Pages

Sunday, April 25, 2010

අපෙ Trip එක..........

12 comments
අවුරැදු නිවාඩුවත් ඉවර වෙලා, එක යනව දැනුනෙවත් නෑ...අද අපෙ නිවාඩුවෙ අවසාන දවස.. හෙට අයිමත් හොස්ටල් එකට යන්න ඔන.අනිද්දා ඉදන් ඉතින් අායිමත් අර පරණ life එක තමා ඉතින්...lectures ,practical, postwork, Exam.... මතක් වෙනකොටත් බඩ දගලනවා.

එගැන නෙමෙ මම මෙකියන්න යන්නෙ,අවුරැදු කාලෙ අපි ගිය trip එක ගැන.මම ඉතින් යාලුවො එක්ක තමා වැඩිපුරම trip යන්නෙ,මෙදා සැරෙ අපි යන්න තිරණය කලෙ බණ්ඩාරවෙල.අපි ගියෙ අවුරැදු දවසෙ එකියන්නෙ aprel 14 වෙනිදා.මම,දිනෙෂ්,ජයම්පති,ස්ටෙෆාන්, රද්දොළුගමින් නැගල කොටුව ඉස්ටෙෂන් එකට අාවා, අපි එද්දි තිවන්ක මල්ලි කලින්ම ඉස්ටෙෂන් එකට අැවිත් හිටියා.එත් එක්කෙනෙක් අඩුයි එතමා අපෙ අනික් සාමාජිකයා ඩයස්.

උෟඉතින් වෙලාවට වැඩ කරන එකානෙ,අපිට කොච්චිය තිබ්බෙ රෑ 8 ට,දැන් 8 ට ලගයි එත් මු තාම නැ. අපෙ රටෙ කොච්චි කවදාවත් වෙලාවට දුවන් නැතිනිසා 8ට පහුවෙලා වුනත් කොච්චිය ගියෙ නෑ..එක නිසා දෙයියනෙ කියල මිනිහට කොච්චිය මග අැරෙන්නැතුව එන්ඩ පුලුවන් වුනා.

අවුරැදු දවස වුනත් කොච්චිෙයෙ කට කපල සෙනග අපිට උරැම උනෙ පුට්බොඩ්‍ එක. කොච්චිය පිටත්උනා පොල්ගහවෙල හරියට එද්දි සෙනග තවත් වැඩි වුනා, කොච්චි ගමනනම්‍ මට එදාම එපාවුනා...අපරාදෙ කියන්නෙ ඉතින් අපෙ වුන්නම්‍ හොදට ඩලස් අලහපෙරැම මහත්තයාගෙ අම්මා තාත්තව මතක්කලා.... කොච්චිය හැටන් වලට විතර එද්දි අපිට හොද ගනන් සීතලත් හොදටම, කොච්චි යත් හෙන හිමිට යන්නෙ.හදිසියෙම අපෙ ගමන වෙනස් වුනා එකියන්නෙ බණ්ඩාරවෙල යන්න හිටපු අපි නුවරඑළි යන්න තිරණයකලා.ඔහොම තමා අපෙ ගමන්වල හැටි...........

ඊට පස්සෙ අපි නුවරඑළි යන්න නානුඔය ඉස්ටෙෂන් එකෙන් බැස්සා.. එතකොට පාන්දර 3.30 වෙලාව.සිතලත් හොදටම තියනවා,අපි ඉස්ටෙෂන් එකෙ කැන්ටිමට ගිහින් කොපි බිලා පාන් එහෙම අරගෙන කෑවා ඊට පස්සෙ එලියට එද්දි තියනවා "දෙවන පන්තියෙ මහත්වරැන්ගෙ විවෙක කාබරය" කියල ගහපු කාබර කැල්ලක්,අපි නම්‍ තුන්වන පන්තියෙ අාවෙ එත් ඉතින් අපිට ඔවා අදාල නැනෙ....අපි එකට ගිහින් උදෙ වෙනකම්‍ හොදට බුදිය ගත්තා.අැදන් උඩනම්‍ නෙමෙ,මෙසයක් උඩ.



අපරාදෙ කියන්නෙ නානුඔය නම්‍ හොද ඉස්ටෙෂන් එක සුපිරියට නැතත් හැම පහසුකමම තියනවා.අපෙ කවුරැත් දත් මදින බුරැසු ගෙනත් තිබ්බට දත්බෙහෙත් ගෙනල්ල නැ, කට්ටියම දත්මැද්දෙ සබන් වලින්,සබන් වලින් දත්මැදිම කොහොමද කියල ඔයාලත් මැදල බලන්න....ඉට පස්සෙ වෙච්ච් දෙවල්නම්‍ ගොඩක් තියනවා මම ඉතින් කෙටියෙන් ලියන්නම්‍ අපි උදෙම බස්එකෙ නැගල නුවර ටවුන් එකට අාවා ටවුන් එකට අැවිත් නුවර victoria parck එකට ගියා.පාක් එකෙ ඉතින් පිස්සුම තමා නැටුවෙ.....සිංදු එහෙමත් කිවුවා.එහෙදි ගත්ත poto ටිකක් දාන්නම්‍ ඔක්කොම නම්‍ දාන්න බෑ..................













පාක් එකෙ සැහෙන වෙලාවක් ඉදලා අපි පොඩි වැඩක් කලා එතමයි ඉතින් බස්වල සිංදු කියල පොඩි ගානක් හෙව්වා.මට නම්‍ ඉතින් වැඩිය සිංදු කියන්න බැ එත් අපෙ අනිත් උන් සෞන්දර්ය campus එකෙනිසා උන්ට එව හොදට පුරැදුයි. එ සල්ලි වලින් තමා අපෙ දවල් කැම සහ බස් වියදමි ෂෙප්කර ගත්තෙ.....

ඉට පස්සෙ අපි බැලුවෙ රෑට නවතින්න තැනක්,නුවර සෞන්දර්යෙ කොල්ලෙක් හිටියා තුල්ලා කියල ජැම්‍ උට කතාකරල අපෙ නවාතැන් ප්‍රශ්නෙ විසදගත්තා.අපි තුල්ලාලෑ යන්ඩ පිටත් උනා අපරාදෙ කියන්නෙ තුල්ලා 3විල් එකක් අරන් මගට අැවිත් හිටියා.හොද කොල්ලා........................................................

තුල්ලාලෑ ගෙ තියෙන්නෙ කන්දක් උඩ එගෙදරට වටෙම පෙනවා හරිම ලස්සනයි....අපි එහෙගියාම අපි නාන්න ගගට ගියා,ගගෙ පැය දෙක තුනක්ම අපෙ උන් නානවා...එ අස්සෙ තුල්ලා ඔරැවක් සෙට්‍ කලා අපිට.අපිත් අැතිවෙන්න ඔරැ පැද්දා මම නම්‍ ඔරැවක ගිය පලවෙනි පාර තමයි එ............ තුල්ලාලෑ ,ගෙදර සිද්ද වෙච්ච් seen ගොඩක් තියනවා,ඉතින් එ හැම එකම ලියන්න යන්නැ මං.හැබැයි එකක් කියන්න ඔනෙ තුල්ලා අපිට හොදට සංග්‍රහ කලා එහිදි අපිට තව කොල්ලෙක් සෙට් උනා හබලා කියල උෟවත් මම අාදරයෙන් මතක් කරනවා මෙ වෙලාවෙ.......

පහුවදා අපි එහෙන් පිට වෙලා සෞන්දර්යෙම ගැණු ලමයෙක්ගෙ ගෙදර ගියා එයාගෙ නම කජ්ජි. කජ්ජිලෑ ගෙදර අයත් හරිම හොදයි, එහෙත් ඉතින් සංග්‍රහ ඉවරයක්නැ...අපිත් ඉතින් කන්ඩ බොන්ඩ බැරිඅය හින්දම හොදයි ඉතින්.....කොහොමහරි අපි කජ්ජිලෑ ගෙදරදි අම්බුලුවාවෙ යන්න තිරණය කලා.අපරාදෙ කියන්නෙ කජ්ජි අපිට අදුරන වෑන් එකක් හොයල දුන්නා එහෙ යන්න,එ විතරක් නෙමෙ අම්බුලුවාවෙ ගිහින් දවල් කැමට අයි එහෙ එන්න කියලත් කිව්වා.පව්‍ හොද කෙල්ල!!!!!

අපෙ උන්නම්‍ අම්බුලුවාවෙ නටපු නාඩගම්‍ නම්‍ ඉවරයක්නැ එ තරමට පිස්සු නැටුවා අපි යද්දි අම්බානට වැස්ස එහෙ.... අම්බුලුවාව හොදයි එක පන්සලක් බලල නැති අය ඉන්නවනම්‍ ගිහින් බලන්න,හරි ලස්සන තැනක්....අායි අපි කජ්ජිලෑ ගෙදර අාවෙත් වැන් එකෙමයි.එහෙන් දවල්ට කැවා,කාල බිලා ටිකක් rest කලා ස්ටෙෆා නමි ටිකක් නිදියන්න ඔන කියල නිදිය ගත්තා.අපි නම්‍ කාඩ්‍ කුට්ටාමක් හොයාගෙන ඔමි බැලුවා...........

අපි එහෙන් පිටත් වෙන්න ලැස්ති උනා. එහෙ ගෙදරින් පොරෙ අපිට එදා එහෙ නවතින්න කියල. මම නම්‍ එක පයින් කැමති උනා එහෙ ඉන්න...එත් ඉතින් අපෙ උන්ට එක තැන වැඩි වෙලාවක් ඉදල පුරැදු නැති නිසා අපි පිටත් උනා. එදා අපිට කරපු සංග්‍රහ වලට කජ්ජිටයි පවුලෙ හැමොටමයි ගොඩක් ස්තුතියි..... කජ්ජිව අදුනන කවුරැ හරි මෙක බැලුවොත් මම මතක්කලා කියන්න..........

අම්බුැලුවාවෙදි ගත්ත poto ටිකක් දාන්නමි...රතු පාට t-ෂට්‍එක අැදන් ඉන්නෙ කජ්ජි.......















දැන්නම්‍ ඉතින් ලියල ලියල හරිම අමාරැයි...ඉතිරි ටිකත් කෙටියෙන් ලියන්නම්‍.....ඊට පස්සෙ අපි කෙලින්ම අාවෙ මහනුවර ටවුන් එකට දැන් ටිකක් රැවෙලා ස්ටෙෆා අපිට රැ නවතින්න මහනුවර අදුනන ගැණු ලමයෙක්ගෙ ගෙයක් set කර ගත්තා. එහෙ යන්නත් අපි මාර කට්ටකක් කැවා බස් නැතුව...අපි ගියෙ ඊට පස්සෙ 3විල් එකක. එ 3විල් අංකල් මිගමුවෙ ඉදන් හයර් එකක් අැවිත් ගෙදර යන ගමන්.මිනිහටත් මල් වගෙ ගෙවල් පැත්තෙ කොල්ලො ටිකක් set උනඑක ගැන..කතා කරල බැලිනම්‍ එයාගෙ පුතත් අපෙ campus එකෙ ඉගෙන ගන්නෙ,අනෙ එ අංකල් සල්ලි ගත්තෙත් නැ අපෙන්.රැ 600 විතර හයර් එකක් ෂෙප් උනා,එයාටත් බොහොම ස්තුතියි........

එ අක්කලැ ගිහින් වෙච්ච. දෙවල් නම්‍ ගොඩාක් තියනවා...අපි රෑ පැදුරැ පාටියකුත් දැම්මා....සිංදු එහෙමත් කිව්වා..පවුලෙ අයත් බොහොම හොදයි.එයාලටත් බොහොම පිං.....

පහුවදා අපි පෙරාදෙණියෙ පාක් අාවා.එහෙ සැහෙන වෙලාවක් හිටියා....අපෙ උන්නම්‍ ඉතින් පාක් එකෙ කෙල්ලො දිහා බලබල තමා හිටියෙ....පස්සෙ ඉතින් අපි අයෙ මහනුවර ටවුන් එකෙ පුරැදු රාජකාරිය පටන් ගත්තා.එ තමා සිංදු කියල කියක් හරි හොයා ගන්න එක....

තව වෙච්චෙ දෙවල්නම්‍ ගොඩක් තියනවා,එත් දැන්නම්‍ ලියල අැතිවෙලා..මම කෙටියෙන් ඉවර කරන්නම්‍.. අපි මහනුවරින් හැන්දැවෙ 4.30 කොච්චියෙ නැග්ගා.සල්ලි එහෙම තිබ්බා නිසා ටිකට්‍ ගත්තෙ දෙවනි පංතියට,එත් වැඩක් නැ සීට්‍ ඔක්කොම ඉවරවෙලා..අපි අාවෙ හිටගෙන... අපිට ඉතින් වෙන්නෙම ඔවා තමා.කොහොමහරි අපි රෑ වෙලා ගෙදර අාවා...........

මෙක අාපහු කියවගෙන යද්දි මට තෙරෙනවා ගොඩාක් තැන් මග අැරැණු බව.කොහොමහරි අපිට උදව්‍ කල හැමොටම ස්තුතියි....මම මෙවා ලියුවට වැඩිය කවුරැත් කියවන් නැ කියල දන්නවා,කමක්නැ පස්සෙ කාලෙක මටම හරි කියවල සතුටු වෙන්න පුලුවන්නෙ..................

ස්තුතියි,
මීට
C.L
Read full story

Sunday, April 11, 2010

ඔබ සැමට සුබ නව වසරක්..................

0 comments
Read full story

පලාතේ ඉන්ඩ බැහැ.........................

0 comments
දිනක් එක් මහලු ස්ත්රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්ර්තිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යයවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.....

-----පුවත් පතකිනි------
Read full story

Call එක...............

1 comments
"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
පුතා - "හා තාත්තී..."
"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
පුතා - "මම කිව්වා"
"ඉතිං"
පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
"ඉතිං.."
පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
"ඊට පස්සේ"
පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "
Read full story

කලබල වෙන්න එපා...ප්ලේන් එකක් දැන්ම නෑ....

5 comments
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
Read full story