Pages

Thursday, October 28, 2010

ආසියාවේ ආශ්චර්ය ලංකාව වු වගයි...

6 comments



වර්ථමාන ආණ්ඩුවේ මුලික අභිප්‍රායක් වු, ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත්කිරිමේ වැඩපිලිවෙල මෙවනවිට මුලුමනින්ම සාර්ථකත්වයට පත්වි ඇත.මෙසා විශාල ජයග්‍රහනයක් ලංකාවට ගැනිමට හැකිවුයේ ඒ සදහා තරගකල රටවල් තුන්සිය ගනනක් පරදවා ලංකාව ප්‍රථම ස්තානයට පැමිණිමෙන් බව ''ආශ්චර්යමත් රට තේරිමෙ කමිටුවේ සභාපති''  ජිංගි බුස් මහතා පැවසිය...
මෙම ආරංචිය ලද සැනින් අප Skype හරහා ජිංගි බුස් මහතා සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරැ විමසන ලදි. පාඨකයාගේ පහසුව තකා හිබෲ භාෂාවෙන් පැවැත්වු  එම සංවාදය මෙසේ සිංහලට පරිවර්ථනය වේ.
ප්‍රශ්ණය:  ජිංගි බුස් මහතා,අපට කියන්න මේසදහා තරග කල අනිකුත් රටවල් මොනාද?
පිළිතුර: ඇත්තටම විශාල රටවල් ප්‍රමානයක් මේසදහා තරගකලා.. ප්‍රධාන වශයෙන් මොන්ගොලියාව,   ඇෆ්ගනිස්ථානය, උස්පිකිස්ථානය,කිර්කිස්ථානය, හයිඩිය සොමිකිස්ථානය,බලුකිස්ථානය.. ආදි රටවල්  බොහො ප්‍රමාණයක්...අපටත් සතුටුයි ශ්‍රි ලංකාව, මෙ සියලුම තරගකාරි රටවල් පරදවා ප්‍රථම ස්ථානයට  පැමිණිම පිලිබදව..

ප්‍රශ්ණය: ඔව් බුස් මහතා,අශ්චර්යමත් රටබවට පත්විමට ලංකාවට තිබු සුදුසුකම් මොනවාද??
පිළිතුර:
ඇත්තටම හොද ප්‍රශ්ණයක්, සමහර රටවල් අපට චොදනා කරතිබුනා අප පක්ෂපාතිව කටයුතු කර මෙම ජයග්‍රහනය ලංකාවට අරන්දූන් බවට.මම මෙය අවස්ථාවක් කරගන්නවා එම චොදනා වලට පිළිතුරැ සැපයිමට ඔබ ඇසු පැණය තුලින්.
ඇත්තටම ලංකාව මෙම තරගය සදහා ලියාපදිංචි විමේදි එතරම් ආශ්චර්යමත් රටක් වුනේ නෑ..නමුත් ඔවුන් තම හැකියාවන් වැඩිදියුනු කරගෙන මෙම ජයග්‍රහනය සදහා විශාල ලෙස කැපවිමෙන් කටයුතු කිරිම හරිම ප්‍රශන්සනියයි..
මෙහිදි ප්‍රධානතම සැලකිලිමත් වු සාධකය තමයි යහපාලනය. අපි 18 වැනි සංශෝධනය ගමු එහි මුල සිට අගදක්වාම ඇත්තේ ආශ්චර්යක්. බලන්න ඔවුන් තුනෙන් දෙකේ බලය ලබාගත් අපුරැව එක රැයකින් අඩුපාඩු වු මන්ත්‍රි වරැන් ගනන පුරවා ගැනිමට පුලුවන් වුනා. ඒපමනක් නොවේ ඒ සමගම 17වැනි සංශෝධනය අහොසිවි ගියා. දැන් ස්වාධින පොලිස් කොමිසම,රාජ්‍ය්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම නෑ.. මේ සියල්ල නොමැතිවත් උපරිම ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ පවත්වන බව ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා. ක්‍රියාකාරි ස්වාධින මැතිවරණ කොමිසමක් නැතුව, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ පැවැත්වීමට උත්සාහ ගැනිම තුලින් ලංකාව ආශ්චර්යමත් රටක් ලෙස අපි තිරණය කලා. 
ප්‍රශ්ණය: හොදයි බුස් මහතා පැහැදිලියි ඔබේ තර්කය. මේ සදහා බලපැ තවත් හේතු තිබේද?
පිළිතුර:
පැහැදිලිවම මෙය එකක් පමනයි. තව හේතු ගනනාවක් අපිට සදහන් කරන්න පුලුවනි. අපි මතට තිත වැඩපිලිවෙල ගමු.. සංඛ්‍යා ලේඛන අනුව හොදින්ම ඔප්පු වෙනවා මතට තිත වැඩ පිළිවෙල තිබියදිත්, පෙර අවුරැද්දට වඩා වැඩියෙන් ඊලග අවුරැද්දේ මත්පැන් විකිණි ඇතිබව. තව බලන්න, ලොකයේ විශාලතම ඉන්ධන හා විදුලි බිල් ලබාදෙන ගමන්ම පාඩු ලබන ආයතන තිබෙන්නේත් ලංකාවේ.. 
තව කියනවනම්
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්, පවතින ආණ්ඩුව විවෙචනය කිරිමේ අයිතිය මහජනතාවට ලබාදි තිබෙනවා. එසේ තිබියදිත් පොස්ටර් ඇලවිම,පෙලපාලි යාම,උද් ඝෝශණ පැවැත්විම තහනම් වු එකම රට ලංකාවයි.  එපමණක් නොව ලංකාව තුල විකාශනය වන රෑපවාහිනි වැඩසටහන් ගෙන බලන්න, ''තුලාව '' එහිනම තුලාව සහ සංකේතය 'තරාදිය' වුවත් වැඩ සටහනට සහබාගි වන්නේ ආණ්ඩු පක්ෂයෙ මැති ඇමති වරැ පමණයි. ඇත්තටම ඒකපාර්ශිකව මෙසේ සමබරතාවය පවත්වා ගැනිම මහත්වු ආශ්චර්යක් බව අප කමිටුව තිරණය කලා...
තව ලගකදි විකාශය විමට නියමිත රණවිරැ Real star වැඩසටහන ගෙන බලන්න. ප්‍රධාන රණවිරැවා හිරේ සිටියදි මෙවැනි වැඩ සටහනක් පැවැත්විම පුදුම සහගතයි. මේ සියල්ල මෙසේ තිබියදිත් විපක්ෂ නායක ලොකය වටා සංචාරය කරමින්, දෙවැනි පෙල නායකත්වය රෙද්ද බැනියම සොයමින්, දයාසිරි ජයසේකර Mega star SMS හොයමින් කාලය ගතකරනවා. මේ සියලුම කරැණු අනුව ලංකාව පමණක් නොව එහි වෙසෙන පාලක පක්ෂය මෙන්ම ජනතාවද අශ්චර්යමත් බව තිරණය කිරිම සාධාරණයි..
ප්‍රශ්ණය: හොදයි බුස් මහතා මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
පිළිතුර:
ඔව් මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව, ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ලෙස සදහන් කරන්න පුලුවන්. එලියෙදි සිසුන් විවේචනය කරනා,ඔවුන් අත්අඩංගුවට ගන්නා හා පුද්ගලික විශ්ව  විද්‍යාල වෙනුවෙන් පක්ෂව දර දිය අදින උසස් අධ්‍යාපන  ඇමති වරයා රජයේ විශ්ව  විද්‍යාල තුලට ගොස් ඔවුන් ගෙන් පුද සත්කාර බලාපොරොත්තු විම හරිම අද්භුත ජනකයි!! එසේ නොලැබි ''හු''සංග්‍රහයක් ලැබුන කල, සිසුන් ''හු'' කිමේ වැරැද්දට අත්අඩංගුවට ගැනිම අපට සිතාගත නොහැකි ආශ්චර්යක් වුනා.
එපමණක් නොවේ දරැවන්ට එරෙහිව දෙමව්පියන් උද්ඝෝශණය කරන එකම රට ලංකාව විමද මෙම ජයග්‍රහනය ලැබිමට තවත් එක් හේතුවක්. විශ්ව විද්‍යාල දරැවන්ට එරෙහිව රජරට හා කැලණිය ප්‍රදේශයේ දෙමව් පියන් උද්ඝෝශණය කලා. එපමනක් නොව ශිෂ්‍යයන් 'නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් කාලකණ්නි' ලෙස ඇමතිමද හරිම ප්‍රශංසනියයි.. අප දන්නා ආකාරයට ලංකාවේ සැම දෙනෙකුටම නිදහස් අධ්‍යාපනය උරැමයි. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගත් ඇතැම් පිරිස් අරක්කු පෙරති,මංකොල්ල කති, පාතාලයට සම්බන්ද ක්‍රියාකාරනම් වල යෙදෙත්. නමුත් නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලාගත් විශ්ව  විද්‍යාල සිසුවාද, ඉහත පුද්ගලයන්ට වඩා කාලකණ්නියකු ලෙස හදුන්වා දිම ඇත්තටම ආශ්චර්යයක්...
*********************************************************************
අප ලබාගත් මෙමෙ විජයක්ග්‍රහනය පිලිබද විමල් විරවංශ මහතා සුද්ද සිංහලෙන් පලකල අදහස්, ගම්‍ය සිංහලට පරිවර්ථනය කිරිම පාඨක ප්‍රතිචාර මත පමණක් සිදුවන බව කරැණාවෙන් සලකන්න..
 


 
Read full story

Saturday, October 2, 2010

මේවා දැනගත්තට කවුරැත් කාටවත් දෙන්නේ නෑ|Hide Your Real IP

26 comments
 
ඇත්තම කථාව ඒක තමා, මේවගේ වටින Software  එකක් දැනගත්තහම කවුරැත් කාටවත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඔන්න ඒ සම්ප්‍රධාය බිදහෙලලා Real IP Hider Software  එකක් දෙනවා ප්‍රථම වතාවට..

දැන් ඉතින් Proxy හොය හොය හිටියකාලෙ ඉවරයි. කැමති අඩවියකට යන්න තමන් කැමති ඔනැම රටක IP Address එකක් භාවිත කරන්න පුලුවන්. දැන් ගොඩාක් Blog වල දාල තියන Traffic Counter  වලට කොහොමත්ම අහුවෙන් නෑ. ඒවිතරක් නෙමෙ මේකෙ Patch නෑ, Virus නෑ, Limit නෑ Trail  නෙමේ කෙලින්ම Full Version එකක්....
ගොඩාක් අය IP Hide Software මීට කලින් දිල තිබ්බා එත් ඒ  එකකින් වත් හරියට IP එක Hide වෙන්නේ නෑ. සමහර අය දෙන ඒවා Trail.  මටනම් ඉර හද දෙනව කිව්වත්  Trail නම් එපා.තවත් සමහරු දිපු Patch එකේ Virus.. මමත් දවසක් එහෙම Virus Patch එකක් මගේ Virus grad  එක Disable කරල දාලා  Machine එක On කරගන්න බැරැව මාර කට්ටක් කාල තියනවා. මේකේ එහෙම නෑ මම දැන් මාස 6 ක විතර ඉදන් අපුරැවට පාවිච්චි කරනවා...
වැඩේ තව තහවුරු වෙන්නත් එක්ක මම Photo එකක් දාන්නම් මේවා එහෙන් මේහෙන් ගත්ත ඒවනම් නෙමේ. මේවා සම්පුර්ණයෙන්ම මගේ Machine එකෙන් ගත්තුවා.. photo ලොකුකර ගන්න ඔනනම් ඒක උඩ Click කරල බලන්න..
 
අපේ Real IP එක පෙන්නන අඩවියක් තමා ip2location කියන්නේ මම IP එක Hide කරගෙන ඒ අඩවියට ගියා. බලන්න පෙන්වන හැටි...


 
ඉහත රෑප දෙකේ IP දෙක සසදල බලන්න, එකමයි  නේද? 
මේක මේතනින් Download කරගන්න.

Password : achcharuwa

මේක ගැන මොකක් හරි ගැටලුවක් තියනවනම් පහලින් ලියල යන්න. හැමෝම අදහසක් දක්වල යන්නත් අමතක කරන් එපා....
 

Read full story

Friday, October 1, 2010

පොන්සේකා මරා දැමීමට පෙර|Before Fonseka dies...

21 comments

ජෙනරාල් පොන්සේකා හට බරපතල වැඩ සහිතව වසර දෙකහ මාරක සිරදඩුවමක් නියම විය. මේසමගම ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක ඉදිරි වසර දෙකහ මාර ගතකිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවති. යුධ අධිකරනය විසින් ලබාදි ඇති මෙම තිරණය සංවේදි නායකතුමා ද අනුමත කර ඇති බැවින් ඔහුගේ මන්ත්‍රි ධුරය අහොසි වියාමේ අවධානම් සහිත තත්වයක් උදාවී ඇතිබව නිතිමය ආරංචි මාර්ග පවසයි.

පොන්සේකාට මෙම දඩුවම අත්විමට හේතුව නම්, ප්‍රධාන චොදනා හතරක් යටතේ ඔහු වැරදි කරුබව යුධ අධිකරනය විසින් තිරණය කිරිමයි. අධිකරණයක් විසින් ලබාද්‍දුන් තිරණයක් අභියෝගයට ලක්කිරිම හො වැරදි යයි හුවා දැක්විම මෙම ලිපියේ අරමුණක් නොවන අතර සැබැවින්ම ඔහුට මෙම චොදනාවලට මුහුණ පැමට සිදුවුයේ කවර හේතු නිසාදැයි සලකා බැලිම වටී.

යුධ ජයග්‍රහනයෙන් පසු සිටි විශිෂ්ඨ නායකයා, එකල රජයේ ඇමතිවරුන් පැවසු ආකාරයට ඇමරිකන් යුධ හමුදාවට උවත් නායකත්වය දියහැකි විශිෂ්ඨ නායකයා එකවරම පුස්සෙකු,වැඩ බැරි දාසයකු හා හොරෙකු වුයේ අන්කවර නිසාවත් නොව ඔහුගේ දෙශපාලන ආගමනය නිසා බව සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සිටියානම් තවමත් ලක්ෂ පහ හය පඩි ලබමින්,වාහන 30- 40 තබාගෙන රජයේ සියලු වරප්‍රසාද බුක්ති විදින ජාතික වීරයේක් බව අප මතකතබා ගත යුතුය. මේ සියලු වරප්‍රසාද හා නම්බුනාම අහිමිව යාමට ඔහුකරන ලද පව නම්, ජනාධිපති වරයාගේ ප්‍රතිවාදියා වීමෙන් රාජ උදහසට ලක්වීමයි.

ජෙනරාල් පොන්සේකා දෙශපාලනයට පැමිණිමට කිසිදු බලාපොරොත්තුව කින් නොසිටි පුද්ගලයකු බව ඔහු ගේම ප්‍රකාශ වලින් තහවුරැවී තිබුණි. වරෙක ඔහු පැවසුවේ තමා දෙශපාලනයට අකමැති බවයි. එලෙසම හමුදාවෙන් විශ්‍රම යාමෙන් පසු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තනතුරක් ජනාධිපති තුමා විසින් පවරන්නේ නම් සතුටින් බාරගන්නා බවද ප්‍රකාශකර තිබුණි. නමුත් හදිසියේම පොන්සේකාගේ තිරණය වෙනස් වීමට බලපෑවේද ජනාධිපති වරයාගේ ක්‍රියාකලාපය බවද බොහොදෙනා දන්නා කරැණකි..

රාජපක්ෂ ජනාධිපති වරයා දක්ෂයකි, දේශපාලන සට කපට කම්වලින් අග්‍රස්තය. ඔහුගේ දක්ෂකම් කොතෙක්ද යත් ඔහු දෙකඩ නොකෙරු පක්ෂයක් නැති තරම්ය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ J.V.P හා ජා.නි.පෙ ලෙස දෙකට කඩන ලදි. ඉන්පසු නැවත ජා.නි.පෙ දෙකඩ කර පියසිරි විජයනායක, නන්දන ගුණතිලක ඇතුලු පිරිසක් නිදහස් පක්ෂයට ගන්නා ලදි. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරිමෙන් නොනැවතුනු ඔහු එය නැවත කොටස් කර, හතරට පලන ලදි. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් දැන් ආණ්ඩුවේය. පක්ෂය තුලද විවිධ කල්ලි ස්වාධින කන්ඩායම් බිහිවි ඇත. T.N.A එක හා මුස්ලිම් කොන්රසයටද සිදුවුයේ මෙම තත්වයමය. ඔවුන්ගේද පිරිස් දැන් ආණ්ඩුවට පැමිණ දෙශප්‍රේමීන් වි ඇත. ඔහුගේ එකල සිටම පවතින පුරැද්ද නම් වැඩකරන පුද්ගලයන් පලවා හැරිමයි 2005 ජනාධිපති වරණයේදි ජනාධිපති තුමා දිනවීමට දරදිය ඇද වෙහෙසවු මංගල සමරවීරගේ පුකට පයින් ගසා එලවා දැමීය.අනුර බණ්ඩාරනායක එලවිය. මෙම තත්වය ජෙනරාල්ටද පොදු වීම අරැමයක් නොවේ..ජෙනරාල්ට වහාම හමුදාපති දුරයෙන් විශ්‍රාමයාමට සිදුවිය. එලසම ඔහුට ක්‍රිඩා හා පොදුවිනෝද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දුරයක් පිරිනමා රටම හිනස්වන ලදි....

නමුත් මෙහිදි ජෙනරාල්ට වැරදුනු තැන වුයේ ඔහු ජනාධිපති වරයාට අභියෝගකිරිමට යාමය. විධායක ජනාධිපති වරයකුට අභියෝගකිරිමට යාම එසේ මෙසේ වැරද්දක් නොවන බව ඔහුට නොතේරෙන්නට ඇත. ඒ සමගම ආණ්ඩුවේ පච වාහිනි ඔස්සේ දිගින් දිගටම ඔහුට අපහාස එල්ලවිය. වීරයා හොරෙකු විය, හොරා සල්ලාලයකු විය සල්ලාලයා දේශද්‍රෝහියකු විය දේශද්‍රෝහියා පොන්සේකා විය. ජනාධිපතිවරණ සමයේ පචවාහිනි වල ගිය චිත්‍රපට පවා අපුරැ ඒවා විය. ඉඩි අමීන්ගේ චිත්‍රපට නැවත නැවත විකාශය විය. උදේ ගියඑක දවල් යති, දවල් ගියඑක රෑත් යති එපමනකුදු නොව මේරට සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත් ''කොපි කඩේ'' පවා හිරිකිතයකින් තොරව දේශපාලනීකරණය කරන ලදි. ජනාධිපති වරණ සමය තුල උදය ගම්මන් පිල, චම්පික රණවක, විමල් විරවන්ශ වැනි 'එහෙයියන්' තම බිරින්දෑවරැන් සමග රැයක් ගතනොකල තරම්ය.ඔවුන් සිය සම්පුර්ණ කාලයම රෑප වාහිනි මාධ්‍ය ආයතන තුල, මාධ්‍ය සාකච්චා පවත්වමින් ජනතාවගේ මතය හිරිවැට්ටිමේ කාර්යයෙහි නිරත වනු දක්නට ලැබුණි.

ඔවුන් පවසන අන්දමට යුධ නායකයකු දේශපාලන නායකයකු විම කිසි සේත් සුදුසු නැත. එය බලවත් පාප කර්මයකි. එය අසන විට ලෝකය පුරා සිටි යුධ නායකයන් දේශපාලන නායකයන් වු අයුරැ ලියුම්කරැගේ සිහියට නැගේ.දෙවන ලොක යුද්ධයේ දි මිත්‍රපාක්ෂික හමුදාවට අණ දුන් ජෙනරාල් අයිසන් හවර් ඇමරිකාවේ ජනාධිපති විය. හමුදාවේ සිටි චාල්ස් ඩිගොල් ප්‍රංශය පාලනය කරන ලදි. හියුගො චාර්වේස් මෙන්ම ජනාධිපති තුමාගේ මිත්‍රයකු වන කර්නල් ගඩාබි අපුරැවට ලිබියාව පාලනය කරති..නමුත් පොන්සේකාට රට පාලනය කල නොහැක ඔවුන්ගේ මෙම ප්‍රකාශ වලට හේතුව තාමත් ලියුම් කරැට නොතේරෙන බැවින් එය තේරැම් කරදිම පාඨකයාගේ වගකිම වන්නේය....

මේ සියල්ලෙන් නොනැවතුනු පච වාහිනියක් පොන්සේකාගේ පුද්ගලික ජිවිතය අල්ලා නිෂ්පාදනය කල ''ඇගිලි සලකුණ'' වැඩසටහනක් පවා ප්‍රචාරය කරන ලදි. පසුව මාධ්‍ය මගින් අනාවරනය වුයේ ඒම වැඩසටහන ගණිකාවන් කිපදෙනෙකු යොදාගෙන රෑගත කර ඇති බවයි.මෙමගින් ජනතාවට පොන්සේකා පිලිබද පිලිකුලක් ඇතිවුනු අතර,එමගින් ඔහුට හිමිවිමට තිබු විශාල ඡන්ද ප්‍රමානයක් අහිමි වු බව ලියුම්කරැ හොදාකාරවම දන්නේ,ඔහුගේ ඥාතින් පිරිසක්ද ඒ අතර සිටින බැවිනි..

අවසන් වශයෙන් සංවේදි නායක තුමා අමතමි.අප රටේ 30 වසරක් පැවතුනු යුද්ධය සම්බන්ධව ඔබ ලබාදුන් දේශපාලන නායකත්වයෙහි වටිනාකම ගැන කිසිදු සැකයක් නැත. එය අප ඔනෑම තැනක පිලිගන්නා අතර ඒ පිලිබද මතු පරම්පරාවටත් කියමි, ලියා තබමි.. නමුත් සංවේදි නායක තුමනි! ඔබ තුමාගේ සංවේදි සිත පොන්සේකා වෙතද යොමුකරනු වටිත්වා!. මීට පෙරද ඔබ සංවේදි ලෙස මිනිසුන් දෙස බලා ඇත. එක්තරා ඇමති බිරියක් මිනිමැරැම් දෙකක් කරවීමට වැරදිකරැ වීමේන් ජිවිතාන්තය දක්වා සිරගත වු කල ඔබ තුමා සංවේදි සිතින් බලා ඇය නිදහස් කරන ලදි. ඇමතිවරයේකු කොටි 42 උපයාගත් අන්දම පෙන්වන්නට නොහැකිව ලතවෙද්දි ඔබතුමා සංවේදි බැවින් නිහඩව සිටි. තවත් ඇමති වරයෙකු විදේශරටකදි රජයේ වියදමින් දියණියගේ උපන්දිනය සැමරැවා අපට මතකය. කොප් වර්තාවෙන් එලිවු දුෂණ වලට වැරදි කරැවන් ගැන ආරංචියක්වත් නැත.කරැණා මැතිතුමා මෙන්ම පිල්ලයාන් මැතිතුමාද අද නැගෙනහිරට වි සුවෙන් කල් ගෙවයි. මේ සියල්ලටම හේතුව ඔබගේ සංවේදි කරැණාවන්ත භාවයට පිං සිදුවන්නටය. ඔබ තුමාගේ රාජ්‍යයේ වෙසෙන කුඩා ප්‍රණියෙකු වන මේ ලියුම්කරැ මෙන්ම පසුගිය මැතිවරණයේදි 40 ලක්ෂයකට වඩා වැඩියෙන් ඡන්දය ලබාදුන් මහජන තාවගේද එකම ඉල්ලිම ඔහුට 'ජනාධිපති සමාව' ලබාදි නිදහස් කරන ලෙසයි. එය ඔබ සිදු කරන්නේ නම් ඔබගේ කිර්ති නාමය වැඩිවිමට මෙන්ම ඉහත සදහන් කල ජනතාවගේ නොමද ප්‍රශංසාවට ඔබ බදුන්වනු ඇත...
Read full story