Pages

Monday, February 20, 2012

බේබද්දා…| The Drunkard

17 comments
මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට  කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු....

''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

''ඔයි සර්, 
තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''


හිහ් හිහ්.......





*********************************************************************************************************************

මේ බ්ලොග් එකේ මන් පල කරන ලිපි, විවිධාකාර පුද්ගලයන් Elakiri forum එකේ එහෙම්මම පල කරනවා කියලා මන් දන්නවා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් හෝ බාධාවක් නෑ.. මං පලකරන ලිපිවලට Comment 1ක් හෝ 2ක් පමණක් වැටුනට මගේම ලිපි Elakiri එකේ පලකරන අයට Comment 45 , 50 වැටිල තියනවා දැක්කහම පුදුමත් හිතෙනවා..  ඒත් මට එ ගැන ප්‍රශ්නෙකුත් නෑ....

නමුත් මේ ගැන නොදන්න සමහර අයට හිතෙන්න පුලුවන්, මන් Elakiri එකේ ලිපි අරන් මගේ බ්ලොග් එකේ පලකරනවා වගේ අදහසක්.. ඒක නිසා මං කරුණාවෙන් ඉල්ලන්නේ, මේ බ්ලොග් එකේ තිබෙන ඔනෑම දෙයක් Copy කිරීමට ඔබට සියට දෙසීයක නිදහසක් තිබෙනවා.. ඒත් ලිපිය ගත්තෙ මෙතනින් කියල දාන්න පුලුවන් නම් ඒක මට කරන ලොකුම උදව්වක් ඒ වගේම ඔබගේ නිහතමානි කම පෙන්නිමටද කදිම අවස්ථාවක්....

ස්තුති!!!! 
ජය වේවා!!!




Read full story

Saturday, February 18, 2012

මංගල මුදුව ඔබේ සිව්වන ඇගිල්ලට පැළදිමට හේතුව | Why wedding ring should be put on the fourth finger

15 comments

චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...

මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
  1. මහපට ඇගිල්ල   -   තම දෙමව්පියන්
  2. දෙවන ඇගිල්ල   -   සහොදර සහෝදරියන්
  3. මැද ගිල්ල           -   තමා පිලිබදව
  4. සිව්වන ඇගිල්ල  -   ඔබේ සහකරු හෝ සහකාරිය
  5. පස්වන ඇගිල්ල  -   දුදරුවන් 
මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේතුව පිලිබදව ඔබට සිතුනාද?


මුලින්ම ඔබේ දෑත් රුපයේ දක්වා ඇති පරිදි එකතු කර, ඇගිලි දක්වා ඇති දිශාවන්ට තබා ගන්න..(මෙහිදි මැද ගිල්ල නමා එකතු කර තමා දෙසට වන්නටද,සිව්වැනි ඇගිල්ල ඉදිරියට කර අගින් ස්පර්ශ වන ලෙසද තබා ඇත.)

දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....

මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..

  • මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..

මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ  දිනක අප හැරදා යනු ඇත...

  • දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..

දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට  අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල් ජීවිත  ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...

  • දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..


සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..

  • දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..

එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ... 







Read full story