Pages

Monday, December 20, 2010

Barn buddy Top secret | BB රහස් සියල්ල එකම තැනකින්




ගොඩක් කාලෙකින් ඉදන් ලියන්න හිටිය Post එකක් මේක.ඒත් මේවගේ දිර්ඝ Post එකක් ලියන්න කම්මැලිකමට නිකන් හිටියේ හොදයි දැන් එකට වෙලාව ඇවිත් කියල හිතුනු නිසා කම්මැලිකම අත ඇරල ලියන්න ගත්තා. Face Book එකේ තියන Barn buddy ගේම් එකගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒත් ඒ ගෙම් එකගැන හැදින්වීමක් සමග සැගවුනු රහස් කිපයක් ඉදිරිපත් කිරිමට මම මේලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

Barn buddy හැදින්වීම...

Barn buddy කියන්නේ Face Book එකේ තියන Game එකක් කියල හැමොම දන්නවා ඇති.මේකෙදි ඔබට කරන්න තියෙන්නෙ ගොවිපොලක් පවත්වාගෙන යාම.ගොවිපොලක් කිව්වට මේක ඇත්තම වගේ ගොවිපොලක්.පැළ සිටවන්න,වතුර දාන්න,පොරදාන්න වගෙම සල්ලි හම්බකරල ඉඩම් සත්තු එහෙම ගන්නත් පුලුවන්.වැදගත්ම කාරනය,තමන්ට තමන්ගෙම යාලුවන් Neighbors ලා විදිහට ඇඩ් කරගන්නත් පුලුවන් නිසා තරගකාරීව සෙල්ලම් කරතහැකි.මේකෙදි හැමොම බලන්නේ යාළුවට වඩා එකකින් හරි ඉදිරියට යන්න.


මේ ගේම් එක මුල ඉදල පටන්ගන්න කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකට ගිහින් ගේම් එක  Play කිරිම අරම්භකරන්න...


B.B Gift යැවිම

Barn buddy Play කරන අය දන්නවා එක් කෙනෙකුට Gift එකක් යැව්වට පස්සෙ ආයි ඊලග Gift එක යවන්න වෙන්නේ පැය 24 ට පස්සෙ.ඒත් කාටද පුලුවන් පැය 24කට එක ගානේ යවන්න, Gift එකකට වඩා වැඩිපුර යවන්න ඔනෙනම් පහත ක්‍රමය අනුගමනය කරන්න

1) මුලින්ම මවුස් එකේ මැදතියන ස්කොල් බටන් එකද මොකද්ද කියන එක Click කරලා වෙන වෙනම Gift  Page 7ක් 8ක් Open කරගන්න..( ඒ බටන් එක Click කරාම අලුත් Page Open වේ)

                       (දක්වා ඇති රෑපයේ ඉහල බලන්න,රෑප අපහැදිලිනම් Click කරල විශාලකර ගන්න)

2) දැන් අදාල Gift ටික එක එක Page වලට Select කරලා,යවන්න ඔන යාලුවගෙනම අර Open කරගත්තු හැම Page එකකටම ඇතුලත් කරන්න.



3) දැන් කරන්න තියෙන්නේ හැම එකම Send කරන එක

ඔන්න ඔය ක්‍රමයට  Gift එකකට වඩා වැඩිපුර යවතහැකි. මේක ගොඩාක් වැදගත් වෙන්නේ Fake එකවුන් වලින් Barn buddy Play කරන අයට,තමන්ගෙ Original එකවුන්ට් එකට Gift යවාගන්න ඔන වුනහම තමා.

ඉක්මනින් Level Up වීමට

මේසදහා කරන්න පුලුවන් වැඩ දෙකතුනක් තියනවා

1) මල් වර්ග වැවීම -මල් වර්ග වැව්වහම XP වැඩිපුර ලැබෙනවා Orchid වලින් 264 ක්, Rose වලින් 240ක්, Daffodil වලින් 206 ක් ආදිවශයෙන් ලබාගතහැකි. නමුත් පොල් වගේ ගෙඩි ජාති වැව්වහම ලැබෙන්නේ XP 47 යි. පේනවා නේද වෙනස.

2) ඉක්මනින් Level Up වෙන්න පුලුවන් හොදම ක්‍රමයක් තමයි Fake එකවුන්ට් එකකින් Weeds & Bugs  Farm එකට ඇඩ් කරගැනිම. එහෙම ඇඩ්කරගන්න Weeds & Bugs Original එකවුන්ට් එකෙන් ගිහින් සුද්ධ කරගන්න.මේක හරියට කරොත් XP දෙසියගානක් හොයාගන්න පුලුවන් එක  Stage එකකදි විතරක්.


ඒ විතරක් නෙමේ ඔබට කැමතිනම් පුලුවන් Fake එකවුන්ට් එකටත් ඔබේ Original එකවුන්ට් එකේ ඉන්න Neighbors ලම ඇඩ්කර ගන්න.ඉට පස්සෙ ඒවටත් Weeds & Bugs දාල Original එකවුන්ට් එකෙන් ගිහින් සුද්ධ කරගන්න.

3) තුන්වැනි ක්‍රමය තමයි මම කරන ක්‍රමය.ඒතමයි ඔබේ Online ඉන්න යාලුවන්ට කියල Weeds & Bugs ඇඩ් කරගන්න ඒවා ඔබ සුද්ධකර ගන්න.ඔනෙනම් එයාගෙ ෆාම් එකට ඔබත් Weeds & Bugs ඇඩ් කරලා එයාට සුද්ධකර ගන්න කියන්න.කොහොමද වැඩේ දෙන්නටම Level Up වෙන්න පුලුවන් එතකොට...

වසා ඇති Farm දිග හැරිම



සාමාන්‍යයෙන් Barn buddy Play කරන අය කරන දෙයක් තමයි තමන්ට දවස් දෙක තුනක් ෆාම් එකට එන්න බැරිනම්, ෆාම් එකේ තියන items වලින් ෆාම් එක වහල දාන එක. (රෑපය බලන්න)


එත කොට ගෙඩි හැදුනත් අනිත් අයට හොරෙන් කඩාගන්න බෑ.දැන් කියල දෙන්න යන්නේ එහෙම වහල තියන ෆාම් එකක් විවෘත කරගන්න අන්දම.

1) මේසදහා පළමුව ඔබේ ෆාම් එකට යන්න. දැන් රෑපයේ දැක්වෙන ආකාරයට Right Click කර Quality එක Low කරන්න.


2) දැන් නැවත වසාඇති ෆාම් එකට එන්න ඊටපස්සෙ නැවත Right Click කර Quality එක High කරන්න.


කොහොමද වැඩේ එතකොට සියලු ෆාම් items අයින්වෙලා ෆාම් එක මේවිදිහට නිරාවරනය වේවි.


හොදයි ලක්ෂගනන් කොයින්ස් වැඩිකර ගැනිම,පහසුවෙන් Credit වැඩිකර ගැනිම සහ බල්ලා සිටියදිම ගෙඩි කඩාගැනිම ඇතුලු තවත් රහස් සමගින් ඊලග ලිපියෙන් හමුවෙමු. මේ පිලිබද ඔබට ගැටලුවක් හෙම තියනවනම් ලියල යන්නත් අමතක කරන්න එපා ඔබට ජය.






















10 comments:

Hasitha Gunasinghe on December 20, 2010 at 1:02 PM said... [Reply ]

කෘසිකරුමේ තමා හැමතැනම වගේ. වවන්නෝ දිනන්නෝ :))

Unknown on December 20, 2010 at 5:26 PM said... [Reply ]

ela..thank you... BB wadikarna lwan karmayak nada

Anonymous said... [Reply ]

mafia wars walath danna


PCW

:මනුවාManuwa: on December 20, 2010 at 6:56 PM said... [Reply ]

එල කිරි..! BARN BUDDY එකේ ක්‍රෙඩිට් ගන්න විදිය ගැන මං ලියපු ලිපියක් මේ සබැදියෙන් කැමති බලන්න පුලුවන්.
http://manubloggers.blogspot.com/2010/11/barn-buddy-credit.html

රත්නේ on December 20, 2010 at 7:10 PM said... [Reply ]

@Hasitha
ඇත්ත කථාව මචං

@MADUKA
මොකක් නැද්ද කියලද මචං උඔ අහන්නේ,lwan කියන්නේ මොකක්ද???

@PCW
එල මන් බලන්නම්

@මනූmanu:
නිමයි මචං,ටිකක් වෙනස් වුනත් මගේ ක්‍රමෙත් ඔයිට ටිකක් සමානයි ඊලග Post
එකෙන් දාන්නම්කො

Anonymous said... [Reply ]

:q

සංකල්ප on December 22, 2010 at 9:49 PM said... [Reply ]

නියම බ්ලොග් ලිපියක් නේ !!!එහෙනම් දැන් ඉතින් බාන් බඩි එලටම සෙල්ලන් කරන්න පුලුවන් !!!

රත්නේ on December 23, 2010 at 8:17 PM said... [Reply ]

@මධුරංග
එල මටත් request එකක් එවපන්

Anonymous said... [Reply ]

shalikaashan@yahoo.com matath request ewapalla

#sirkinna on April 13, 2011 at 10:16 PM said... [Reply ]

එල මචන් එල.මමත් ඕක ගහල දවස් දෙක තුනක් යද්දී එපා වෙලා පූල් ලයිව් මාස්ටර් ගහන්න පටන් ගත්තා.හැබැයි දැන්නම් ආයෙත් ගහල බලන්න ඕනි. :q

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...