අහිංසකව ඔබේ දෑසේ,
පිරි සිනහව තිබුන ලෙසේ,
නමුදු ගැඹුරැ හද පතුලේ,
විදින දැනෙන දුක කෙතරම්......
තටු සිදුනට සමනලියක,
තටු විතරද අගය ලොවට,
තටු නැතුවට ඔබේ සන්තක,
ඔබ හට සම වෙන කවුරැද?.......
හිතෙයි විටක සියලු බැදිම්,
අතහැර ඔබ නෙලාගන්න,
සිතන එලස,හැමවිට හදවත,
බුද්ධිය මට කථාකරයි.......
නමුදු මගේ මේ බුද්ධිය,
හදවතට පරදි නුදුරැ දිනක,
ඒ බැව් මට හැගේ දැනේ,
ඔබව දකින හැම මොහෙතෙම......
1 comments:
කොල්ලාටත් වැඩේ හරි වගේ :)
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...