කරන්න තියෙන්නෙ නම් බොහොම පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම තියෙන්නේ..
''මා ගාව සල්ලි නෑ ඔයි…''
කියල කියන්න විතරයි.
ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර් කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට කිව්වයි කියලා කාරියකුත් නෑ ගමේ හොටල්වල වගේ තරුපංතියේ හොටල්වල වලං පිගන් හොදන්න දෙන එකක්යෑ… එයාල කෙලින්ම කථා කරන්නේ පොලිසියට….
මැනේජරුත් පොලිසියට කථාකරයි. පොලිසියට කථා කරාකියල බයවෙන්න ඔනද?? කොහෙත්මනෑ ඔබට කරන්න තියෙන්නේ ඔබව අල්ලන් යන රාලහාමි අතේ අර රුපියල් 100 මිට මොලවන එක විතරයි..
කොහොමද වැඩේ!!! රුපියල් 100ට තරුපංතියේ කෑම වේලක්..
අවවාදය: විදේශයන් හිදි අත්හදා බැලිමට යාමෙන් වලකින්න…
18 comments:
රුපියල් සීයෙ පගා ගත්ත කාලෙ ඉවරයි මහත්තයො. සීනි බෝල කන්නත් බැහැ රුපියල් සීයෙන්
:S
මේ දවස්වල රුපියල් සීයක් හොයන්නාත් අමාරුයි . මචං රත්නේ උඹ ඕක කරල බැලුවද ? නැත්තං උඹ ඔයවැඩේ කරන්න ගිහිං ඇනගෙන අපිටත් වැඩේ දෙන්න යනාවද ?
ලෑජ්ජා නෑති කෑමක් නෙ ඔක ඔයිට හොදා පු.... ලේවකෑවනම්
@Dhayal Bathee
අ..හ් රුපියල බල්දුවෙනවා ඉවසතහැකි මචං,රුපියල් 100ත් බාල්දුවෙද්දි ඉවසන්න බෑ ඔන්...
@හිස් අහස
මේක ටක්කෙට හරියනවා,කිසිදේකට බයවෙන්න එපා මචං මමනම් කරලනෑ ඒත් කරපුඋන් ඉන්නවලු බං...
@Ano..
හෙ.. මාර වැඩේ!!! මට මේ හිස්තැනට එන අකුර හිතාගන්න බෑනේ..
ලොල් :c :c :c
කරලම බලන්න ඕනේ. තරු පහේ හෝටලයකින් කන්න ලැබෙනවා කියලා කියන එකත් ලොකු දෙයක් නේ.
බැරි වෙලාවකවත් පිගන් හොදවන්න ගත්තොත් මොකද කරන්නේ ?
අත්දුටුයි ප්රත්යක්ශයි නම් විශ්වාස කල හැකි..යාලුවෝ කිව පලියට කෝමේයි..
විදෙස් රටක බැහැ කියපු එක නම් අගේ කරනවා..නැත්නම් පව් අහිංසකයෝ.
ගුඩ් අයිඩියා. හැබැයි නමයි.. ලිපිනයයි ඉල්ල ගෙන බිත්තියෙ ලිව්වොත් තම වස ලැජ්ජාව,
@මධුරංග
කියටවත් එහෙම වෙන එකක් නෑ.පිගන් හොදන්න ගිහින් පිගන් දෙකතුනක් බිදලා,හැන්දක් එහෙම සාක්කුවේ දාගෙන ගියොත් කාටද පාඩු.... :c
@නිම්ශා
හි හි..කරලම බලල ප්රත්යක්ශය කරගන්නකෝ.. :k
@nihal
පිස්සුද මල්ලි,එහෙම නම් ලිපින ලියනවනම් අපේ උන් හැමදාම කාල මාට්ටුවෙලා ඔය බිත්ති කැටපත් පවුරක් කරයිනේ... :s
පට්ට
ja-ela police tanam sgarat aran udanath athii.....80 itrui
හොඳට ඇඟපත තියෙන .. හොඳට ගුටි එහෙම[කෑමට අමතරව] කන්න පුලුවන් එවුන්ට නම් අත්හදා බලන්න හොඳයි .... අපි වගෙ එව්වො ගියොත් ඉතින් සුං තමයි.
මගෙ යාලුවො දෙන්නෙකුට එහෙම වුණා... ඔයගොල්ලො දන්නවනෙ අර බීච් වාඩිය කියන එක. අන්න ඒකෙදි.
:t අත්දැකීමෙන්ද කොහෙද කියන්නෙ... හි හි :c
බැරිවෙලාවත් මැනේජරයා පොලිස්කාරයට 101ක් දුන්නොත්.....
@MADUKA
ලියල තියන එක මට වැඩිය තේරෙන්නැනේ.කොහොම උනත් ස්තුති කමෙන්ට් එකට
@kumaraya
හි හි.. හරි සුන්දර අද්දැකිමක් ලැබෙන්ඇති එදා නේද?ඒකතමා කියන්නේ ඔයවගෙ වැඩවලට යන්න ඔන තරුපංතියෙ හොටල්වලට,එයාල ගහන්නෑ. හොටලේ නමට හොදනැනේ නැත්තම්....
@තාරා
:o :o :o :O :O :O
@හරි
එහෙම උනොත්නම් සොරි.කොම් කියල මටත් හිතෙනවා හි හි..
:f එල එල
කෝකටත් අතේ තියෙන රුපියල් 100 න් වෙන මොනවා හරි කන එක ඇඟේ පතේ සෞඛ්‍යයට ගුණදායකයි කියලා තමා මට නම් හිතෙන්නේ :c
හදිසියෙවත් ගුටි කන්න උනොත් උඹ වග කියනවද .....
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...