 1ක් හෝ 2ක් පමණක් වැටුනට මගේම ලිපි Elakiri එකේ පලකරන අයට Comment 45 , 50 වැටිල තියනවා දැක්කහම පුදුමත් හිතෙනවා..  ඒත් මට එ ගැන ප්‍රශ්නෙකුත් නෑ....

නමුත් මේ ගැන නොදන්න සමහර අයට හිතෙන්න පුලුවන්, මන් Elakiri එකේ ලිපි අරන් මගේ බ්ලොග් එකේ පලකරනවා වගේ අදහසක්.. ඒක නිසා මං කරුණාවෙන් ඉල්ලන්නේ, මේ බ්ලොග් එකේ තිබෙන ඔනෑම දෙයක් Copy කිරීමට ඔබට සියට දෙසීයක නිදහසක් තිබෙනවා.. ඒත් ලිපිය ගත්තෙ මෙතනින් කියල දාන්න පුලුවන් නම් ඒක මට කරන ලොකුම උදව්වක් ඒ වගේම ඔබගේ නිහතමානි කම පෙන්නිමටද කදිම අවස්ථාවක්....

ස්තුති!!!! 
ජය වේවා!!!




Read full story

Saturday, February 18, 2012

මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතුව | Why wedding ring should be put on the fourth finger

15 comments

චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...

මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
  1. මහපට ඇගිල්ල   -   තම දෙමව්පියන්
  2. දෙවන ඇගිල්ල   -   සහොදර සහෝදරියන්
  3. මැද ගිල්ල           -   තමා පිලිබදව
  4. සිව්වන ඇගිල්ල  -   ඔබේ සහකරු හෝ සහකාරිය
  5. පස්වන ඇගිල්ල  -   දුදරුවන් 
මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?


මුලින්ම ඔබේ දෑත් රුපයේ දක්වා ඇති පරිදි එකතු කර, ඇගිලි දක්වා ඇති දිශාවන්ට තබා ගන්න..(මෙහිදි මැද ගිල්ල නමා එකතු කර තමා දෙසට වන්නටද,සිව්වැනි ඇගිල්ල ඉදිරියට කර අගින් ස්පර්ශ වන ලෙසද තබා ඇත.)

දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....

මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..

  • මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..

මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ  දිනක අප හැරදා යනු ඇත...

  • දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..

දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට  අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල් ජීවිත  ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...

  • දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..


සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..

  • දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..

එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ... 







Read full story

Saturday, January 21, 2012

ඔබත් ඔබේ ජිවිතය ගැන පැමිණිලි කරන්නෙක්ද...?

8 comments
එසේ නම් මේය ඔබ සදහාමයි....


ඔබ තාමත් සියලු නවීන සැප පහසුකම් තිබියදීත්, රුකියා ස්ථානයේ  කාර්යය බහුලත්වය, අස්වැසිල්ලක් නැතිකම ගැන පැමිණිලි කරන්නෙක්ද?




එසේ නම් ඇය දෙස බලන්න....


ඔබ තාමත් ඔබේ ආහාර පිලිබද පැමිණිලි කරන්නෙක්ද?


එසේ නම් ඇය දෙස බලන්න....



ඔබ ඔබේ සයනේන් ලැබු විඩාප් නින්ද ගැන පසු තැවෙන්නේක් ද?



එසේ නම් ඇය දෙසත් බලන්න....


ඔබ නිතර දෙපයින් ඇවිදිමට සිදුවිම පිලිබද  හෙම්බත්වී පැමිණිලි කරන්නෙක්ද?


එසේ නම් ඔහු දෙස මදකට බලන්න....



ඔබට ඔබේ දෙමාපියන්,නෑදැ හිත මිතුරන් වැනි සමීපතමයන් ගෙන් ලැබෙන ආදරය සෙනෙහස ප්‍රමාණවත් නැතිද?




එසේ නම් ඇය දෙස බලන්න....




පාඩම් කරනා අතර තුර සුව පහසු අසුන සහ වටපිටාව ඔබව නින්දට යොමු කරනවාද?


එසේ නම් මොවුන් දෙස මදකට  බලන්න....



ඔබ ඔබේ සුව පහසු ස්නානය පිලිවද තාමත් තෘප්තිමත් නොවුවෙක්ද? 



එසේ නම් මොවුන් දෙසත් මදකට  බලන්න....


ඔබ ඔබේම නිවසේ භාජන සේදීමෙන්, තම දෑත් වලට දැනේන පීඩාව පිලිබදව නොසතුටෙන් පසු වෙන්නේක්ද?



සේ නම් ඇගේ පුංචි දෑත් පිලිබදව මොහොතකට සිතන්න....



ඔබ ඔබේ පාවහන් පිලිබද අතෘප්තියෙන්ද? විවිධා කාර වර්ග අවශවී ඇත්ද?



එසේ නම් ඔහු දෙස බලන්න....



ඔබ පරිගනක ක්‍රිඩා කිරීමෙන් වෙහෙසට පත්වී ඇත්ද?



එසේ නම් ඔබේ වසසේ මොහු දෙස මදකට  බලන්න....


ඔබට කිරීමට කිසිත් නැත්ද?


එසේනම් මොවුන්ට කිරිමට ඇති දෑ දෙස බලන්න....


සැම විටම මතක තබා ගතයුතු කරුණ නම්.....

ඔබ ඔබේ ජිවිතය පිලිබද පැමිණිලි කරන විටදි, ලොව බොහෝ පිරිසක් ''ඔබ'' බවට පත්වීමට කැමැත්තෙන් සිටින බව නිරතුරුවම සිහියට ගන්න. එසේම සැමවිටම ඔබ සතුදෑ අගය කරන්න. ජිවිතයේ ඇති කුඩා අඩුපාඩු පිලිබද නොසලකා හරින අතර, ඔබගේ සතුට ඔබ තුලින්ම සෙවීමට වෙහෙස වන්න.එවිට ජිවිතය වඩාත් සුන්දර වේවි.....





Read full story

Sunday, December 4, 2011

BB Top Secret 3 | Barn buddy නිල් පාට credit හැක් කරමු...

13 comments
How to hack barn buddy blue credit...


Barn buddy play කරන අය දැනටමත් දන්න දෙයක් තමයි Barn buddy ගේම් එක ඇතුලෙම තියන Lucky Barn කියන පුංචි ගේම් එක play කරලා,පහසුවෙන්ම BB Credit හොයා ගන්න පුලුවන් විත්තිය..

ඒ ගේම් එකේ තියන Spin කියන එක Click කලාම ඒ ඒ අවස්ථාවට අනුව BB Credit ලැබෙන බවත්, මේක අපිට වාසිවන විදිහට play කරන්න නම් blue credit තිබිම අනිවාර්යය බවත් කට්ටිය දැනටමත් දන්නවා ඇති.

හොදයි දැන් කියල දෙන්න යන්නේ,කොහොමද අපි ඒ blue credit ප්‍රමානය තමන්ට කැමති පරිදි වැඩිකර ගන්නේ කියලා. මේක මේ ඉංග්‍රිසි බ්ලෝග් ලිපියක සිංහල පරිවර්ථනයක් නොවන බවත්, මගේම ටිකිරි මොලේ පාවිච්චි කරලා කරල කරපු පරික්ෂණවල ප්‍රතිඵලයක් බවත් කට්ටිය මතක තියාගන්නව හොදයි...

මේසදහා පහත පියවර අනුගමනය කරන්න..

මුලින්ම මේ සදහා පොඩි Software කැල්ලක් අවශ්‍ය වෙනවා ඒක මෙතනින් down කරගන්න..

දැන් BB වල වම් පැත්තේ තියන Lucky Barn ගේම් එකට යන්න. එත කොට ඒකෙ තියන play table එක මේවගේ පෙනේවි.

දැන් දුන්නු Soft එක Open කර ගන්න. එතකොට මේවගේ පෙනේවි..


දැන් File එකට පහලින් තියන icon එක Click කරාම ලබෙන Process list එකේන් දැනට ඔබ BB open කරන් ඉන්න Browser එක select කරලා Open කියන එක Click කරන්න..


දැන් ඒකේ ඇති Value කියන එකේ ඔබගේ දැනට තිබෙන  blue credit ගාන ඇතුලු කරන්න.( මගේ තියෙන්නේ 750 යි) දැන් First scan කියන එක Click කරන්න.දැන් පහත පරිදි ඔබ ඇතුල් කල අගයට අදාල Values කිහිපයක් වම් පසින් දිස්වේවි...


දැන් ඔබට තියෙන්නේ නැවත Lucky barn  ගේම් එකට ගිහින් ඒකේ තියන Spin  කියන එක Click කරන එකයි. එවිට පහත පරිදි blue credit ටිකක් අඩු වේවි.( දැන් මගේ blue credit ගාන 732 යි)


දැන් පෙර ලැබුනු Values වලින් 732 ට අදාල Value එක සොයා  ගන්න.


දැන් ඒක Click කලාම පහලට ඒවි.දැන් එහි Value කියන එක Click කරන්න. විට ලැබෙන Value box එකේ ඔබට අවශ්‍ය  credit ප්‍රමානය type කරන්න.(මම 99999999 type කර ඇත)


දැන් Ok කරලා Frozen කියන තැනට හරියක් දාලා නැවත Spin එකක් Click කරලා බලන්න. කොහොමද වැඩේ ! ඔබ සදහන් කල අගයෙන් blue credit ගාන වැඩිවි තිබෙනු දක්නට ලැබේවි.


දැන් ඉතින් Spin පැද පැද රතු Credit හොයන එකයි ඇත්තේ...

මේ Software එකෙන් හරි ගියෙ නැති කවුරු හරි ඉන්නවනම් මේතන Click කරලා මේන්න මේ Software එකෙන් නැවත try කරල බලන්න. හරියනවා සිකුරුයි.දැන් වැඩේ  හරි. ප්‍රශ්ණ ගැටලු තියනවනම් අහන්නත් අමතක කරන් එපා

එහෙනම් ජය වේවා!!!!



















Read full story

Friday, November 11, 2011

දුප්පත් හා පොහොසත් කමේ වෙනස|Differences between Rich and poor

2 comments
අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට, දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට...


පොහොසත් කම මේවැනිය ....






නමුත් දුප්පත් කම ....





(ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න)

මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රුදි සිනහවයි.සැමදේම ඇතත් පොහොසත් මිනිසුන් ලෙහෙසියෙන් සිනා 
නොවෙත්...කිසිදෙයක් නැතත් දුප්පත් මිනිසුන් සැමවිටම සිනහවෙන් පසුවෙත්... 







Read full story

Sunday, August 21, 2011

කැලණි සරසවියේ විද්‍යා පිඨයේ අර්බුදය....

9 comments


කැලණිය විශ්වවිද්‍යාලය වනාහි පසුගිය දිනවල නිතර නිතර මාධ්‍ය සදහා පුවත් පත් සැපයු ආයතනයක් විය. විවිධාකාර හේතුන් මත මෙසේ සාකච්චාවට බදුන්වු කැලණි සරසවිය, එහි විද්‍යාපිඨය නිසා තවත් ජනප්‍රිය වුවාට සැක නැත. එහි විද්‍යාපිඨයේ ''ආසනික්'' පිලිබද පරික්ෂනයක් පැවැත්වු අතර පරික්ෂනය සදහා ආධාර උපකාර ලබාදි ඇත්තේ ''නාථ දෙවියන්'' විසිනි. ලොව කිසිම තැනක මේසේ දෙවියන්ගෙන් ආධාර උපකාර ලබා සිදුකල පරික්ෂනයක් නොමැති විම තුලින්, විශ්වවිද්‍යාලය මෙන්ම එම පරික්ෂනයේ නියමුවා වු මහාචාර්යය නලින්ද සිල්වා මහතාද මහත් ජනප්‍රියත්වයට පත්විය. එපමනක් නොව ඔහුවිසින් සියලු විද්‍යාත්මක ක්‍රම බොරුබවත්,බටහිර විද්‍යාව බොරුවක් බවත්, එයතමාට ඔප්පුකර පෙන්විය හැකිබවත් පුවත් පතකට සපයන ලද ලිපියක සදහන් විය.එතැනින් නොනැවතුණු ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ දරුවන් දේව දරුවන් බවත්,ඔවුන් ඉගන ගනුයේ නිවරදි ''දේව සංකල්ප අනුව ගොඩනැගුණු ධර්මතාවයන්'' වැනි අදහසක් පැවසුවද,තවමත් එහි උගන්වන්නේ ඔහු බොරුවක් බව පවසන බටහිර විද්‍යාවම වීම අවාසනාවට කරුනකි.

ශ්‍රි ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක පිඨාදිපති තුමෙකු කරන මෙවැනි ප්‍රකාශ වලින් එහි ගුරුවරු මෙන්ම සිසුන්ද පසුගිය කාලයේ නොසන්සුන් විය.ගුරුවරැ ඊට විරුද්ධව රුස්විම් පැවැත්වු අයුරුද, ඇතැම් රුස්වීම් උණුසුම් ආකාරයක් ගත්සැටිද අපට මතකය.

එසේ ලැබුණු ජනප්‍රියත්වය වියකියැමට මත්තෙන් නැවත  විශ්වවිද්‍යාලය තුල විද්‍යාපිඨය කථාබහට ලක්වෙමින් පවති.එයට හේතුවවී ඇත්තේ විද්‍යාපිඨය තුල පවත්වන්නට නියමිත මැතිවරණයයි.ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යාපිඨයේ සිසුන් දෙකට බෙදි මැතිවරණ කටයුතුවල යෙදෙමින් සිටි. එනම් විද්‍යාපිඨය දෙකට බෙදි ඇත්ද? එසේ බෙදි ඇත්නම් එයට හේතුව කුමක්ද? විද්‍යාපිඨයේ අනාගතය කෙබදු ආකාරයක් ගනිද? ආදි කරුණු දැන ගැනිම සදහාද,ප්‍රථම වසර සිසුන්හට මේපිලිබද අවබොධයක් නොමැති හෙයිනද,විද්‍යාපිඨයේ ආදි සිසුන් හට මේ පිලිබද දැනගැනිමට අයිතියක් ඇතිහෙයිද සහ වෙනත් පිඨවල සිසුන් මේ පිලිබද වැරදි අවබෝධයකින් පසුවන බැවින්ද,මේසේ මෙම ලිපිය සටහන් වනබව මතක් කිරිමට කැමැත්තෙමි......

විද්‍යාපිඨය වනාහි විශ්ව විද්‍යාලයේ ස්වාධිනත්වය රුකගත් ආයතනයක් බවත්, එහි බාහිර දේශපාලනය හෝ ගැතිකම් නොමැති බවත්,විශේෂයෙන්ම මෙහි ''රුග්'' නැති බවත්,මෙම නිදහස අත්පත් කරගත්තේ ලෙයින් මසින් දහඩියෙන් සහ කදුලෙන් අතිතයේ සිටි ශිෂ්‍යයන් කල කැපකිරිම් නිසා බවත්, ආදි කරුණු විද්‍යාපිඨයේ ඉගනගන්නා සිසුන් කන්පිරෙන තරමට අසා ඇත. මේසේ ගොඩනගන ලැදැයි කියන නිදහස් පිඨය මේදක්වා පාලනය කරන ලද්දේ ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' නැමති, ශිෂ්‍යයන් විසින්ම ගොඩනගාගත් ශිෂ්‍ය සංගමයක් හරහාය. එමගින් ශිෂ්‍යයන්ගේ ඉල්ලිම් යෝජනා ආදිය පාලක පක්ෂය සමග හුවමාරු විය. එසේම එමගින් ඉදිරිපත් වන මතය පිඨ ශිෂ්‍යයන්ගේ පොදුමතය බවටද පිලිගන්නා ලදි.වර්ථමානයේ සිදුවි ඇත්තේ මෙම විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමයට අමතරව ''ස්වාධින ශිෂ්‍ය සංගමය'' නැමති තවත් ශිෂ්‍ය සංගමයක්  පිඨයේ සභාපති විමේ අරමුණින් මැතිවරණ බිමට පිවිස සිටිමයි.ඔවුන්ද ඒසදහා නාමයෝජනා ලබාදෙමින් ප්‍රචාරක කටයුතු සිදුකරමින් පවති.

මෙසේ තවත් ශිෂ්‍ය කණ්ඩායමක් බිහිවුයේ ඇයිද යන පැණය විමසාබැලිම සදහා ඉතිහාසයේ කරුණු ගෙනහැර පෑම වටි.සෑම වසරකම විද්‍යාපිඨයේ ශිෂ්‍ය සමිතිය සදහා නියෝජිතයන් පත්කරගැනිමේදි එක් තනතුරක් සදහා නම් කිපයක් යෝජනාවිම සාමාන්‍ය සිරිතක් වුවත්,ශිෂ්‍යයන් විසින් පසුව පොදු එකග තාවයකට පැමිණ එක් පුද්ගලයකු ස‍භාපති අපේක්ෂක සදහා ඉදිරිපත් කරනු ලබයි.පසුගිය වසර කිපය මුලුල්ලේම මෙම ක්‍රයාදාමය සිදුවි ඇතත් ගියවසරේ එනම් 2010 වසරේ මෙය තරමක් වෙනස් ස්වරෑපයක් ගන්නා ලදි. එනම් එම වසරේදිත් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත්වු අතර අවසානය දක්වාම එම දෙදෙනාගෙන් කෙනෙකු තොරාගැනිමට නොහැකි විය. මේ අනුව දෙදෙනා වෙන වෙනම තම ප්‍රචාරක කටයුතු ගෙනගිය අතර ශිෂ්‍යන්ද තම කැමැත්ත මත ඒ ඒ අපේක්ෂකයාගේ පැත්තට වැඩකරනු දක්නට ලැබුණි.අවසානයේ එක් පුද්ගලයකු  තොරාගැනිමට නොහැකිවු කල විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය හරහා දෙදෙනාම ඉදිරිපත්වී, ජන්දයක් තුලින් සුදුස්සා තොරාපත්කර ගැනිමට කටයුතු සම්පාදනයවු අතර, එතැන්සිට මෙම බෙදිමේ මුලාරම්භය සිදුවු බව තතු දන්නෝ පවසති.

සැමවිටම සභාපති සදහා තොරා ගනුයේ දෙවන වසරින් බැවින් එවකට දෙවන වසරේ අධ්‍යාපනය ලැබු ''ගොරා'' සහ ''බාලා'' යන දෙදෙනා මෙලෙස දෙකට බෙදි තරග වදින්නට විය.මින් වඩා වාසිදායක තත්වයක් පැවතුනේ ''ගොරා'' හට බව ලියුම්කරුගෙ මධ්‍යස්ථ මතයයි. හේ ඔනෑම පුද්ගලයකුගෙ සිත දිනාගත හැකි අතිදක්ෂ කථිකයෙක් විය. සැම පුදිගලයකු සමගම සුහදව කථාබහකල අතර,ඔනෑම කාර්යයක් නොබියව බාරගත හැකි මට්ටමක නිරතුරුවම පසුවිය. එවකට දෙවන වසරේ ජනප්‍රයතම චරිතය ''ගොරා'' යැයි පැවසුවහොත් අසාධාරණ නොවෙයයි සිතමි.''ගොරා''ට සාපේක්ෂව ''බාලා'' කෙරෙහි තිබුනේ අඩු ජනප්‍රියත්වයකි. හේ නිතරම කථාකරනු දක්නට නොලැබු නමුත් හේද සෑම කාර්යකදිම ''ගොරා'' සමග පිටුපසින් වැඩකල පුද්ගලයකු බව දන්නෝ දනිති.

''ගොරා-බාලා සටන'' ඇරබුනේ මෙලෙසිනි. දෙපසින්ම එකිනෙකාට චොදනා එල්ල විය.මෙහිදි ''බාලා'' පාර්ශවයෙන් එල්ල වු චොදනා ''ගොරා'' කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට ඇත.ඔවුන් පැවසුවේ ''ගොරා'' ''තොරන් ගැට්ටක්'' ගැසිමට සැරසෙන බවය. එනම් ''ගොරා'' ''තොරනේ'' සාමාජිකයන්ට වැඩි වරප්‍රසාද හා වටිනාකම් තනතුරු ලබාදි ඇති බවද, අනෙක් ශිෂ්‍යයන්ගේ අදහස් ගනන් ගන්නා මට්ටමක නැතිබවද,ප්‍රකාශ විය. මේ ප්‍රකාශ වඩාත් වැඩිදියුණු වුයේ ''තොරනේ'' සියලු සාමාජිකයන් ''ගොරාට'' සහය දක්වන්නට වුකල,''බාලා'' පාර්ශවයේ  එම මතය සාධාරණ බව  අනෙක් පිරිසටද කෙමෙන් අවබෝද විමත් සමගය.

''තොරණ'' යනු එවකට විද්‍යාපිඨ ශිෂ්‍යයන් සදහා ලබාගෙන තිබු නේවාසිකාගාරයයි. එය ඉතාකුඩා බැවින් ඉඩකඩ තිබුනේ සිමිත පිරිසකට පමණි.අනෙකුත් ශිෂ්‍යයන් ''බෝඩිම් කාබර'' සහ නිවෙස්වල සිට පැමිණෙන ලදි. මේසේ අනෙක් පිරිසේ නියෝජිතයා  තමා බව ''බලා'' එවකට සිටි ප්‍රථම වසර සිසුන්ට ඒත්තු ගැන්වීමට උත්සුක විය. තමාගේ ජයග්‍රහනයෙන් රුකෙන්නේ ඔවුන්ගේ අයිතින් බවද, ''තොරන් ගැට්ටක්'' ගැසිමට අනෙක් පාර්ශවයට ඉඩ නොතැබිය යුතුබවද ප්‍රකාශ විය.කෙසේ නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසුවේ ''බාලා'' පාර්ශවය විසින් ''ගොරා'' කෙරෙහි අප්‍රසාදයක් ගුරුවරැන් තුලද ඇතිකෙරවු බවයි.විවිධ හේතු ඉදිරිපත් තර ඔහුගේ පිරිස විසින් ''ගොරා'' සභාපති අපේක්ෂක කමින් කපා දැමිමට උත්සාහකල බවද සදහන් විය. එය නිසා හෝ හෝ වෙනයම් හේතුවක් නිසා හෝ අවසානයේ සිදුවුයේද එයයි.''ගොරා'' විසින් පුස්තකාල කාඩ්පත් ලබාදි නැතැයි පවසමින් ඔහුව චන්ද අපේක්ෂක කමින් ඉවත් කෙරුණී..''බාලා'' නිතරගයෙන්ම පිඨයේ සභාපති තනතුරට පත්විය..

මේ සමගම ''ගොරා'' ඇතුලු පිරිස වෙනම පිරිසක් බවට පත්විය.''බාලා'' තමාට හිතැති පාසල් මිතුරන් යොදා ගනිමින්,තනතුරු ලබාදි පිඨයේ වැඩකටයුතු මෙහෙය වනු දක්නට ලැබුණි. ''ගොරා''ට යම් අසාධාරණයක් සිදුවුබව මධ්‍යස්ත මතධාරි සියලු දෙනාගේම මතය වුවත්, ඊට විරුද්ධව කලහැකි යමක් නොවුණි.චන්දයක් තිබුනානම් ප්‍රතිඵලය ඇතැම්විට වෙනස් වන්නට හැකියාව තිබුබව ඔවුන්ගේ පිලිගැනීම විය.කෙසේ නමුත් ගියවසර තත්වය ඔවැනි වු කල,මෙම වසර චන්දය සදහා ''ගොරා'' පාර්ශවයට ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති විම කෙරෙහි පුදුම වියයුතු නැත. එමනිසා ඔවුන් ''ස්වාධින ශිෂ්‍ය සංගමය'' නැමති සංගමයක් පිහිටුවාගෙන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටි.දැන් ''ගොරා'' තෙවන වසර බැවින් ඔහුට මැතිවරණය සදහා ඉදිරි පත් විය නොහැක. එහෙයින් ඔහුගේ අතවැසියකු වු ''තියරි'' ඒ සදහා ඉදිරිපත් කර ඇත.''බාලා'' පාර්ශවයෙන් ''රුමා'' ඒසදහා ඉදිරිපත් කර තිබේ.

දැන් පවතිනුයේ ''තියරි- රුමා'' ගැටුමයි.සුපුරුදු පරිදි දැන්ද එකිනෙකා වෙත චොදනා එල්ල කෙරෙමින් පවති.''රුමා'' පාර්ශවයෙන් ''තියරි'' පාර්ශවය ජේ.වී.පී බවට කෙරෙන ප්‍රකාශයන් එම පාර්ශවය විසින් තරයේ ප්‍රතික්ශේප කරනු ලබයි. මේ අතර ''තොරනේ අභිමානය'', ''තොරනේ ගැට්ට'' ගැන ඔවුනට නැවත ප්‍රති පාර්ශවෙයෙන් චොදනා එල්ල වෙමින් පවති.මෙම චොදනා ඔවුන් ප්‍රතික්ශේප කලත් එම චොදනාවල සත්‍යතාවයක් ඇතැයි මධ්‍යස්ථ ශිෂයන්ගෙද මතයයි.

සැබැවින්ම මෙම ''තොරණට'' අභිමානයක් පැවතිය හැකිද යන්න සලකා බැලිම වටී.පෙරද සදහන් කල පරිදි ''තොරණ'' යනු එවකට විද්‍යාපිඨ ශිෂ්‍යන්ගේ තාවකාලික නේවාසිකාගාරයයි. එය කුඩා දෙමහල් නිවසක් වු අතර,ශිෂ්‍යයන් එහි සිටියේ මහත් වු අපහසුතා මැදබව අවිවාදාත්මකය.මෙම අපහසුතා නිසාම එවකට නේවාසිකාගාර අත්‍යාවශම වු සිසුන් පමණක් එහි නතරවු අතර, ඇති හැකි අය බොඩිම් කාමර වල සරණ පැතිය.අනේක් ශිෂ්‍යයන්ට වඩා මෙම ''තොරනේ'' සිසුන් අතර සමගියක් ගොඩ නැගිම සිතාගත හැකිනමුත්,ඔවුන් අනේක් සිසුන්ව අඩු තක්සේරුවට දා කථාකෙරේනම් එය කොහෙත්ම තරම් නොවෙත්.කිමද යත් ඔවුන් ''තොරනේ'' සිටියත් කවරෙකු අතින්හො ''රුග්'' වී හෝ අනෙක් සිසුන්ට සාපේක්ෂව තාඩන පිඩන ලබා හෝ නැත.ඔවුන් අතින් සිදුවුයේ 8 දෙනෙකු සිටිය හැකි කාබර වල 15 දෙනෙකු හවුලේ වාසයකිරිම සහ වැසිකිලි යාමට බාල්දි ගෙන පොලිමේ සිටිම පමණි.මෙම ක්‍රියාවන් නිසා අභිමානයක් ලැබේ නම්,උතුරු නැගෙනහිර අනාථකදවුරුවල වාසය කරන්නන් හට මීටවඩා අභිමානයක් ලැබිය යුතුය....

මේ හේතුවෙන් ස්වාධින ශිෂයන්,''තොරනේ'' ශිෂයන්ට වැඩි සැලකිලි ගවුරවයන් ලබාදෙන්නේ නම් එය ඔවුන්ටම සිදුවන මහත් අවාසියක් බව මතක තබාගත යුතුය.මෙම ශිෂ්‍යයන් ජේ.වී.පී බවට ගසා ඇති ලේබලය පිලි ගැනීම සදහා ප්‍රමාණවත් තරම් සාක්ෂි  නැති බැවින්, ලියුම් කරු එම අදහස බැහැර කරනු ලබයි.කවුරුන් කෙසේ කුමක් කලත්, තවමත් පිඨ ශිෂ්‍යන් එකවරම ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' ප්‍රතික්ශේප කිරිමට සුදානම් නැති අයුරක්ද පෙනියනු ලබයි.අවසාන වශයෙන් වඩා වාසිදායක තත්වයක් ඇත්තේ ''තියරි''ටද ''රුමා''ටද යන්න පැවසිමට ලියුම්කරු කලබල නොවෙත්..කවුරුන් දිණුවත් විද්‍යා පිඨයට සිදුවන මහලොකු සෙතක් නම් නොවනබව ඔහු හොදාකාරවම දනිත්...

මෙම දෙදෙනාගෙන් සභාපති වනුයේ කවුද යන්න 26 වෙනිදාට පසුව දැනගතහැකි වනු ඇත.අවසාන වශයෙන් අපේක්ෂකයන්ට පැවසිමට ඇත්තේ ලියුම්කරු ඇතුලු බහුතර සිසුන් මෙම කණ්ඩායම් දෙකකෙරෙහිම නොඇලි මධ්‍යස්ථ මතයක පිහිටා කටයුතු කරන බවයි. එලෙසම මෙහි දැක්වෙන කිසිදුකරුණක්,කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් නොලියවුවක් බව පාඨකයාද තරයේ සිතට ගතයුතු වෙයි.කවුරුන් දිනුවද කවුරුන් පැරදුනද පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩක් ක්‍රියා නම් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිබව තතු දන්නෝ පවසති....










Read full story