Pages

Sunday, August 21, 2011

කැලණි සරසවියේ විද්‍යා පිඨයේ අර්බුදය....

9 comments


කැලණිය විශ්වවිද්‍යාලය වනාහි පසුගිය දිනවල නිතර නිතර මාධ්‍ය සදහා පුවත් පත් සැපයු ආයතනයක් විය. විවිධාකාර හේතුන් මත මෙසේ සාකච්චාවට බදුන්වු කැලණි සරසවිය, එහි විද්‍යාපිඨය නිසා තවත් ජනප්‍රිය වුවාට සැක නැත. එහි විද්‍යාපිඨයේ ''ආසනික්'' පිලිබද පරික්ෂනයක් පැවැත්වු අතර පරික්ෂනය සදහා ආධාර උපකාර ලබාදි ඇත්තේ ''නාථ දෙවියන්'' විසිනි. ලොව කිසිම තැනක මේසේ දෙවියන්ගෙන් ආධාර උපකාර ලබා සිදුකල පරික්ෂනයක් නොමැති විම තුලින්, විශ්වවිද්‍යාලය මෙන්ම එම පරික්ෂනයේ නියමුවා වු මහාචාර්යය නලින්ද සිල්වා මහතාද මහත් ජනප්‍රියත්වයට පත්විය. එපමනක් නොව ඔහුවිසින් සියලු විද්‍යාත්මක ක්‍රම බොරුබවත්,බටහිර විද්‍යාව බොරුවක් බවත්, එයතමාට ඔප්පුකර පෙන්විය හැකිබවත් පුවත් පතකට සපයන ලද ලිපියක සදහන් විය.එතැනින් නොනැවතුණු ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ දරුවන් දේව දරුවන් බවත්,ඔවුන් ඉගන ගනුයේ නිවරදි ''දේව සංකල්ප අනුව ගොඩනැගුණු ධර්මතාවයන්'' වැනි අදහසක් පැවසුවද,තවමත් එහි උගන්වන්නේ ඔහු බොරුවක් බව පවසන බටහිර විද්‍යාවම වීම අවාසනාවට කරුනකි.

ශ්‍රි ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක පිඨාදිපති තුමෙකු කරන මෙවැනි ප්‍රකාශ වලින් එහි ගුරුවරු මෙන්ම සිසුන්ද පසුගිය කාලයේ නොසන්සුන් විය.ගුරුවරැ ඊට විරුද්ධව රුස්විම් පැවැත්වු අයුරුද, ඇතැම් රුස්වීම් උණුසුම් ආකාරයක් ගත්සැටිද අපට මතකය.

එසේ ලැබුණු ජනප්‍රියත්වය වියකියැමට මත්තෙන් නැවත  විශ්වවිද්‍යාලය තුල විද්‍යාපිඨය කථාබහට ලක්වෙමින් පවති.එයට හේතුවවී ඇත්තේ විද්‍යාපිඨය තුල පවත්වන්නට නියමිත මැතිවරණයයි.ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යාපිඨයේ සිසුන් දෙකට බෙදි මැතිවරණ කටයුතුවල යෙදෙමින් සිටි. එනම් විද්‍යාපිඨය දෙකට බෙදි ඇත්ද? එසේ බෙදි ඇත්නම් එයට හේතුව කුමක්ද? විද්‍යාපිඨයේ අනාගතය කෙබදු ආකාරයක් ගනිද? ආදි කරුණු දැන ගැනිම සදහාද,ප්‍රථම වසර සිසුන්හට මේපිලිබද අවබොධයක් නොමැති හෙයිනද,විද්‍යාපිඨයේ ආදි සිසුන් හට මේ පිලිබද දැනගැනිමට අයිතියක් ඇතිහෙයිද සහ වෙනත් පිඨවල සිසුන් මේ පිලිබද වැරදි අවබෝධයකින් පසුවන බැවින්ද,මේසේ මෙම ලිපිය සටහන් වනබව මතක් කිරිමට කැමැත්තෙමි......

විද්‍යාපිඨය වනාහි විශ්ව විද්‍යාලයේ ස්වාධිනත්වය රුකගත් ආයතනයක් බවත්, එහි බාහිර දේශපාලනය හෝ ගැතිකම් නොමැති බවත්,විශේෂයෙන්ම මෙහි ''රුග්'' නැති බවත්,මෙම නිදහස අත්පත් කරගත්තේ ලෙයින් මසින් දහඩියෙන් සහ කදුලෙන් අතිතයේ සිටි ශිෂ්‍යයන් කල කැපකිරිම් නිසා බවත්, ආදි කරුණු විද්‍යාපිඨයේ ඉගනගන්නා සිසුන් කන්පිරෙන තරමට අසා ඇත. මේසේ ගොඩනගන ලැදැයි කියන නිදහස් පිඨය මේදක්වා පාලනය කරන ලද්දේ ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' නැමති, ශිෂ්‍යයන් විසින්ම ගොඩනගාගත් ශිෂ්‍ය සංගමයක් හරහාය. එමගින් ශිෂ්‍යයන්ගේ ඉල්ලිම් යෝජනා ආදිය පාලක පක්ෂය සමග හුවමාරු විය. එසේම එමගින් ඉදිරිපත් වන මතය පිඨ ශිෂ්‍යයන්ගේ පොදුමතය බවටද පිලිගන්නා ලදි.වර්ථමානයේ සිදුවි ඇත්තේ මෙම විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමයට අමතරව ''ස්වාධින ශිෂ්‍ය සංගමය'' නැමති තවත් ශිෂ්‍ය සංගමයක්  පිඨයේ සභාපති විමේ අරමුණින් මැතිවරණ බිමට පිවිස සිටිමයි.ඔවුන්ද ඒසදහා නාමයෝජනා ලබාදෙමින් ප්‍රචාරක කටයුතු සිදුකරමින් පවති.

මෙසේ තවත් ශිෂ්‍ය කණ්ඩායමක් බිහිවුයේ ඇයිද යන පැණය විමසාබැලිම සදහා ඉතිහාසයේ කරුණු ගෙනහැර පෑම වටි.සෑම වසරකම විද්‍යාපිඨයේ ශිෂ්‍ය සමිතිය සදහා නියෝජිතයන් පත්කරගැනිමේදි එක් තනතුරක් සදහා නම් කිපයක් යෝජනාවිම සාමාන්‍ය සිරිතක් වුවත්,ශිෂ්‍යයන් විසින් පසුව පොදු එකග තාවයකට පැමිණ එක් පුද්ගලයකු ස‍භාපති අපේක්ෂක සදහා ඉදිරිපත් කරනු ලබයි.පසුගිය වසර කිපය මුලුල්ලේම මෙම ක්‍රයාදාමය සිදුවි ඇතත් ගියවසරේ එනම් 2010 වසරේ මෙය තරමක් වෙනස් ස්වරෑපයක් ගන්නා ලදි. එනම් එම වසරේදිත් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත්වු අතර අවසානය දක්වාම එම දෙදෙනාගෙන් කෙනෙකු තොරාගැනිමට නොහැකි විය. මේ අනුව දෙදෙනා වෙන වෙනම තම ප්‍රචාරක කටයුතු ගෙනගිය අතර ශිෂ්‍යන්ද තම කැමැත්ත මත ඒ ඒ අපේක්ෂකයාගේ පැත්තට වැඩකරනු දක්නට ලැබුණි.අවසානයේ එක් පුද්ගලයකු  තොරාගැනිමට නොහැකිවු කල විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය හරහා දෙදෙනාම ඉදිරිපත්වී, ජන්දයක් තුලින් සුදුස්සා තොරාපත්කර ගැනිමට කටයුතු සම්පාදනයවු අතර, එතැන්සිට මෙම බෙදිමේ මුලාරම්භය සිදුවු බව තතු දන්නෝ පවසති.

සැමවිටම සභාපති සදහා තොරා ගනුයේ දෙවන වසරින් බැවින් එවකට දෙවන වසරේ අධ්‍යාපනය ලැබු ''ගොරා'' සහ ''බාලා'' යන දෙදෙනා මෙලෙස දෙකට බෙදි තරග වදින්නට විය.මින් වඩා වාසිදායක තත්වයක් පැවතුනේ ''ගොරා'' හට බව ලියුම්කරුගෙ මධ්‍යස්ථ මතයයි. හේ ඔනෑම පුද්ගලයකුගෙ සිත දිනාගත හැකි අතිදක්ෂ කථිකයෙක් විය. සැම පුදිගලයකු සමගම සුහදව කථාබහකල අතර,ඔනෑම කාර්යයක් නොබියව බාරගත හැකි මට්ටමක නිරතුරුවම පසුවිය. එවකට දෙවන වසරේ ජනප්‍රයතම චරිතය ''ගොරා'' යැයි පැවසුවහොත් අසාධාරණ නොවෙයයි සිතමි.''ගොරා''ට සාපේක්ෂව ''බාලා'' කෙරෙහි තිබුනේ අඩු ජනප්‍රියත්වයකි. හේ නිතරම කථාකරනු දක්නට නොලැබු නමුත් හේද සෑම කාර්යකදිම ''ගොරා'' සමග පිටුපසින් වැඩකල පුද්ගලයකු බව දන්නෝ දනිති.

''ගොරා-බාලා සටන'' ඇරබුනේ මෙලෙසිනි. දෙපසින්ම එකිනෙකාට චොදනා එල්ල විය.මෙහිදි ''බාලා'' පාර්ශවයෙන් එල්ල වු චොදනා ''ගොරා'' කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට ඇත.ඔවුන් පැවසුවේ ''ගොරා'' ''තොරන් ගැට්ටක්'' ගැසිමට සැරසෙන බවය. එනම් ''ගොරා'' ''තොරනේ'' සාමාජිකයන්ට වැඩි වරප්‍රසාද හා වටිනාකම් තනතුරු ලබාදි ඇති බවද, අනෙක් ශිෂ්‍යයන්ගේ අදහස් ගනන් ගන්නා මට්ටමක නැතිබවද,ප්‍රකාශ විය. මේ ප්‍රකාශ වඩාත් වැඩිදියුණු වුයේ ''තොරනේ'' සියලු සාමාජිකයන් ''ගොරාට'' සහය දක්වන්නට වුකල,''බාලා'' පාර්ශවයේ  එම මතය සාධාරණ බව  අනෙක් පිරිසටද කෙමෙන් අවබෝද විමත් සමගය.

''තොරණ'' යනු එවකට විද්‍යාපිඨ ශිෂ්‍යයන් සදහා ලබාගෙන තිබු නේවාසිකාගාරයයි. එය ඉතාකුඩා බැවින් ඉඩකඩ තිබුනේ සිමිත පිරිසකට පමණි.අනෙකුත් ශිෂ්‍යයන් ''බෝඩිම් කාබර'' සහ නිවෙස්වල සිට පැමිණෙන ලදි. මේසේ අනෙක් පිරිසේ නියෝජිතයා  තමා බව ''බලා'' එවකට සිටි ප්‍රථම වසර සිසුන්ට ඒත්තු ගැන්වීමට උත්සුක විය. තමාගේ ජයග්‍රහනයෙන් රුකෙන්නේ ඔවුන්ගේ අයිතින් බවද, ''තොරන් ගැට්ටක්'' ගැසිමට අනෙක් පාර්ශවයට ඉඩ නොතැබිය යුතුබවද ප්‍රකාශ විය.කෙසේ නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් පැවසුවේ ''බාලා'' පාර්ශවය විසින් ''ගොරා'' කෙරෙහි අප්‍රසාදයක් ගුරුවරැන් තුලද ඇතිකෙරවු බවයි.විවිධ හේතු ඉදිරිපත් තර ඔහුගේ පිරිස විසින් ''ගොරා'' සභාපති අපේක්ෂක කමින් කපා දැමිමට උත්සාහකල බවද සදහන් විය. එය නිසා හෝ හෝ වෙනයම් හේතුවක් නිසා හෝ අවසානයේ සිදුවුයේද එයයි.''ගොරා'' විසින් පුස්තකාල කාඩ්පත් ලබාදි නැතැයි පවසමින් ඔහුව චන්ද අපේක්ෂක කමින් ඉවත් කෙරුණී..''බාලා'' නිතරගයෙන්ම පිඨයේ සභාපති තනතුරට පත්විය..

මේ සමගම ''ගොරා'' ඇතුලු පිරිස වෙනම පිරිසක් බවට පත්විය.''බාලා'' තමාට හිතැති පාසල් මිතුරන් යොදා ගනිමින්,තනතුරු ලබාදි පිඨයේ වැඩකටයුතු මෙහෙය වනු දක්නට ලැබුණි. ''ගොරා''ට යම් අසාධාරණයක් සිදුවුබව මධ්‍යස්ත මතධාරි සියලු දෙනාගේම මතය වුවත්, ඊට විරුද්ධව කලහැකි යමක් නොවුණි.චන්දයක් තිබුනානම් ප්‍රතිඵලය ඇතැම්විට වෙනස් වන්නට හැකියාව තිබුබව ඔවුන්ගේ පිලිගැනීම විය.කෙසේ නමුත් ගියවසර තත්වය ඔවැනි වු කල,මෙම වසර චන්දය සදහා ''ගොරා'' පාර්ශවයට ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති විම කෙරෙහි පුදුම වියයුතු නැත. එමනිසා ඔවුන් ''ස්වාධින ශිෂ්‍ය සංගමය'' නැමති සංගමයක් පිහිටුවාගෙන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටි.දැන් ''ගොරා'' තෙවන වසර බැවින් ඔහුට මැතිවරණය සදහා ඉදිරි පත් විය නොහැක. එහෙයින් ඔහුගේ අතවැසියකු වු ''තියරි'' ඒ සදහා ඉදිරිපත් කර ඇත.''බාලා'' පාර්ශවයෙන් ''රුමා'' ඒසදහා ඉදිරිපත් කර තිබේ.

දැන් පවතිනුයේ ''තියරි- රුමා'' ගැටුමයි.සුපුරුදු පරිදි දැන්ද එකිනෙකා වෙත චොදනා එල්ල කෙරෙමින් පවති.''රුමා'' පාර්ශවයෙන් ''තියරි'' පාර්ශවය ජේ.වී.පී බවට කෙරෙන ප්‍රකාශයන් එම පාර්ශවය විසින් තරයේ ප්‍රතික්ශේප කරනු ලබයි. මේ අතර ''තොරනේ අභිමානය'', ''තොරනේ ගැට්ට'' ගැන ඔවුනට නැවත ප්‍රති පාර්ශවෙයෙන් චොදනා එල්ල වෙමින් පවති.මෙම චොදනා ඔවුන් ප්‍රතික්ශේප කලත් එම චොදනාවල සත්‍යතාවයක් ඇතැයි මධ්‍යස්ථ ශිෂයන්ගෙද මතයයි.

සැබැවින්ම මෙම ''තොරණට'' අභිමානයක් පැවතිය හැකිද යන්න සලකා බැලිම වටී.පෙරද සදහන් කල පරිදි ''තොරණ'' යනු එවකට විද්‍යාපිඨ ශිෂ්‍යන්ගේ තාවකාලික නේවාසිකාගාරයයි. එය කුඩා දෙමහල් නිවසක් වු අතර,ශිෂ්‍යයන් එහි සිටියේ මහත් වු අපහසුතා මැදබව අවිවාදාත්මකය.මෙම අපහසුතා නිසාම එවකට නේවාසිකාගාර අත්‍යාවශම වු සිසුන් පමණක් එහි නතරවු අතර, ඇති හැකි අය බොඩිම් කාමර වල සරණ පැතිය.අනේක් ශිෂ්‍යයන්ට වඩා මෙම ''තොරනේ'' සිසුන් අතර සමගියක් ගොඩ නැගිම සිතාගත හැකිනමුත්,ඔවුන් අනේක් සිසුන්ව අඩු තක්සේරුවට දා කථාකෙරේනම් එය කොහෙත්ම තරම් නොවෙත්.කිමද යත් ඔවුන් ''තොරනේ'' සිටියත් කවරෙකු අතින්හො ''රුග්'' වී හෝ අනෙක් සිසුන්ට සාපේක්ෂව තාඩන පිඩන ලබා හෝ නැත.ඔවුන් අතින් සිදුවුයේ 8 දෙනෙකු සිටිය හැකි කාබර වල 15 දෙනෙකු හවුලේ වාසයකිරිම සහ වැසිකිලි යාමට බාල්දි ගෙන පොලිමේ සිටිම පමණි.මෙම ක්‍රියාවන් නිසා අභිමානයක් ලැබේ නම්,උතුරු නැගෙනහිර අනාථකදවුරුවල වාසය කරන්නන් හට මීටවඩා අභිමානයක් ලැබිය යුතුය....

මේ හේතුවෙන් ස්වාධින ශිෂයන්,''තොරනේ'' ශිෂයන්ට වැඩි සැලකිලි ගවුරවයන් ලබාදෙන්නේ නම් එය ඔවුන්ටම සිදුවන මහත් අවාසියක් බව මතක තබාගත යුතුය.මෙම ශිෂ්‍යයන් ජේ.වී.පී බවට ගසා ඇති ලේබලය පිලි ගැනීම සදහා ප්‍රමාණවත් තරම් සාක්ෂි  නැති බැවින්, ලියුම් කරු එම අදහස බැහැර කරනු ලබයි.කවුරුන් කෙසේ කුමක් කලත්, තවමත් පිඨ ශිෂ්‍යන් එකවරම ''විද්‍යාපිඨ ශිෂ්‍ය සංගමය'' ප්‍රතික්ශේප කිරිමට සුදානම් නැති අයුරක්ද පෙනියනු ලබයි.අවසාන වශයෙන් වඩා වාසිදායක තත්වයක් ඇත්තේ ''තියරි''ටද ''රුමා''ටද යන්න පැවසිමට ලියුම්කරු කලබල නොවෙත්..කවුරුන් දිණුවත් විද්‍යා පිඨයට සිදුවන මහලොකු සෙතක් නම් නොවනබව ඔහු හොදාකාරවම දනිත්...

මෙම දෙදෙනාගෙන් සභාපති වනුයේ කවුද යන්න 26 වෙනිදාට පසුව දැනගතහැකි වනු ඇත.අවසාන වශයෙන් අපේක්ෂකයන්ට පැවසිමට ඇත්තේ ලියුම්කරු ඇතුලු බහුතර සිසුන් මෙම කණ්ඩායම් දෙකකෙරෙහිම නොඇලි මධ්‍යස්ථ මතයක පිහිටා කටයුතු කරන බවයි. එලෙසම මෙහි දැක්වෙන කිසිදුකරුණක්,කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් නොලියවුවක් බව පාඨකයාද තරයේ සිතට ගතයුතු වෙයි.කවුරුන් දිනුවද කවුරුන් පැරදුනද පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩක් ක්‍රියා නම් අනිවාර්යයෙන්ම සිදුවිය හැකිබව තතු දන්නෝ පවසති....










Read full story

Monday, August 15, 2011

ලොව විවිධ රටවල ''බස්නැවතුම්'' දැකල තියේද ?????

12 comments

රට රටවල් වල පවතින විවිධ නගර වල බස්නැවතුම් ඉදිකරලා තියෙන්නෙ මෙන්න මෙහෙම......
තෝරල බලන්නකො හොදම එක මොකක්ද කියල....

1.LONDON


 
2.ROME

 
3.ATLANTA


4.STOCKHOLM


5.FRANKFURT


6.BRAZIL


7.MILAN


8.DUBAI



9.PARIS


10.BERLIN


11.HAMBURG



12.ATHENS



13.NEW YORK



14.SWITZERLAND
15.INDIA



16.SRI LANKA


Read full story