Pages

Saturday, May 29, 2010

ඔබට අවශ්‍යය e-books, download කරගන්න....

7 comments

අන්තර් ජංජාලෙ ඉද්දි ල-කිරි වගේ site කක් හම්බවුනා.සමහර විට ඔයාල මෙක ගැන දන්නවත් ති.දන්නැති අයට දැනගන්නත් ක්ක මම ඒක ගැන කියන්නම්. මෙකෙන් පුලුවන් අපිට ගොඩාක් වැදගත් වෙන E-books හොයන්න, ඒ විතරක් නෙමේ References පවා තියනවා තව ලංකාවෙ නිකුත් වන පොත් පිලිබද විස්තර කැමතිනම් තමන්ගෙ e-mail address ඒකට ගෙන්න ගන්නත් පුලුවන්. ඔයාලා ගාවත් E-books තියනවනම් මෙකට upload කරන්න අමතක කරන්න ඒපා. Site ඒකට යන්න ඉස්සර යාලගෙ හැදින්වීම කියවල බලන්න...

‘’මෙම වෙබ් අඩවිය තුලින් සිදුවන්නෙ අප අතර ඇති e-books හුවමාරු කර ගැනීමයි. එලෙසම ශ්‍රි ලංකාව තුල එලි දකිනු ලබන පොත් පිලිබදව ඔබ සැම දැනුවත් කිරීමයි. මහන්සි වී වැඩ කිරීමට හැකි අය සදහා මුදල් උපයා ගත හැකි ක්‍රමයක් ද මෙම වැඩ සටහන තුල අන්තර් ගත වේ. මෙම සෑම දේ පිලිබදවම ඔබට FAQAS සහ HELP තුලින් වඩා හොදින් දැනගත හැකිය. ‘’

අචිචාරැවට අළුතෙන් vote counter ඒකක් ඒකතු කරා Vote පාරක් දාන්නත් අමතක කරන්න ඒපා...

Site ඒකට යන්න මෙතන කොටන්න.....

Read full story

Friday, May 28, 2010

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!

2 comments


අච්චාරැවට ආපු හැම දෙනාටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!!! කියල අච්චා ඉතසිතින්ම ප්‍රර්ථනා කරනවා හැමෝම තම තමන්ගෙ BLOG වල වෙසක් වෙනුවෙන් මොන මොනාහරි දාල තියනවා දැක්කා..මමත් බුදුගුණ ගිත අතරින් මම කැමතිම බුදුගුණ ගිතය දාන්න හිතුවා. ඔයාලත් කැමතිනම් මෙක අහල බලන්න..හැබැයි මෙතනින් අහනවනමි සමහර විට real player ඒක ඔන වෙන්න පුලුවන්.......

නිවන් දුටු හිමි රුවන් පිළිරුව......

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගායනය :වික්ටර් රත්නායක.
පදරචනය :ප්‍රේමකිර්ති ද අල්විස්.

සිංදුව අහන්න:

අවශ්‍යනම් real player ඒක ගන්න
Read full story

Monday, May 24, 2010

......... කැලණි සරසවියේ සිසු අවුල..........

20 comments

පහුගිය දවස්වල ගෙදර එන්න බැරිව මාර කට්ටටක් තමා කෑවෙ,සීදුව වටෙම යටවෙලා අපේ ගෙවල් වලටත් වතුර දාල තිබුනා.දැන්නමි දෙයියනේ කියල වතුර බැහැල ගිහින් නිසා සාමාන්‍ය විදිහට ඉන්න පුලුවන්....ගෙදර ඇවිත් මම කරපු ඉස්සල්ලම වැඩෙ තමා කැමිපස් ඒකෙ එදා වෙචිච සිද්දිය පිලිබද ලියවිල තිබ්බ BLOG කියවපු ඒක.මම කියවපු ගොඩක් BLOG ලියල තිබ්බෙ පොද්දන් විසින්, අපේ Sciences එක පැත්තෙන් එදා වෙච්ච සිද්දිය පිලිබදව කරැනු පැහැදිලි කරන්න ඔන නිසා ඒගැන ලියන්න මටත් හිතුනා...

කතාවෙ කිසිම දෙයක් දන්නැති අය ඉන්න නිසා මම මුල ඉදලම කතාව කියන්නම්. කැලණි කැම්පස් ඒකේ Art හා commerce අයට කියන්නෙ පොද්දන් කියල(පොදු දේපල විනාශකරන නිසා වෙන්න ඇති) Sciences අයට කියන්නෙ අලයන් කියල(අභියෝග ලබන නිසාලු,සමහරැ ආදරය ලබන නිසා කියලත් කියනවා) එදා උනේ මෙ අලයන් සහ පොද්දන් ගහගත්තු ඒක....

මුලින්ම කියන්න ඔන මෙකට අලයන්ගේ කිසිම සම්බන්දයක් නැතිබව.... ඔවුන් කරේ ගහද්දි ගහපු ඒක විතරයි.මේකට මුලික උනු කාරනය තමා පොද්දන්ගේ පැවැත්වුනු අවුරැදු උත්සවය.මිට සති දෙකකට විතර කලින් පොද්දන් අවුරැදු උත්සවයක් පැවැත් වුවා...ඒ අවුරැදු උත්සවයේ කොට්ට පොර තරගය ජයග්‍රහනය කලේ ලෝමු කියල අලයෙක්,ඒ විතරක් නෙමේ කබ ඇදිමෙ තරගයත් ජයග්‍රහනය කලේ sciences ඒකේ අලයන් විසින්.තමන්ගෙ අවුරැදු උත්සවයේ පිරිමින්ගේ ක්‍රිඩා දෙකම ජයග්‍රහනය කිරිම පොද්දන්ට දරාගන්න බැරි උනා......

ඉතින් පොද්දන් කරේ මොකක්ද අපෙන් ගේම ඉල්ලපු ඒකයි. එදා වෙලාව 6 ට විතර ඇති පොද්දෝ සැහෙන ගානක් හිටියා, ඒත් අවුරැදු උත්සවයෙ අලයෝ හිටියෙ ටික දෙනයි.හිතා ගන්න පුලුවන්නෙ වෙච්ච දෙය ඒදා පොද්දෝ අපේ අයට හොදටම ගහල තිබිබා.අතින් පයින් නම් කමක් නැ පොලු වලින්.පොලුපාරක් ඔලුවට වැදුනු නාමල් අයියා තාම ඉස්පිරිතාලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා....

මේ සිද්දියට පස්සෙත් අලයන්ට ඔන උනේ විශ්වවිද්්යාලයේ සාමකාමි බව රැක ගන්න.හොස්ටල් ඒකේ Batch meeting ඒකක් අරන් කාලි අයියා අපිට කිවිවෙත්,කලබල වෙන්න එපා මල්ලිලා අපි මෙකට විශ්වවිද්්යාල නිතියෙන් ක්‍රියා කරමු කියල.ඒදා පොල්ලෙන් ගහපු පොද්දව හැමෝම දැකල තිබුනා.අපේ අය හැදුවෙ බුවාගේ පන්ති තහනමක් කරගන්න.ඒත් පාලකයෝ ඒකට කැමති උනේනැ. ඒකට හේතුව තමා ඒ පොද්දට දේශපාලන හයියක් තිබිමලු........

මේ වැඩෙන් අපේ අයගෙ හිතත් හොදටම රිදුනා...ගහපු මිනිහව දැනදැනත් විශ්වවිද්්යාල මට්ටමෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ඔහුට විරැද්දව ගන්න බැරිඋනා.මේකෙන් උනෙ අපෙ අලයනුත් දෙකට බෙදිම.ඒක කොට්ඨාසයක් කියා හිටියා කැම්පස් ඒකෙන් මුකුත් නොකරන නිසා පොද්දන්ට ගහමු කියල.අනිත් අය කියා සිටියා ගැටුමකින් මේක විසදගන්න බැරිබව..කවුන්සලය හිටියෙ දෙවැනි මතයත් ඒක්ක ඒක නිසා ගැටුමක් යන ඒක තාවකාලිකව වැලකුණා......

ඊට සතියකට විතර පස්සෙත්,ටික ටික වලියක උණුසුමක් පැවතුනා.පොද්දන් DH ඒකෙ lectures එන එක නැවැත්තුවා. අපි Jim කැන්ටිමට යන එක නැවැත්වුවා..ඒත් Base ඒකේ කෑමට පොලිම නිසා මැරැවත් කමක් නැ කියල අපි නමි පරිපාලන කැන්ටිමට ගිය වෙලාවල් ඔන තරමි තිබිබා....

හදිස්සියෙම නැවත සටන් මානසිකත්වය ඇතිවුනෙ අපේ ජුඩ් අයියට ගහපු වෙලේ... පොද්දෝ ටිකක් අපේ ජුඩ් අයියට ගහල තිබිබා.ඊට පස්සෙ හොස්ටල් එකෙදි අපිව දැනුවත් කරා වලියක් ඇතිවුනොත් ගතයුතු ක්රිමයාමාර්ග ගැන.තමන් පරිස්සම් වෙන හැටි,වලියකදි පොද්දො එන්නෙ කොහෙන්ද,ගහනවනම් ගහන්න ඔනෙ කොයි හරියෙදිද.. මොලෙන් ගෙම් දෙනහැටි ආදි නොයෙක් කරැණු.....

ඊට පස්සෙ අපිටත් තේරිලාතිබුනෙ හෙටනම් මොකක් හරි සිද්ද වෙනවා කියල.අපේ අය එදා හොස්ටල් එකෙන් එලියට බැස්සෙ කථාවෙලා ඒකටමයි.අපි 100 විතර බස් 3නක විතර නැගලා කැම්පස් ඒකට ආවා අපිටනම් කරදරයක් උනේ නැ අපි ඇතුලට ආව.එවෙලේ නා කපන වැස්ස වෙලාව 8ට පහුවෙලා නිසා පලවෙනි lectures එකටත් යන්න බැරිඋනා....

මම කෙලින්ම ගියේ BASE එකට,ගිහින් උදේට කෑම අරගෙන කන්න ඉදගත්ත විතරයි ආරංචියක් ආවා අපේ කිප දෙනෙක් කැම්පස් ඒක ඇතුලට ඒන්න හදද්දි පොද්දන් බයිසිකල් චෙන්වලින් ගහල කියල...අපිට කන්න හම්බුනේනැ අපිත් එලියට දුවගෙන ආවා.පව තමා ඉතින්,අපරාදේ රු 30හේ කෑම එක නේ......

ඔන්න ඔහොම තමයි වලිය පටන් ගත්තෙ.මුළු Sciences Faculty ඒකම කඩි ගුලක් ඇවිස්සුවා වගේ.සමහරැ පිහි හොයාගෙන ඇවිත් ගස්වලින් පොලුකපනවා,තව සමහරැ ලොකු ගල් ගහන්න පුලුවන් තරමෙ පොඩි කැලි වලට කඩනවා.තව අය ඒ ගල් අල බැම්ම ගාවට ගෙනියනවා...දකින දකින හැමෝම මහාප්‍රහාරයකට සුදානම් වෙමින් සිටියෙ..ඔය අතරෙ DH ඒකේ පොද්දියන්ට lectures ඒකක් පැවැත්වෙමින් තිබුනා අපේ අය DH ඒකට කඩා පැන්නෙ අතේ තිබුන පොලුත් අරගෙන පොද්දියො එදා කැගහපු හැටිනම් තාම මතක් වෙනවා...හිනාත් යනවා කෙල්ලොටික හොදටම බය වෙලා..අපේ අය පොලු අරන් ගියේ ගහන්න නම් නෙමෙ,කෙල්ලන්ට පොලුවලින් ගහන තරම් නිවට අලයො Sciences එකෙනෑ............

කොහොමහරි පොද්දියො ඔක්කොම Sciences ඒකෙන් එලෙවුවා..ඔය අතරෙ එහා පැත්තෙන් පොද්දන් ගල් ඒක දෙක අපේ පැත්තට ගහන්න ගත්තා. අපේ අයියල කිව්වෙ මොඩයන් වගේ ගල් ගහල, ගල් නාස්ති කරන්න එපා කියල...අපි S.F ගේම් ඒකක් දෙන්න කථාවුනා.පොද්දො හිටියෙ බුදුපිලිමෙ ලගින් හොස්ටල් ඒකට හැරිල යන්න තියන පාරෙ ඒ පාර ඒචිචර පළල් නෑ අපි එක පාරම කෑගහගෙන අපේ වහල තිබ්බ Sciences ගේට්ටුව ඇරගෙන උන්ගෙ හොස්ටල් පාර ලගට දිව්වා....අපි දුවගෙන එනවා දැකපු සමහර පොද්දො පස්ස නොබල දුවන්න තියාගත්තා.කෙලින්ම පාරලගටම දුවපු අපි අතේ තිබ්බ ගල්වලින් ගැහුවා.. එක පාරටම ආපුගල් වරැසාවෙන් පොද්දො හොල්මන්ද පොල්කොල වෙලා තිබුනෙ... අපෙත් අතේ තිබ්බ ගල්ඉවර උණුනිසා වහාම පහු බසින්න සිද්ද වුනා......

ඔය අතරෙ තමා පොලිසිය තමන්ගෙ රාජකාරිය පටන් ගත්තෙ. පොලිසියත් අපේ Faculty එකට කදුලු ගෑස් ගහන්න පටන් ගත්තා මම නම් ඒ, හා හා පුරා කියල කදුලු ගෑස් පාරක් කෑවමයි. කදුලු ගෑස් ගිළුනත් ඒක්ක ඇස් වලින් කදුළු ඒනවට වඩා ඇස් දන්ඩ ගන්නවා හරිම අමාරැයි. කදුලු ගෑස් ගහද්දි අපේ Faculty ඒකේ කෙල්ලොටික වතුර ගෙනල්ල දිල අපට දුන්න සහයෝගය නම් හරිම ඉහලයි කිවිවහම මොකද අපි ගහපුගල් වලින් වැඩිහරියක් ඒකතුකරල දුන්නෙත් ඒ අය තමා.....

ඊලගට අපිකලේ තවත් S.F වැඩක්,ඒ තමයි අපි ගල් ඒකක් දෙකක් ගහල පොද්දන්ව අවුස්සපු එක.අපි ගහපු ගල් එක දෙකට,ගල් 100 විතර ජිමි එක පැත්තෙන් ආවා. පොලිසිය කලේ වැඩියෙන් ගල් ගහපු පැත්තට කදුලු ගෑස් ගහපු ඒකයි පොද්දන්ට වැඩෙ තෙරැනේ නෑ... පොද්දන් පොලිසියෙන් හොදට කදුලු ගෑස් කෑවා...අපේ උපක්‍රමය නොතේරිචිච මෝඩ පොද්දෙක්,තමන්ගෙ BLOG ඒකෙ දාල තිබුනා පොලිසිය ඒක පාර්ශිකව කටයුතුකලා කියලා.මම නම් ඒ අදහස තරයේම ප්‍රතික්ශේප කරනවා.....

කොහොම හරි 2 ට විතර ආරංචියක් ආවා කැම්පස් ඒක දින නියමයක් නැතුව වහන්න යනවා කියලා.ඒක අහල සමහර අයට සතුටුයි සමහර අයට දුකයි..ඔවා ඔහොම තමයි ඉතින් නේ.........

අපි පොලිස් ආරක්ෂාව යටතේ පිට්ටනිය හරහා එලියට ආවා,අපේ දන්න කිසිකෙනෙකුට කරදරයක් වෙලා තිබිබෙ නැ.Campus ඒක වහපු එකෙන් මට තමයි කෙලඋනේ අපේ පැත්තට ගංවතුර නිසා යාගන්න විදිහක් නෑ.සුකා මට කථාකලා එහෙ යන්න මමත් ඒහෙ ගියා,පස්සෙ සංකයා කථාකරල කිවිවා එහෙත් එන්න කියල.මම එහෙත් ගිහින් දවසක් හිටියා.කොබා,කිරියා,ලොටා,වියා ඒහෙම මං ගැන හොයල බැලුවා ඒ හැමෝටම බොහොම ස්තුතියි!!!!!

ඔහොම තමා ඒ සිද්දිය වුනේ Campus 2 වෙනිදා පටන් ගන්නවා කියල කථාවක් තියනවලු, ඒත් එක හරියටම ෂුවර්නෑ..මෙ ගැටුමේ VIDEOS බලන්න ඔනෙනම් ටික දවසක් ඉන්න link හොයල දාන්නමි....මට කලින් කවුරැහරි හොයා ගත්තෝත් comment ඒකක් විදිහට දාන්න...
Read full story

Saturday, May 8, 2010

පුදුමයි එත් ඇත්තයි...........

1 comments


එබ්රහම් ලින්කන් සහ ජෝන් එෆ්.කෙනඩි කියන්නෙ ඇමරිකාවෙ හිටපු ශේෂ්ඨතම ජනාදිපතිවරැ දෙදෙනෙක්.. ඒ දෙන්නා ගැන ගොඩක් අය නොදන්න පුදුම සිදුවිමි රාශියක් තිබෙනවා.....දන්නැති අයට දැනගන්නත් එක්ක මම ඒවා දාන්නම්‍....

1.එබ්රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරි පත් වුයේ වර්ෂ 1846 දිය.
ජෝන් එෆ්.කෙනඩි ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට තේරි පත් වුයේ වර්ෂ 1946 දිය.

2.එබ්රහම් ලින්කන් ඇමරිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයේ වර්ෂ 1860 දිය.
ජෝන් එෆ්.කෙනඩි ඇමරිකාවෙ ජනාදිපති වශයෙන් තේරි පත් වුයෙ වර්ෂ 1960 දිය.

3.ලින්කන්(lincoln), සහ කෙනඩි(kennedy) යන නම්‍ දෙක සමන්විත වි තිබෙන්නෙ ඉංගීසි අකුරැ හතකිනි. මෙ ජනාදිපතිවරැ දෙදෙනාම විශේෂයෙන් මානව අයිතිවාසිකම්‍ පිලිබද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකර ඇත.

4.මොවුන් දෙදෙනාම අති දක්ෂ කතිකයන් ලෙස සැලකේ. ජනාදිපතිවරැ දෙදෙනාගේම භාර්යාවන්ට ධවල මන්දිරයේ (white house) සිටි කාලය තුල දරැවන් අහිමි විය.

5.ලින්කන් ජනාදිපතිවරයාගේ ලේකම්‍ කෙනඩි නම්‍ විය.කෙනඩි ජනාදිපතිවරයාගේ ලේකම්‍ ලින්කන් නම්වි්ය.

6.ජනාදිපතිවරැ දෙදෙනාම වෙඩි තබා ඝාතනය කරන ලද්දෙ සිකුරාදා දිනකදිය. දෙදෙනාටම වෙඩි වැදි තිබුනෙ හිස ප්‍රදේශයටය.

7.ජනාදිපතිවරැ දෙදෙනාම ඝාතනය කරන තිබුනේ දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි. මේ ජනාදිපතිවරැ දෙදෙනාගේ ඇවැමෙන් පසු ඇමරිකාවෙ ජනාදිපතිවරැ වශෙයන් ‍තෝරාගන්නා ලද්දේද දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි.එම ජනාදිපති පදවියට හිමිකාරිත්වය ලැබු පුද්ගලයන් දෙදෙනාගේම නම්‍ ජොන්සන් (johnson) නම්‍ විය.

8.ලින්කන් ජනාදිපතිවරයාට පසු ජනාදිපති පදවියට පත් වු ඇන්ඩෲ ජොන්සන් (Andrew johnson) උපත ලබා තිබුනේ 1808 දීය. කෙනඩි ජනාදිපතිවරයාට පසු ජනාදිපති පදවියට පත් වු ලින්ඩන් ජොන්සන් (lyndon johnson) උපත ලබා තිබුනේ 1908 දීය.

9.ලින්කන් ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ජොන් විල්ක්ස් බුත් ( john wilkes booth) නැමති පුද්ගලයා උපත ලබා තිබුනේ 1839 දීය.කෙනඩි ජනාදිපතිවරයා ඝාතනය කරන ලද ලී හාවේ එස්වල්ඩ් (Lee harvey oswald) නැමැති පුද්ගලයා උපත ලබා තිබුනේ 1939 දීය.

10.මෙම ඝාතකයන් දෙදෙනාම හදුනා ගත්තෙ ඔවුන්ගේ නම්‍ තුනෙනි. මේ දෙදෙනාගේම නම්‍ සමන්විත වි තිබේන්නෙ ඉංගීසි අකුරැ 15 කිනි.

11.ලින්කන් ජනාදිපතිවරයාගේ ඝාතකයා වු බුත් නෟත්‍ය ශාලාවක සිට පැමිණි අතර ඔහු බඩු ගබඩාවක් තුලදි අල්ලා ගන්නා ලදි. කෙනඩි ජනාදිපතිවරයාගේ ඝාතකයා වු ඔස්වල්ඩ්‍ බඩු ගබඩාවක සිට පැමිණි අතර නෟත්‍ය ශාලාවක් තුලදි අල්ලා ගන්නා ලදි. බුත් සහ ඔස්වල්ඩ් යන පුද්ගලයන් දේදෙනාම නඩු විභාගයට පෙර ඝාතනය කරනු ලැබිය...........

--------පොතපත ඇසුරෙනි--------
Read full story

Saturday, May 1, 2010

දුක හිතෙන කතාවක්......

0 comments
අවුරුදු 30ක් තිබ්බ යුද්දය දැන් ඉවරවෙලා,දැන් අවුරුද්දකටත් කිට්‍ටු වෙන්න එනව.යුද්දය ඉවර උන මුල්දවස් ගැන හිතල බලන්න,එදා අපෙ රටෙ රණවිරුවන්ට
තිබ්බ තැන.....ප්‍රවෟත්හි වල හැමදාම හිටියෙ ශවින්ද්‍ර සිල්වා,චාගි ගාල්ලගෙ,සරත් පොන්සෙකා වගෙ අය.

අද සරත් පොන්සෙකා හිරෙ... අරගොල්ල ගැන කිසිම කතාවක් නැ.ඒ යුද්දෙන් අම්මල කිදෙනෙක්ගෙ දරුවො නැති උනාද?, දරුවන්ට තාත්තල, බීරින්දැවරුන්ට ස්වාමිවරු නැති උනා.....කීදාහක් අබ්බගාත උනාද.. ඒකාලෙ ඒඅය ගැන මිනිස්සු හෙව්වට දැන් හැමෝටම ඒඅයව අමතක වෙලා ගිහින්......ප්‍රභාකරන් කියපු කතාව හරියට හරි..සිංහලයට හැමදේම සති දෙකෙන් අමතක වෙනව....

මෙකෙ කියවෙන්නෙ එහෙම අබ්බගාත උන රණවිරුවෙක්ගෙ දුක,මෙකෙ අයිති කාරයනම් කවුද දන්නෙ නැ..කවුරැලිවත් මෙහෙම රණවිරුවො ටිකක් අපෙ රටෙ ඉන්නව කියල මතක් වෙන්නත් එක්ක මෙක මගෙ page එකේ දැම්ම......

Read full story