Pages

Sunday, April 17, 2011

සුපිරි,තරුපංතියේ කෑම වේලක් රුපියල් 100කට කන්න කැමතිද...

18 comments

කරන්න තියෙන්නෙ නම් බොහොම පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම  තියෙන්නේ..

''මා ගාව සල්ලි නෑ ඔයි…''

කියල කියන්න විතරයි.

ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර් කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට කිව්වයි කියලා කාරියකුත් නෑ ගමේ හොටල්වල වගේ තරුපංතියේ හොටල්වල වලං පිගන් හොදන්න දෙන එකක්යෑ… එයාල කෙලින්ම කථා කරන්නේ පොලිසියට….

මැනේජරුත් පොලිසියට කථාකරයි. පොලිසියට කථා කරාකියල බයවෙන්න ඔනද?? කොහෙත්මනෑ ඔබට කරන්න තියෙන්නේ ඔබව අල්ලන් යන රාලහාමි අතේ අර රුපියල් 100 මිට මොලවන එක විතරයි..

කොහොමද වැඩේ!!!  රුපියල් 100ට තරුපංතියේ කෑම වේලක්..

අවවාදය: විදේශයන් හිදි අත්හදා බැලිමට යාමෙන් වලකින්න…




Read full story