Pages

Sunday, December 26, 2010

Barn buddy Top secret 2 | BB රහස් සියල්ල එකම තැනකින් දෙවැනි කොටස

24 comments
Contain Photos 
Barn buddy ගැන ලියපු පලවෙනි ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනවා. හොදයි අද කියල දෙන්න යන්නේත්  BB වල තියන වැදගත්ම රහස් ටිකක් කියවලම බලන්නකො.


ලක්ෂ ගන්න් කොයින්ස් වැඩිකර ගැනිම   


1 ) සාමාන්‍යයෙන් කොයින්ස් වැඩිකර ගැනිමට තියන ක්‍රමයක් තමයි ගෙඩි ජාති වගාකිරිම.  මෙහිදි ලැබෙන XP ප්‍රමානය අඩුවුනත්, එක වියදමකින් තුන්පාරක් ඵල දරන නිසා පහසුවෙන් කොයින්ස් වැඩිකර ගත හැකි. BB tool bar එක දමා ගැනිමෙන් unlock වන Kiwifruit හතර පාරක්ම ඵල දරනනිසා ඔබට කොයින්ස් වැඩිකර ගැනිමට අවශ්‍යනම් එම පලතුර වගාකරන්න.


2) Cheat භාවිතය..

දැන්කියල දෙන්න යන්නේ තවත් ඒ වගෙම ක්‍රමයක්. මුලින්ම මෙතැනින් දිලතියන Software එක භාගන්න. වැඩේ පටන්ගන්න කලින් මන් මගේ ෆාම් එකේ පොටො  එකක් දාන්නම් හොදට බලන්න ඒකේ තියෙන්නේ කොයින්ස් 15288 යි.
දැන් ඉහත දිලතියෙන Software එක open කර ගන්න. ඉන්පසු එහි මුලින්ම තියෙන Search icon එක Click කරන්න.දැන් process list කියල එකක් open වේවි,ඒකට ඔබේ BB open කරන්ඉන්න browser එකේ නම තෝරල Open කියන එක Click කරන්න (මං භාවිත කරන්නේ Fire fox නිසා ඒක Select කර Open කර ඇත.)

දැන් Value කියන එකේ ඔබේ දැනට තිබෙන කොයින්ස් ගාන ටයිප් කරල First scan කියන එක Click කරන්න. එවිට ඔබ සදහන් කල ගනනට අදාල Value කිපයක් වම් පසින් දිස් වේවි.
දැන් නැවත ෆාම් එකට ඇවිත් එහි shop එකෙන් weak fertilizer වගේ පොඩි දෙයක් මිලට ගන්න..

එවිට ඔබේ කොයින්ස් අඩු වේවි (මේහි 15138 වි ඇත) දැන් ඉහතින් ලැබුනු Values Check කර දැන් පවතින කොයින්ස් ගාන පෙන්වන Value එක තෝරාගන්න. ඉන්පසු එය Click කල විට පහලින් දිස්වේවි..
දැන් එසේ පහලට පැමිණි එකේ, Value කියන කොටස ඔබට අවශ්‍ය පරිදි වැඩිකර Frozen කියන තැනට හරි ලකුණක් යොදන්න..
දැන් නැවත shop එකට ගිහින් weak fertilizer එකක් මිලදිගෙන බලන්න. කොහොමද වැඩේ, කොයින්ස් ඔබ සදහන්කල ගනනින් වැඩිවෙනු දක්නට ලැබේවි...
සමහර අයට මේ විදිහට කොයින්ස් වැඩිකර ගත්තත් ඒවායින් ප්‍රයෝජනයක් ගැනිමට අපහසු වේවි. එවැනි අය මෙතැන Click කර මේ Software එක Download කර මෙලෙසම අත්හදා බලන්න වැඩේ හරියනවා සිකුරුයි....


දහස් ගනන් Credit ගැනිම


Barn buddy Play කරන අය කියන දෙයක් තමයි, ''මොනාකලත් මේ Credit වැඩිවෙන් නෑනේ'' කියන එක. ඒත් පහත ක්‍රියාකාරකම් කරල ඔබටත් පුලුවන් පහසුවෙන් Credit වැඩිකර ගන්න.

1) ඔබ වවන seed වලට අදාල award එක ලබාගන්න. ඒ කියන්නේ ඒ seed එක වවලා ඒකට අදාල කුසලානය දිනාගන්න කියන එක.ගොඩාක් seed හා සතුන්ට award ඒකක් තියනවා ඔබට දිනාගැනිමට ඇති award බලන්න කුසලානය click කරන්න.
ඔබ එම seed එකකට අදාල award දිනාගත්තට පස්සෙ එයම නැවත වගාකිරිම අනවශ්‍ය බවයි මගේ හැගිම..ඔබ සම්පුර්ණ කරන සැම award එකකටම ඔබට Credit ලැබේවි. සතුන්ටත් මෙහෙමයි (දක්වා ඇති රෑප බලන්න)



2) Offers භාවිතය..
මේකතමයි BB වල Credit වැඩිකරගන්න තියන හොදම ක්‍රමය.ඒ වගෙම සාර්ථකම ක්‍රමය හොදයි ඒක කරන්නේ කොහොමද කියල බලමු..


BB ලොග් උනහම ඔබට මේවගෙ Offers කවුලුවක් පෙනෙයි.
පෙනවනේද ආසියාවේ ආශ්චර්යය වුනාට මොකද ලංකාවට පෙන්න්නෙ නම් Offers දෙකයි.ඒවත් මෙලොයකෙකුට ගන්නබැරි Offers කියල ගන්න try කරපු අය හොදටම දන්නව ඇති. ඒකනිසා අපි වෙන රටකින් ලොග් වෙලාබලමු.
හරි මුලින්ම මේ ලිපිය කියවල ඒකෙතියන විදිහට හරි,නැත්තම් ඔබ දන්න වෙනත් ක්‍රමයකට හරි ඔබේ Real Ip එක hide කරගන්න. කොහොමද වැඩේ!! දැන් Offers මේවගෙ පෙනෙයි..
දැන් ඔබට කරන්න තියෙන්නේ ඔය Offers Click කරල Credit හොයන එක. එහෙම Click කරහම සමහර Offers වලින් ඔබට ඒ මොහෙතම Credit ලැබෙනවා. මම එහෙම ගත්ත Offers වල පොටො ටිකක් දාන්නම් නැත්තම් කියයි බොරු කියල..





ඔබ Offers ඒකක් Click කරපු ගමන් Missing BB credit කියන එකත් Click කරල බලන්න එතකොට ඔබ Click කරපු Offers එක සහ ඒය සම්පුර්ණ කලයුතු කාලය පෙනෙවි.ඔබ ඒකාලයට කලින් Offers එක සම්පුර්ණ කලයුතුයි නැත්නම් Credit නොලැබි අහොසි වියාවි.
මේ ක්‍රමය පාවිච්චි කරල ඔබට විශාලලෙස Credit වැඩිකරගන්න පුලුවන් වේවි. මමනම් අරන් තියන වැඩිම ගාන 4200 යි ඒ මගෙ අදක්ෂ කම මිසක් ගන්න බැරිකම නම් නෙමේ. මේකෙන් Credit 50000,75000 එහෙම ගත්ත අයත් ඉන්නවා ඔබටත් එහෙම ගන්න පුලුවන් උනොත් අපිටත් සලකන්න මතක තියාගන්න හි හි... එහෙම ගත්ත කෙනෙක්ගෙ ෆාම් එකක පොටො එකක් දාන්නම් නැත්තම් කියයි ඒකත් බොරු කියලා.....
වැදගත්...
* මේහිදි Ip එක US වලට මාරු කරගන්න වගබලාගන්න

*සමහර Offers වල තියනවා Videos බලන්න ඒවයින් සමහර Videos අන්තිමට හිරවෙනවා වුනත් පොඩි Videos ගැටලුවක් නැතිව බලතහැකි එවිට ඔබට Credit 180ක් ලැබේවි.

*මෙහිදි Random පෙන්වන Offers වඩා ප්‍රතිඵල දායක බව මතක තියාගන්න..

හොදයි එහෙනම් ලිපිය පිලිබද ගැටලුවක් එහෙම තියනවනම් අහන්න.මම ගත්ත Offers වල නම් ඔනනම් ඔබේ ඊමේල් ලිපිනය සදහන් කරල ගියොත් ඒ පිලිබද සලකා බලන්නම්.එහෙනම් ලැබුවාවු නත්තල මෙන්ම ලබාන්නාවු නව වසරත් ඔබේ සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!! කියල ඔන්න මම කලින්ම සුබ පතනවා.
ඔබට ජය.. 


















































Read full story

Monday, December 20, 2010

Barn buddy Top secret | BB රහස් සියල්ල එකම තැනකින්

10 comments


ගොඩක් කාලෙකින් ඉදන් ලියන්න හිටිය Post එකක් මේක.ඒත් මේවගේ දිර්ඝ Post එකක් ලියන්න කම්මැලිකමට නිකන් හිටියේ හොදයි දැන් එකට වෙලාව ඇවිත් කියල හිතුනු නිසා කම්මැලිකම අත ඇරල ලියන්න ගත්තා. Face Book එකේ තියන Barn buddy ගේම් එකගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒත් ඒ ගෙම් එකගැන හැදින්වීමක් සමග සැගවුනු රහස් කිපයක් ඉදිරිපත් කිරිමට මම මේලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

Barn buddy හැදින්වීම...

Barn buddy කියන්නේ Face Book එකේ තියන Game එකක් කියල හැමොම දන්නවා ඇති.මේකෙදි ඔබට කරන්න තියෙන්නෙ ගොවිපොලක් පවත්වාගෙන යාම.ගොවිපොලක් කිව්වට මේක ඇත්තම වගේ ගොවිපොලක්.පැළ සිටවන්න,වතුර දාන්න,පොරදාන්න වගෙම සල්ලි හම්බකරල ඉඩම් සත්තු එහෙම ගන්නත් පුලුවන්.වැදගත්ම කාරනය,තමන්ට තමන්ගෙම යාලුවන් Neighbors ලා විදිහට ඇඩ් කරගන්නත් පුලුවන් නිසා තරගකාරීව සෙල්ලම් කරතහැකි.මේකෙදි හැමොම බලන්නේ යාළුවට වඩා එකකින් හරි ඉදිරියට යන්න.


මේ ගේම් එක මුල ඉදල පටන්ගන්න කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකට ගිහින් ගේම් එක  Play කිරිම අරම්භකරන්න...


B.B Gift යැවිම

Barn buddy Play කරන අය දන්නවා එක් කෙනෙකුට Gift එකක් යැව්වට පස්සෙ ආයි ඊලග Gift එක යවන්න වෙන්නේ පැය 24 ට පස්සෙ.ඒත් කාටද පුලුවන් පැය 24කට එක ගානේ යවන්න, Gift එකකට වඩා වැඩිපුර යවන්න ඔනෙනම් පහත ක්‍රමය අනුගමනය කරන්න

1) මුලින්ම මවුස් එකේ මැදතියන ස්කොල් බටන් එකද මොකද්ද කියන එක Click කරලා වෙන වෙනම Gift  Page 7ක් 8ක් Open කරගන්න..( ඒ බටන් එක Click කරාම අලුත් Page Open වේ)

                       (දක්වා ඇති රෑපයේ ඉහල බලන්න,රෑප අපහැදිලිනම් Click කරල විශාලකර ගන්න)

2) දැන් අදාල Gift ටික එක එක Page වලට Select කරලා,යවන්න ඔන යාලුවගෙනම අර Open කරගත්තු හැම Page එකකටම ඇතුලත් කරන්න.



3) දැන් කරන්න තියෙන්නේ හැම එකම Send කරන එක

ඔන්න ඔය ක්‍රමයට  Gift එකකට වඩා වැඩිපුර යවතහැකි. මේක ගොඩාක් වැදගත් වෙන්නේ Fake එකවුන් වලින් Barn buddy Play කරන අයට,තමන්ගෙ Original එකවුන්ට් එකට Gift යවාගන්න ඔන වුනහම තමා.

ඉක්මනින් Level Up වීමට

මේසදහා කරන්න පුලුවන් වැඩ දෙකතුනක් තියනවා

1) මල් වර්ග වැවීම -මල් වර්ග වැව්වහම XP වැඩිපුර ලැබෙනවා Orchid වලින් 264 ක්, Rose වලින් 240ක්, Daffodil වලින් 206 ක් ආදිවශයෙන් ලබාගතහැකි. නමුත් පොල් වගේ ගෙඩි ජාති වැව්වහම ලැබෙන්නේ XP 47 යි. පේනවා නේද වෙනස.

2) ඉක්මනින් Level Up වෙන්න පුලුවන් හොදම ක්‍රමයක් තමයි Fake එකවුන්ට් එකකින් Weeds & Bugs  Farm එකට ඇඩ් කරගැනිම. එහෙම ඇඩ්කරගන්න Weeds & Bugs Original එකවුන්ට් එකෙන් ගිහින් සුද්ධ කරගන්න.මේක හරියට කරොත් XP දෙසියගානක් හොයාගන්න පුලුවන් එක  Stage එකකදි විතරක්.


ඒ විතරක් නෙමේ ඔබට කැමතිනම් පුලුවන් Fake එකවුන්ට් එකටත් ඔබේ Original එකවුන්ට් එකේ ඉන්න Neighbors ලම ඇඩ්කර ගන්න.ඉට පස්සෙ ඒවටත් Weeds & Bugs දාල Original එකවුන්ට් එකෙන් ගිහින් සුද්ධ කරගන්න.

3) තුන්වැනි ක්‍රමය තමයි මම කරන ක්‍රමය.ඒතමයි ඔබේ Online ඉන්න යාලුවන්ට කියල Weeds & Bugs ඇඩ් කරගන්න ඒවා ඔබ සුද්ධකර ගන්න.ඔනෙනම් එයාගෙ ෆාම් එකට ඔබත් Weeds & Bugs ඇඩ් කරලා එයාට සුද්ධකර ගන්න කියන්න.කොහොමද වැඩේ දෙන්නටම Level Up වෙන්න පුලුවන් එතකොට...

වසා ඇති Farm දිග හැරිම



සාමාන්‍යයෙන් Barn buddy Play කරන අය කරන දෙයක් තමයි තමන්ට දවස් දෙක තුනක් ෆාම් එකට එන්න බැරිනම්, ෆාම් එකේ තියන items වලින් ෆාම් එක වහල දාන එක. (රෑපය බලන්න)


එත කොට ගෙඩි හැදුනත් අනිත් අයට හොරෙන් කඩාගන්න බෑ.දැන් කියල දෙන්න යන්නේ එහෙම වහල තියන ෆාම් එකක් විවෘත කරගන්න අන්දම.

1) මේසදහා පළමුව ඔබේ ෆාම් එකට යන්න. දැන් රෑපයේ දැක්වෙන ආකාරයට Right Click කර Quality එක Low කරන්න.


2) දැන් නැවත වසාඇති ෆාම් එකට එන්න ඊටපස්සෙ නැවත Right Click කර Quality එක High කරන්න.


කොහොමද වැඩේ එතකොට සියලු ෆාම් items අයින්වෙලා ෆාම් එක මේවිදිහට නිරාවරනය වේවි.


හොදයි ලක්ෂගනන් කොයින්ස් වැඩිකර ගැනිම,පහසුවෙන් Credit වැඩිකර ගැනිම සහ බල්ලා සිටියදිම ගෙඩි කඩාගැනිම ඇතුලු තවත් රහස් සමගින් ඊලග ලිපියෙන් හමුවෙමු. මේ පිලිබද ඔබට ගැටලුවක් හෙම තියනවනම් ලියල යන්නත් අමතක කරන්න එපා ඔබට ජය.






















Read full story

Thursday, December 16, 2010

funny Story's | විහිලු කථා එකක් නෙමේ ගොඩාක්....

12 comments


මනමාලිගෙ  ඇදුම

විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.

''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''
-------------------------------------------------------------------------------------------------------------
ලාම්පුව

මාටින් : ''මුදලාලි, මං   ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද...''

මුදලාලි: ''ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත්                        දාන්න පුලුවන් කියලා''

-------------------------------------------------------------------------------------------------------------
මුවහත

බාස් උන්නැහේ -  ''මොකද ලමයොමේ උදේ පාන්දරම. ඈ.....මෙගෙනත් තියෙන්නේ ඊයෙමන් තලල දිපු මන්න පිහිය නේද???''

ළමයා - ''ඔව් මේ ඒ පිහිය තමයි තාත්ත කිව්වා මේ පිහිය බාසුන් නැහේට දිල කැපෙන පැත්ත ලකුණු කරගෙන එන්න කියලා...''

-------------------------------------------------------------------------------------------------------------
කාසිය

කුඩා දරුවෙකුට සතයේ කාසියක් ගිලිම නිසා මව උදව් ඉල්ලා කෑගසන්නට විය.අසල සිටි පුද්ගලයන් කිපදෙනෙකු පැමිණි අතර ඒ අතර සිටි පුද්ගලයකු ඉදිරියට පැමිණ කුඩා දරැවා දෙපාවලින් අල්ලා හිස පහතට හරවා පිටට තට්ටු කලේය.මද කැස්සක් සමග කාසිය පිටතට පැමිණි නිසා මව මහත්සේ සතුටට පත් වුවාය.

''බොහොම ස්තුති ඩොක්ටර් මේ වෙලාවෙ කරපු උදව්වට දරැවගෙ වාසනාව ඔබතුමා වගේ කෙනෙක් මෙතන සිටිම.''

''ආ..හ් ඔක මොකක්ද ඒත් මන් ඩොක්ටර් කෙනක් නම් නෙමේ. මං ආදායම් බදු නිලධාරියෙක්''

-------------------------------------------------------------------------------------------------------------
නඩුව

මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ    නැද්ද''

විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''

-------------------------------------------------------------------------------------------------------------
ආදරය

බිරිද- ''හා.. නේ මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ.  ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''

සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවසනේ..''

-------------------------------------------------------------------------------------------------------------
එකට එක

බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''

සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''

-------------------------------------------------------------------------------------------------------------
නරක් විම

කුඩා දරැවා- ''ආච්චි අම්මේ අයිස් පෙට්ටිය දිහා බලාගෙන ඔයා මොනවද කල්පනා කරන්නේ''

ආච්චි අම්මා- ''පුතේ ඔය අයිස් පෙට්ටිය ඇතුලෙ දැම්මහම ඔනැම දෙයක් නරක් නොවි තියාගන්න පුලුවන් කියන්නේ ඇත්තද...''

කුඩා දරැවා- ''ඇත්ත තමයි ආච්චි අම්මේ ඇයි ඇහුවේ''

ආච්චි අම්මා- ''උඔලගෙ සීයගෙ හිත නරක් වේගන එනවයි කිව්වා ඒ හින්දා අන්න ඒක ඔන්න ඔය පෙට්ටිය ඇතුලට දාපන් පුතේ...''

-------------------------------------------------------------------------------------------------------------
දැන්විම

ඇස්කණ්නාඩි සදහා ඇස් පරික්ෂාකරන ස්ථානයක දොරටුවෙහි මෙසේ සදහන්කර තිබිණි.

''ඔබට අවශ්‍යදේ දැකිමට නොහැකි වුවත් ඔබ නියම ස්ථානයට පැමිණ ඇත.''

-------------------------------------------------------------------------------------------------------------
පිරිසිදු කම

මහත්තයා-  ''වේටර්... මොකද අයිසේ බිත්තරේ අතින් අරන් එන්නේ ඔක පිරිසියක තියාන් එනවා ඔහොමද වැඩකරන් නේ..''

වේටර් - ''නෑ සර්.. නැත්තම් මේක ආයිමත් බිම වැටෙයි.''

-------------------------------------------------------------------------------------------------------------
බෙහෙත

මැදිවියෙ පසුවන සිල්වා හදිසියේ බලවත් ලෙස රොගාතුර විය බැරිම තැන ඔහු වද්‍යවරයකු වෙත ගියේය. සිල්වා හොදින් පරික්ෂාකල වද්‍යවරයා බෙහෙත් පෙති හතරක් ඔහු අත තබමින් මෙසේ කිය.

''අද රෑ නින්දට පෙර මේ බෙහෙත් පෙති දෙකක් ගිලින්න. උදේ නැගිට්ටොත් අනිත් දෙකත් ගිලින්න. ලෙඩේ නිට්ටාවටම හොදවෙයි.''

-------------------------------------------------------------------------------------------------------------
කෑම

කම්කරුවන්ගෙ කෑම ශාලාවක හැමදාම එක් කම්කරැවෙක් තම බත් පාර්සලය දිගඅරින විට ''තුං..විතරක් අදත් තියෙන්නේ බතුයි සම්බොලයි'' කියා දොස් පවරයි.

මෙය අසා සිටි තවත් කම්කරැවෙක් මෙසේ කිය

''ඇයි බං හැමදාම ඔක කියන්නේ ගෑණිට කියපන්කො වෙන මොනාහරි උයන්න කියලා''

''මොන ගැණීයෙක්ද බං මන්මයි හැමදාම උයන් නේ...''

-------------------------------------------------------------------------------------------------------------
ෆුට් බෝල්

තමන්ගෙ කුඩාකාලය ගැන පියෙක් තම පුතුට විස්තර කරන්නට විය

''මං පොඩිකාලේ ෆුට් බෝල් ගහන කොට, මංනැතුව අනික් කවුරැත් සෙල්ලම් කරන් නෑ. මං නිකන් හරි සෙල්ලම් කරන්න නොගියොත් අනික් අයත් එන් නෑ''

''ආ..හ් තාත්තා එතරම් දක්ෂ ෆුට් බෝල් ක්‍රිඩකයෙක්ද...''

''නෑ බං මට විතරයි ෆුට් බෝලයක් තිබු නේ,ඒක මං අරන් නොගියොත් උන් මොකෙන් සෙල්ලම් කරන්නද...''

-------------------------------------------------------------------------------------------------------------
අලුත් කාරය

තම අලුත මිලදිගත් කාරයෙන් නුවරයාමට පිටත්වු පියසොම ගෙදර පැමිණියෙ දින හතරකට පසුවය.මේ පිලිබද මහත් උරණ වි සිටි ඔහුගේ බිරිද ඔහු නිවසට පැමිණි විගස ඇගට ගොඩවන්නට විය.

''ආ...හරි අපුරැයි මිනිහා ගෙදර එන දවස මෙච්චර දවස් මොන මගුලක් කලාද එහෙට වෙලා''

''මන් කරපු මගුලක් නෑ හාමිනේ,මේ කාර් හදපු සුද්දා ඉස්සරහට යන්න ගියර් හතරක් හැදුවට පස්සට යන්න හදල තියෙන් නේ එක ගියර් එකයිනේ........''

-------------------------------------------------------------------------------------------------------------
හපන්කම

තම කාලෙකින් හමුවු මිතුරා සමග සුනිල් සතුටු සාමිචියේ යෙදෙන්නට විය.
''මේ මාර වැඩක් උනානේ මචං. දවසක් මන් පාරේ යනකොට හෙන ඇගපත තියන පොරක් කෙට්ටු අහිංසක මනුස්සයකුට හොදටම ගහනවා''

''ඉතින් උඔ මොනාද කලේ...'' මිතුරා විමසිය

මන් මිනිහට කෑගහල කිව්වා බං, ''මේ ඔයි ඔයවගේ අහිංසකයකුට තලන් නැතුව තමුන්ගෙ ඇගට හරියන අපි වගේ හාදයෙක් හොයා ගන්නවකො ගහගන්ඩ ඔනේනම්'' කියල

''මයි ගොඩ්..ඉට පස්සෙ මොකද වුනේ''

මචං මට ඉට පස්සෙ උන එක නම් මතකනෑ. වැඩට ගිහාම අපේ ලොක්කා,
''තමුසේ දවස් පහක් තිස්සෙ වැඩට එන්නැතුව මොන මගුලක් කලාද මිනිහො''  කියල ඇහුවනම් මතකයි.


-------------------------------------------------------------------------------------------------------------
පුතාගේ කරැණාව


නිමල් ලගට දුවගෙන ආ ඔහුගෙ පුතා

''තාත්තේ තාත්තේ මට රැ 10 ක් දෙන්න පුලුවන්ද අර පාරෙ ඉන්න අංකල්ට දෙන්න''
එකවරම තම පුතා පිං දහම් කිරිමට පෙලඹිම ගැන සතුටුවු නිමල්,

''හොදයි පුතා මන් දෙන්නම්, ඇයි ඔයාට එකපාරටම හිතුනේ මෙවගේ වැඩක් කරන්න''

''නෑ තාත්තේ මන් ඒ අංකල්ගෙන් අයිස් ක්‍රිම් එකක් ගත්තා.''














  
Read full story