Pages

Sunday, April 25, 2010

අපෙ Trip එක..........

12 comments
අවුරැදු නිවාඩුවත් ඉවර වෙලා, එක යනව දැනුනෙවත් නෑ...අද අපෙ නිවාඩුවෙ අවසාන දවස.. හෙට අයිමත් හොස්ටල් එකට යන්න ඔන.අනිද්දා ඉදන් ඉතින් අායිමත් අර පරණ life එක තමා ඉතින්...lectures ,practical, postwork, Exam.... මතක් වෙනකොටත් බඩ දගලනවා.

එගැන නෙමෙ මම මෙකියන්න යන්නෙ,අවුරැදු කාලෙ අපි ගිය trip එක ගැන.මම ඉතින් යාලුවො එක්ක තමා වැඩිපුරම trip යන්නෙ,මෙදා සැරෙ අපි යන්න තිරණය කලෙ බණ්ඩාරවෙල.අපි ගියෙ අවුරැදු දවසෙ එකියන්නෙ aprel 14 වෙනිදා.මම,දිනෙෂ්,ජයම්පති,ස්ටෙෆාන්, රද්දොළුගමින් නැගල කොටුව ඉස්ටෙෂන් එකට අාවා, අපි එද්දි තිවන්ක මල්ලි කලින්ම ඉස්ටෙෂන් එකට අැවිත් හිටියා.එත් එක්කෙනෙක් අඩුයි එතමා අපෙ අනික් සාමාජිකයා ඩයස්.

උෟඉතින් වෙලාවට වැඩ කරන එකානෙ,අපිට කොච්චිය තිබ්බෙ රෑ 8 ට,දැන් 8 ට ලගයි එත් මු තාම නැ. අපෙ රටෙ කොච්චි කවදාවත් වෙලාවට දුවන් නැතිනිසා 8ට පහුවෙලා වුනත් කොච්චිය ගියෙ නෑ..එක නිසා දෙයියනෙ කියල මිනිහට කොච්චිය මග අැරෙන්නැතුව එන්ඩ පුලුවන් වුනා.

අවුරැදු දවස වුනත් කොච්චිෙයෙ කට කපල සෙනග අපිට උරැම උනෙ පුට්බොඩ්‍ එක. කොච්චිය පිටත්උනා පොල්ගහවෙල හරියට එද්දි සෙනග තවත් වැඩි වුනා, කොච්චි ගමනනම්‍ මට එදාම එපාවුනා...අපරාදෙ කියන්නෙ ඉතින් අපෙ වුන්නම්‍ හොදට ඩලස් අලහපෙරැම මහත්තයාගෙ අම්මා තාත්තව මතක්කලා.... කොච්චිය හැටන් වලට විතර එද්දි අපිට හොද ගනන් සීතලත් හොදටම, කොච්චි යත් හෙන හිමිට යන්නෙ.හදිසියෙම අපෙ ගමන වෙනස් වුනා එකියන්නෙ බණ්ඩාරවෙල යන්න හිටපු අපි නුවරඑළි යන්න තිරණයකලා.ඔහොම තමා අපෙ ගමන්වල හැටි...........

ඊට පස්සෙ අපි නුවරඑළි යන්න නානුඔය ඉස්ටෙෂන් එකෙන් බැස්සා.. එතකොට පාන්දර 3.30 වෙලාව.සිතලත් හොදටම තියනවා,අපි ඉස්ටෙෂන් එකෙ කැන්ටිමට ගිහින් කොපි බිලා පාන් එහෙම අරගෙන කෑවා ඊට පස්සෙ එලියට එද්දි තියනවා "දෙවන පන්තියෙ මහත්වරැන්ගෙ විවෙක කාබරය" කියල ගහපු කාබර කැල්ලක්,අපි නම්‍ තුන්වන පන්තියෙ අාවෙ එත් ඉතින් අපිට ඔවා අදාල නැනෙ....අපි එකට ගිහින් උදෙ වෙනකම්‍ හොදට බුදිය ගත්තා.අැදන් උඩනම්‍ නෙමෙ,මෙසයක් උඩ.



අපරාදෙ කියන්නෙ නානුඔය නම්‍ හොද ඉස්ටෙෂන් එක සුපිරියට නැතත් හැම පහසුකමම තියනවා.අපෙ කවුරැත් දත් මදින බුරැසු ගෙනත් තිබ්බට දත්බෙහෙත් ගෙනල්ල නැ, කට්ටියම දත්මැද්දෙ සබන් වලින්,සබන් වලින් දත්මැදිම කොහොමද කියල ඔයාලත් මැදල බලන්න....ඉට පස්සෙ වෙච්ච් දෙවල්නම්‍ ගොඩක් තියනවා මම ඉතින් කෙටියෙන් ලියන්නම්‍ අපි උදෙම බස්එකෙ නැගල නුවර ටවුන් එකට අාවා ටවුන් එකට අැවිත් නුවර victoria parck එකට ගියා.පාක් එකෙ ඉතින් පිස්සුම තමා නැටුවෙ.....සිංදු එහෙමත් කිවුවා.එහෙදි ගත්ත poto ටිකක් දාන්නම්‍ ඔක්කොම නම්‍ දාන්න බෑ..................













පාක් එකෙ සැහෙන වෙලාවක් ඉදලා අපි පොඩි වැඩක් කලා එතමයි ඉතින් බස්වල සිංදු කියල පොඩි ගානක් හෙව්වා.මට නම්‍ ඉතින් වැඩිය සිංදු කියන්න බැ එත් අපෙ අනිත් උන් සෞන්දර්ය campus එකෙනිසා උන්ට එව හොදට පුරැදුයි. එ සල්ලි වලින් තමා අපෙ දවල් කැම සහ බස් වියදමි ෂෙප්කර ගත්තෙ.....

ඉට පස්සෙ අපි බැලුවෙ රෑට නවතින්න තැනක්,නුවර සෞන්දර්යෙ කොල්ලෙක් හිටියා තුල්ලා කියල ජැම්‍ උට කතාකරල අපෙ නවාතැන් ප්‍රශ්නෙ විසදගත්තා.අපි තුල්ලාලෑ යන්ඩ පිටත් උනා අපරාදෙ කියන්නෙ තුල්ලා 3විල් එකක් අරන් මගට අැවිත් හිටියා.හොද කොල්ලා........................................................

තුල්ලාලෑ ගෙ තියෙන්නෙ කන්දක් උඩ එගෙදරට වටෙම පෙනවා හරිම ලස්සනයි....අපි එහෙගියාම අපි නාන්න ගගට ගියා,ගගෙ පැය දෙක තුනක්ම අපෙ උන් නානවා...එ අස්සෙ තුල්ලා ඔරැවක් සෙට්‍ කලා අපිට.අපිත් අැතිවෙන්න ඔරැ පැද්දා මම නම්‍ ඔරැවක ගිය පලවෙනි පාර තමයි එ............ තුල්ලාලෑ ,ගෙදර සිද්ද වෙච්ච් seen ගොඩක් තියනවා,ඉතින් එ හැම එකම ලියන්න යන්නැ මං.හැබැයි එකක් කියන්න ඔනෙ තුල්ලා අපිට හොදට සංග්‍රහ කලා එහිදි අපිට තව කොල්ලෙක් සෙට් උනා හබලා කියල උෟවත් මම අාදරයෙන් මතක් කරනවා මෙ වෙලාවෙ.......

පහුවදා අපි එහෙන් පිට වෙලා සෞන්දර්යෙම ගැණු ලමයෙක්ගෙ ගෙදර ගියා එයාගෙ නම කජ්ජි. කජ්ජිලෑ ගෙදර අයත් හරිම හොදයි, එහෙත් ඉතින් සංග්‍රහ ඉවරයක්නැ...අපිත් ඉතින් කන්ඩ බොන්ඩ බැරිඅය හින්දම හොදයි ඉතින්.....කොහොමහරි අපි කජ්ජිලෑ ගෙදරදි අම්බුලුවාවෙ යන්න තිරණය කලා.අපරාදෙ කියන්නෙ කජ්ජි අපිට අදුරන වෑන් එකක් හොයල දුන්නා එහෙ යන්න,එ විතරක් නෙමෙ අම්බුලුවාවෙ ගිහින් දවල් කැමට අයි එහෙ එන්න කියලත් කිව්වා.පව්‍ හොද කෙල්ල!!!!!

අපෙ උන්නම්‍ අම්බුලුවාවෙ නටපු නාඩගම්‍ නම්‍ ඉවරයක්නැ එ තරමට පිස්සු නැටුවා අපි යද්දි අම්බානට වැස්ස එහෙ.... අම්බුලුවාව හොදයි එක පන්සලක් බලල නැති අය ඉන්නවනම්‍ ගිහින් බලන්න,හරි ලස්සන තැනක්....අායි අපි කජ්ජිලෑ ගෙදර අාවෙත් වැන් එකෙමයි.එහෙන් දවල්ට කැවා,කාල බිලා ටිකක් rest කලා ස්ටෙෆා නමි ටිකක් නිදියන්න ඔන කියල නිදිය ගත්තා.අපි නම්‍ කාඩ්‍ කුට්ටාමක් හොයාගෙන ඔමි බැලුවා...........

අපි එහෙන් පිටත් වෙන්න ලැස්ති උනා. එහෙ ගෙදරින් පොරෙ අපිට එදා එහෙ නවතින්න කියල. මම නම්‍ එක පයින් කැමති උනා එහෙ ඉන්න...එත් ඉතින් අපෙ උන්ට එක තැන වැඩි වෙලාවක් ඉදල පුරැදු නැති නිසා අපි පිටත් උනා. එදා අපිට කරපු සංග්‍රහ වලට කජ්ජිටයි පවුලෙ හැමොටමයි ගොඩක් ස්තුතියි..... කජ්ජිව අදුනන කවුරැ හරි මෙක බැලුවොත් මම මතක්කලා කියන්න..........

අම්බුැලුවාවෙදි ගත්ත poto ටිකක් දාන්නමි...රතු පාට t-ෂට්‍එක අැදන් ඉන්නෙ කජ්ජි.......















දැන්නම්‍ ඉතින් ලියල ලියල හරිම අමාරැයි...ඉතිරි ටිකත් කෙටියෙන් ලියන්නම්‍.....ඊට පස්සෙ අපි කෙලින්ම අාවෙ මහනුවර ටවුන් එකට දැන් ටිකක් රැවෙලා ස්ටෙෆා අපිට රැ නවතින්න මහනුවර අදුනන ගැණු ලමයෙක්ගෙ ගෙයක් set කර ගත්තා. එහෙ යන්නත් අපි මාර කට්ටකක් කැවා බස් නැතුව...අපි ගියෙ ඊට පස්සෙ 3විල් එකක. එ 3විල් අංකල් මිගමුවෙ ඉදන් හයර් එකක් අැවිත් ගෙදර යන ගමන්.මිනිහටත් මල් වගෙ ගෙවල් පැත්තෙ කොල්ලො ටිකක් set උනඑක ගැන..කතා කරල බැලිනම්‍ එයාගෙ පුතත් අපෙ campus එකෙ ඉගෙන ගන්නෙ,අනෙ එ අංකල් සල්ලි ගත්තෙත් නැ අපෙන්.රැ 600 විතර හයර් එකක් ෂෙප් උනා,එයාටත් බොහොම ස්තුතියි........

එ අක්කලැ ගිහින් වෙච්ච. දෙවල් නම්‍ ගොඩාක් තියනවා...අපි රෑ පැදුරැ පාටියකුත් දැම්මා....සිංදු එහෙමත් කිව්වා..පවුලෙ අයත් බොහොම හොදයි.එයාලටත් බොහොම පිං.....

පහුවදා අපි පෙරාදෙණියෙ පාක් අාවා.එහෙ සැහෙන වෙලාවක් හිටියා....අපෙ උන්නම්‍ ඉතින් පාක් එකෙ කෙල්ලො දිහා බලබල තමා හිටියෙ....පස්සෙ ඉතින් අපි අයෙ මහනුවර ටවුන් එකෙ පුරැදු රාජකාරිය පටන් ගත්තා.එ තමා සිංදු කියල කියක් හරි හොයා ගන්න එක....

තව වෙච්චෙ දෙවල්නම්‍ ගොඩක් තියනවා,එත් දැන්නම්‍ ලියල අැතිවෙලා..මම කෙටියෙන් ඉවර කරන්නම්‍.. අපි මහනුවරින් හැන්දැවෙ 4.30 කොච්චියෙ නැග්ගා.සල්ලි එහෙම තිබ්බා නිසා ටිකට්‍ ගත්තෙ දෙවනි පංතියට,එත් වැඩක් නැ සීට්‍ ඔක්කොම ඉවරවෙලා..අපි අාවෙ හිටගෙන... අපිට ඉතින් වෙන්නෙම ඔවා තමා.කොහොමහරි අපි රෑ වෙලා ගෙදර අාවා...........

මෙක අාපහු කියවගෙන යද්දි මට තෙරෙනවා ගොඩාක් තැන් මග අැරැණු බව.කොහොමහරි අපිට උදව්‍ කල හැමොටම ස්තුතියි....මම මෙවා ලියුවට වැඩිය කවුරැත් කියවන් නැ කියල දන්නවා,කමක්නැ පස්සෙ කාලෙක මටම හරි කියවල සතුටු වෙන්න පුලුවන්නෙ..................

ස්තුතියි,
මීට
C.L
Read full story

Sunday, April 11, 2010

ඔබ සැමට සුබ නව වසරක්..................

0 comments
Read full story

පලාතේ ඉන්ඩ බැහැ.........................

0 comments
දිනක් එක් මහලු ස්ත්රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්ර්තිකාර ගැනීම පිණිසය.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

වෛද්‍යයවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.....

-----පුවත් පතකිනි------
Read full story

Call එක...............

1 comments
"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
පුතා - "හා තාත්තී..."
"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
පුතා - "මම කිව්වා"
"ඉතිං"
පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
"ඉතිං.."
පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
"ඊට පස්සේ"
පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "
Read full story

කලබල වෙන්න එපා...ප්ලේන් එකක් දැන්ම නෑ....

5 comments
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
Read full story

හොඳට බලනවා....

0 comments

අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා..
සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා”
කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා................
Read full story

ආයිත් ඇන්නොත් ????

0 comments
පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය
Read full story

බල්ලා..................

1 comments
ගුණපාල : උඹේ බල්ලා හපනවද ඇම්ඩො! ?
ඇම්ඩන් : අපෝ නෑ....
බල්ලාව අතගෑමට සැරසුන ගුණපාලව බල්ලා හපා කයි
ගුණපාල : තමුසේ කිව්වේ බල්ලා හපන්නෑ කියලා.
ඇම්ඩන් : ඔකා මගේ බල්ලා නෙවෙයි
Read full story

ඇම්ඩාගෙ පිළිතුර................

0 comments
ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.
Read full story

රස්සාව...............

0 comments
පොලිසියේ රස්සාවක් ලබැගැනීම පිණිස ගිය ඇම්ඩන්ගෙන් නිලධාරියා ප්රශ්න කීපයක් ඇසීය.

පොලිස් නි .- 2 + 2 කීයද ?
ඇම්ඩන් - 4 යි
පොලිස් නි. - 100 යෙ වර්ගඵලය ?
ඇම්ඩන් - 10
පොලිස් නි - කියනව බලන්න ඒබ්රහම් ලින්කන් මැරුවෙ කව්ද ?
ඇම්ඩන් - ම්හ්.. මම දන්නේ නැහැ.
පොලිස් නි. - ගෙදර ගිහින් හොඳට කල්පනා කරල හෙට එනව

ඊට පසු නිවසට ගිය ඇම්ඩන්ගෙන් නිවසේ සිටි අය රස්සාව ගැන විමසූවේය.
ඇම්ඩන් - රස්සාවනම් හරි! ගිය ගමන්ම මර්ඩර් කේස් එකක් ගැන හොයාගෙන එන්න කිව්වනේ. කව්ද ඒබ්රවම් ලින්කන් කියන්නේ....
Read full story

හා එහෙනම් කියන්න !

0 comments
තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විස්රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

පො. නිලධාරියා - "තමුන් ඇතිකරන තාරාවන්ද ?"
වෙළෙන්දා - "නෑ ස... ර්... මම කැලේ ගිහින් මරන්නේ."
එක් තාරාවෙක් ඉහලට ඔසවා බැලූ පොලිස් නිලධාරියා උගේ පස්සා පැත්තේ ඇඟිල්ල ගසා නහයට ලංකල
පො. නිලධාරියා - "ම්....මූ අහවල් කැලේ තාරාවෙක්. ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්..."
තවත් තාරාවෙක් ඔසවා පෙර පරිදිම පරීක්ෂා කරබලා "මූ... අහවල් කැලේ තාරාවෙක් ඒ පලාතේ සතුන් දඩයමට තමුන්ට ලයිෂන් තියෙනවද ?"
වෙළෙන්දා - "ඔව් ස... ර්...., ඇහුවට තරහ වෙන්න එපා ස.ර්..ට මාර දැනුමක්නේ තියෙන්නේ. සර් කව්ද ?"
පො. නිලධාරියා - "මම පොලීසියේ !! අයිසේ ..... "
සියලුම තාරාවන් පරීක්ෂා කලද වෙළෙන්දා නීතියේ පරිදි ඕනෑම කැලයක තාරාවකු මරා වෙලෙඳාම් කිරීමට බලපත්ර් ලබා ඇත. උත්සාහය ව්ය්‍යර්තවූ පොලිස් නිලධාරියා..

"තමුසේ කොයි පලාතෙද ?"

සරම උස්සා සිය පස්සා පැත්ත පොලිස් නිලධාරියා වෙත දිගුකල තාරා වෙළෙන්දා....
හා සර් එ එහෙනම් කියන්න බලන්න. මම කොයි පලාතෙද කියලා.
Read full story

කෘතිම සංසෙචනය................

0 comments
එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සංසෙචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සංසෙචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.

දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙ‍රීය. පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය.

නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ ....

“උන් ‍ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා”
Read full story

ඇයි දෙයියනේ එහෙම කලේ.....

0 comments
අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.

“යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”

-------පෙතපත අැසුරෙනි-------
Read full story

අම්මගේ තරමටම ... .......

0 comments
සෑමදාම කොට කලිසම ගසාගෙන ටෙනිස් ගහන්න යන ලොකු මහත්තයාගේ දියණිය දකින ආරොන්ට ඉවසා සිටින්නට බැරිම දේ උනේ ඇය උඩ තට්ටුවේ සිට පහතට බහින්නේ අත්වැල උඩින් කකුලක් අනිත් පැත්තට දමා විදුලි වේගයෙන් පහතට රූටා එම දකිද්දීය. අම්මප අත්වැලක් උනානම් ආරොන් සිතූ වාර අනන්තය. රැව්ල කපන බ්ලේඩ් තලයක් ගෙන අත්වැලෙහි මැද ගැසුවේ ඉවසා ඉවසා ඉවසා ඉවසන තැන ගෙවීගිය ආරොන්ය. පසුදා පහන්විය. ඇය සුපුරුදු ක්රීඩාවේය. අප්පච්චියේ ආරොන්ගේ තරහ හරියටම පිරිමැහී ඇත. වහා ඇය පව්ලේ වෛද්‍යවරයා වෙත ගෙන ගියාය.
මැසීමට ඇවැසි සියළු උපකරණ රැගෙන ..

දොස්තර - Oh My God ! බේබි කියන්න කොච්චර ඉතුරු කරන්න ඕනිද කියලා?

ම්හ! පිළිතුරක් නැත. ඇය විලියෙන් ඇඹරෙයි
දොස්තර - කියන්න ළමයෝ කියන්න. ලැඡ්ඡ වෙන්න එපා. ඕගොල්ලුන්ගේ අම්මි බේත්
ගන්නෙත් මගෙන්නේ.

අවසානයේ බැරිම තැන ඇඹරෙමින්
දියණිය - එහෙනම් අම්මගේ තරමටම ඉතුරු කරන්න.
දොස්තර - එහෙනම් බේබි ගිහින් අත්වැලේ තව සැරයක් රූටන්න.........


-----අන්තර් ඡාලයෙනි-----
Read full story

මැරිලා ?????

0 comments
එදින එම්බාම් කිරීමට ගෙනා මිනියේ වූ විශාල පිරිමි ඇඟ (පිප්පි කරන කෑල්ල) දැක විස්මයට පත් හේ එය කපාගෙන තම බිරිඳට පෙන්වීමට සිතා හොර රහසේම එය අයින් කරගත්තේය. නිවසට ගිය ඔහු

ඒයි මෙහෙ එනවකෝ......

මේ බලනවකො. අද එම්බාම් එකට ආපු මිනිහගේ එකේ සයිස් එක කියා එය බිරිඳට පෙන්වීය.
අනේ ඇඩ්ඩින් සිංඥෝ මැරිලා !!! ...............
එය දුටු බිරිඳ ලතෝනි තියන්නට විය.

----අන්තර් ඡාලයෙනි----
Read full story

දොස්තර උපදෙස..............

0 comments
"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
Read full story

දාන්න බෑ අනේ හි..ර. යි .....

4 comments
අළුත බැඳපු ජෝඩුවක් තානායමට පැමිණි නෑදෑයන් පිටව ගියපසු කාමයට වී දොර වසාගත්තේය. කාමරය පසුපස සිටින කොලුවා අළුත් ජෝඩුවගේ කථා අසා හොරෙන් අසා සිටියේ උගේ කොලු කමටය. ජෝඩුවගේ කසු කුසුව මෙසේය

මනමාලි - ඉක්මනට එන්නකෝ...
මනමාලයා - ඔයාට ඉන්න බෑ නේද ?
මනමාලි - ඔව් අනේ... පුදුම අමාරුවකින් ඉවසගෙන ඉන්නේ
මනමාලයා - පව් බබා ඔයා. හිරම හිරයි
මනමාලි - ඒත් දාන්නේ නැතිවත් බෑනේ.
මනමාලයා - ඉන්න මම හෙමින් කරන්නම්. ඒත් බෑ පැටියෝ
මනමාලි - හොඳටම ඉදිමිලා. පුපුරන්න වගේ. මට බයත් හිතෙනවා
මනමාලයා - බය වෙන්න එපා. මම හෙමින් හෙමින් එලියට ගන්නම්.
මනමාලි - ඌ..... යි. සබන් ටිකක් ගාමුද.
මනමාලයා - බේබි ක්රීම් එක තියෙනව නේද.
මනමාලි - දවසක් දෙකක් යනකොට හරියයි නේද ?
මනමාලයා - නෑ බබා අපි මේක ආපහු දීල ලොකු කරගනිමු. නැත්නම් ඔයාගේ ඇඟිල්ල කැත වෙනවා. වෙඩින් රිං එක කියලා දාන්න බැරිනම් මක් කරන්නද.
Read full story

එහෙම උනානම් !

0 comments



පල්ලියට එන ප්රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය.

අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය.

කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති.

දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ .......

කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස?

සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්.

කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් ....

සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු.


- පුවත් පතක් ඇසුරෙනි -
Read full story

Sunday, April 4, 2010

1 comments
Read full story